අලියා සහ අන්ධයෝ .


අපේ රටේ අවුරුදු 31 වැඩි කාලයක් පාලක පක්‍ෂය වශයෙන් සහ 1948 – 2011 දක්වා අවුරුදු 63ක කාලයක රාජ්‍ය පාලනයත් සමග බද්ධව සිටි  එක්සත් ජාතික පක්‍ෂය අලියාගේ තරම නොදන්නා අන්ධයන් පිරිසකගේ හැසිරවීමට පත්ව ඇති බව සටහන් කරමින් මේ වියමනට පිවිසීමට සිදුව ඇත.

තනි දේශපාලන පක්‍ෂයක් ලෙස අදත් බහුතර අනුගාමිකයන් පිරිසක් එජාපය තුල සිටින බව වර්තමාන වටු පිරිස නොදන්නා බවක් කරන කියන කාරනා වලින් පැහැදිලි වන එක් කාරනාවකි. නිද්‍රාශිලිව සිටින මේ අනුගාමිකයන් පුබුදුවා ගෙන ඡන්ද පෙට්ටිය පුරවා ගන්න මේ පිරිසට ක්‍රම වේදයක් නොමැත. ඒ වෙනුවට පක්‍ෂ අභ්‍යන්තරයේ කුලල් කා ගෙන තව තවත් තම අනුගාමිකයන් කලකිරවා ගන්නා බව දවසින් දවස හිස් කර ගන්නා ඡන්ද බැංකුව දෙස බලන විට අපට නම් පැහැදිලි වන්නේය.

පෙර පැවැත්වූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී 27.7% ක්‌ ද මහ මැතිවරණයේදී 34% ක්‌ ද ලෙස එජාපය ලබාගත් සමස්‌ත ඡන්ද ප්‍රතිශතය සටහන් වී තිබිණි. මෙවර පළාත් පාලන ආයතන 65 ක්‌ සඳහා පැවැති මැතිවරණයෙන් ලබාගත් සමස්‌ත ඡන්ද ප්‍රතිඵලය වූයේ 22% කි. මෙම ප්‍රතිපල උතුර මැතිවරණ බල ප්‍රදේශත් අයත් නිසා පෙර පැවත්වු පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ලැබු 27.7% හා සමාන ලෙස උපකල්පනය කල හැක.

නායකයා කවුරු වුවද ආසන සංවිධායකය දක්වා එකා මෙන් වැඩ කරන පිරිසක් ඇත්නම්  ඕනෑම සංවිධාණයක් ජව සම්පන්න වේ යයි සිතන කඩුල්ල එක්සත් ජාතික පක්‍ෂයට අද නැත්තේ එවැනි පිරිසක් යයි කරන තක්සේරුව නිවරදි වනු ඇත. සජිත් පිල හෝ රනිල් පිල විසින් එම වැරද්ද නිවරදි කරනවා නම් අනාගත එක්සත් ජාතික පක්‍ෂය ගොඩ නැංවෙනු ඇත . ජනතාවගේ නායකත්වය බලහත්කාරයෙන් ලබා ගත නොහැක. එය ඉබේම ලැබෙන්නක් යයි සිතන කඩුල්ල ජනතා මනස පෙල ගැසී  පුද්ගලයින් නායකත්වය කරා තල්ලු කරගෙන යන බවත් නායකත්වයට පත්වන්නෝ  ජනතාව සමග ජනතා විඥානය හදුනා ගෙන බෙදා ගත් අය බවත් කඩුල්ල සිතන්නේය.

එක්සත් ජාතික පක්‍ෂය පසුගිය 30 අවුරුදු  ත්‍රස්තවාදය සමනය කිරීම සදහා අනුගමනය කල ප්‍රතිපත්තිය ජනතාව පිලිගත්තේ නැත.        ජනතාව කළකිරවන පිලිවෙතක් ජනතාව මත බලහත්කාරයෙන්  පටවන්න උත්සහා ගත්තේය.  එම කැලල මකාලන්නට වර්තමානයේ  ආණ්ඩුවත් සමග කටයුතු කල යුතුව ඇතත් එම උපදේශක තත්වය ඇති නොකර ගන්නේය. ඒ වෙනුවට ආණ්ඩුව අසීරු තත්වයට පත්වෙනවිට “ ඇද්ද තමුසේට – ඔය උනා මදි “ පිලිවෙතක කතා වේදිකාවේ දිය කර හරින්නේය. දෙමළ ඩයස්පෝරාව ජාත්‍යන්තරයේ කරනා වින්නැහියෙන් අපි විපක්‍ෂයේ යැයි කියා සතුටු විය නොහැක. අපි මෙවන් අවස්ථාවක ශ්‍රී ලාංකිකයෝ විය යුතුය.

ඉන්ධන වලට වතුර දමා විකුනන විට,  ආණ්ඩුව විජ්ජා පෙන්නා පොකට්ටුවට විදින විට  ආණ්ඩුව ගෙදර යවන්න මං පෙත් විවර කිරීමට ජනතා අවධාණය යොමු කර යුතුය. වර්තමානයේ එක්සත් ජාතික පක්‍ෂයෙන් මේ දෙකම කෙරෙන්නේ නැත.   එජාපය ඇදවැටීම නතර කර ගන්නට නම් මුලින්ම කළ යුත්තේ පක්‍ෂයේ සමඟි වී ජනතාව සමග එකට හිද ගැණිමය.  නමුත් අද එජාපයේ සිටිනා සමහර කල්ලිවලට අවශ්‍ය වී ඇත්තේ පක්‍ෂයේ සමගිය නොව තමන්ම පක්‍ෂයේ නායකයා වීමටය.

පාලනයට එන්නට පෙර අඩු තරමින් ශක්තිමත් විපක්‍ෂයක්  විය යුතුය. එවිට ජනතා අවධාණය නිතැතින්ම ලැබෙනු ඇත. ජනතා අවධාණය  සමග හිට නොගැණීම හේතුවෙන් තම අති විශාල ඡන්ද බැංකුව මහින්ද මහත්තයාගේ ගිනුමට බැර කරමින් කරනා විකාරයෙන් රටටත් කරන්නේ මහත් විනයක් බව මේ වටු රැලට තේරෙන්නේ නැත.

3 comments on “අලියා සහ අන්ධයෝ .

  1. මාමේ ඔය ශ්‍රී ලංකා කාරයොයි UNP කාරයොයි කියන්නේ එකම කණ්ඩායමක්.උන් වෙන්කරලා දක්කවන්න පුළුවන් ලියාපදිංචියෙන් විතරයි.ඉතින් ඌකුන්ව නැකිට්ටනේ මොකටද ?තවටික දවසකින් ඔය දෙකම ඇතුලෙන් පුපුරලා යයි.

    • අනාවැකිය නම් හරියයි. එකක පීඩනය බලය නිසා එලියට එන්නේ නෑ. අනික් එක යම් කිසි ප්‍රබලතාවයක සිටියානම් ගිණිකෙලි බලා ගන්න තිබුනා. දැන් පැන්නත් වැඩක් නෑ හිටියත් වැඩක් නැති තත්වයක නිසා ඔහොම යනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )