ගැටබරුව දේවාලය.


ගැටබරුව දේවාලය.

මාතර දිස්ත්‍රික්‍කයේ නැගනහිර දෙසට දෙනියාය  පිහිටනවා. දෙණියාය මුහුදු මට්ටමෙන් මිටර 500-  600 කට ආසන්නවයි ස්ථානගතවන්නේ. දෙණියාය – ගාල්ල ප්‍රධාන මාර්ගය සමීපයේ කොටපල ග්‍රාමීය නගරය ට නුදුරුව ගැටබරුව රජමහා විහාරය පිහිටා තියෙනවා. ගැටබරුව රජමහා විහාරයේ සුන්දරවු කදුගැටය මතට ගොඩ නැංගාම එක් පැත්තකින් සිංහරාජ වනාන්තරයත්  අනෙක් පැත්තකින්  රක්වාන කදු වැටියත්   මොරවක් කොරළයේ කදුකර ප්‍රදේශයත් පේන්නේ හිතාගන්නත් බැරි අපුරු රටාවකට.(http://www.miduma.blogspot.com/ ” සුලං කුරුල්ලෝ මහමින් ඉගිල්ලී වීඩියොවේ දර්ශණ බලන්න )

ගැටබරු රජ මහා විහාරය වටා ගෙතෙන කතා ඓතිහාසිකයි. ඒ ඓතිහාසික කතාවන්ට එහා යමින් දේව කතා සහ ගැටබරුව වටා ගෙතුන සාහිත්‍යමය කතාත් තියෙනවා.

වලගම්බා රජතුමා ‍(ක්‍රි.පු. 88-76)  සතුරු කරදර නිසා කලක්  ශ්‍රී ලංකාවේ තැනින් තැන ගොස් බොහෝ ස්ථානවල සැගවි වාසය කරලා තියෙනවා. සබරගමුවේ  විවිධ ස්ථාන වලත් ඌවේ විවිධ ස්ථානවලත් එතුමා නමින් ඉදිවු වෙහෙර විහාර බොහොමයක් තියෙනවා.රුහුනේ එතුමාගේ මුලිකත්වයෙන්  ඉදිවු එක් ස්ථානයක් ලෙස ගැටබරු රජ මහා විහාරය හදුන්වන්න පුළුවන්.

කලක් වන ගතව පැවති ගැටබරුව පුද බිම යලි සොයාගෙන සියවස් දෙකක් වත් තවම ගතවී නැහැ.

ඒ පිළිබදව පුචලිත ජන කතාවක කතා නායකයා වන්නේ කොටපල  කෙසෙළ් කොරටුවෙ ගෙදර පදිංචි එලියස්හාමි .

එලියස්හාමි  හේන් ගොවිතැන් කරන්න තෝරාගත්තේ මේ ගැටබරු කන්ද. හේන් හදලා වගා කටයුතු රැකගෙන ඉන්න  එලියස්හාමිට  එක දවසක විශාල ගෝනෙක් ඇහැ ගැහෙනවා. මේ  ගෝනා පිටු පස අඹා ගෙන ගිය එළියස් හාමි ගෙන් බේරෙන්න ගෝනා දුවලා ගිහින්  ගල් ලෙනක් අස්සේ හැංගෙනවා.  දඩයම සරු කරගන්න ගල්ලෙන ඇතුලට පිවිසි  එලියස් හාමි දකින්නේ දහ අට රියන් සැතෙපන බුදුපිලිම වහන්සේ නමක්.

මේ ආරංචිය ගමට ගෙනා එලියස්හාමි ගම්වාසීන් සමග මේ ස්ථානය පුද බිමක් පත්කිරීමට මුල්ම දායකයා බවට පත්වනවා.

පසුකාලයේ  මෙම පුද බිම විහාර භූමියක් බවට පත්කර ඇත්තේ වීරසිංකන්දේ සුමංගල හිමියන්ට පුජා කිරීමෙන්. එලියෙස් හාමිට ගැටබරුව නෙත ගැටී ඇත්තේ ක්‍රි.ව 1834  වසරේ බව සදහන්.

දේවාල ඇතිවන්නේ දෙවි වරුන් වෙනුවෙන්.

රජරටට මහසෙන් දෙවි කෙනෙක්වු වා සේම මොරවක් කෝරලයටත් ඓතිහාසික රුහුණේ බටහිරට අධිපතිවු රජ්ජුරු බණ්ඩාරත් දෙවියෙක්ලෙස පිලිගැණිමක් ප්‍රදේශය පුරා පවතිනවා. යහපත උදෙසා ආශිර්වාද කරමින් අයපහත උදෙසා දඩුවම් කරමින්  රජ්ජුරු බණ්ඩාර දෙවියන් වැඩ වාසය කරන  ගැටබරුව දේවාලය   රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ අනුහසින් පිරී ඇති බවයි පැවසෙන්නේ.

රාජකීය භාන්ඩාගාරය බාරව සිටි අය බණ්ඩාරලා වුවාළු. මෙම බන්ඩාරලා දේවත්වයට පත්වු බවට විශ්වාසයක් සමහරුන් අතර තියෙනවා . රජ්ජුරු බණ්ඩාර දෙවියන් පාතා හාමුදුරුවෝ,  බටහිර දෙවියෝ සහ ගැට බරු දෙවියෝ ලෙසින්ද  හදුන්වනවා.මෙම ප්‍රදේශයේ පිහිටි පිටබැද්දර එළමල්දෙණිය විහාරයේ සහ  නෙළුව රුවන් කන්ද විහාරයේ රජ්ජුරුබණ්ඩාර දෙවියන් හට පුද පූජා පවත්වනවා.

මෙයින් තහවුරු වන කරුණක් තමයි එතුමා ප්‍රාද්ශීය පාලකයෙක් වශයෙන් එකල ජීවත් වු බව.

ගැට බරුවට ඒ නම ලැබී ඇත්තේ බැතිමතුන් පඩුරු ගැට ගසා බැහැර වන නිසා යයි කතාවක් තියෙනවා.

එහෙම නම් එලියෙස්හාමි මේ කන්චට යන්න ඉස්සෙල්ලා වෙනත් නමකින් හැදුන්වුවාත්ද ?. නැත්නම් එලියෙස්හාමිට ඉස්සරවෙලා ගැටබරුව ගිය අයත් ඉන්න ඇති කියලා  හිතන්න අප‍ට සිද්ධ වෙනවා.

3 thoughts on “ගැටබරුව දේවාලය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න