විශේෂ

බදු බර වැඩියි – අපි වැඩ වරලා


අද වෘත්තීකයෝ වැඩ වරලා. රටම නැවතිලා. ඒ ඒගොල්ලන්ගේ අයිතිවාසිකම්. රටේ ජනතාවගේ අයිතිවාසිකම් ලොප් වෙලා. ආණ්ඩුව රටේ ජනතාව අත් අඩංගුවට අරගෙන තවපැත්තකින් වෘත්තීය සංගම් ජනතාව අත්අඩංගුවේ ඉන්න ජනාතාව චප්ප කරනවා.රටේ ආර්ථිකය විනාශ කලේ දේශපාලකයෝ කියලා කියනවා. මෙයට රටට සේවය කරන වෘත්තිකයෝ වගේම ජනතාවත් වගකිව යුතු නැද්ද ?. ගැමුණු කුමාරයා කිරිබත් කෑවා වගේ අතත් පුච්චගෙන කටත් පුච්චගෙන ගලනාලය දිගේ උණු උණු කිරිබත් බස්සන්නේ නැතිව බත නිවෙනකම් ඉදලා කන්න තරම් අපිට ඉවසිල්ලක් නැහැ.

 මේ PAYE TAX එක නැවත සලකා බලන්න කියලා වෘත්තිකයෝ ඉල්ලීම් කරනවා. මුදල් අමාත්‍යංශයට ඇහෙන්නේ නැහැ. බදු කොයිතරමක් හැංගිලා ඉදගෙන අපිව සූරා කනවද කියලා හිතා ගන්න සීනී කිලෝ එකක, සබන් කෑල්ලක ඉදන් වාහනයක මිල දක්වා විශ්ලේසනය කරලා බැළුවොත් හිතා ගන්න පුළුවන්. ඒ මදිවට වැටුප මතත් බද්දක් ගහන කොට ඉවසන්න බැහැ. අද ලක්‍ෂයක් කියන්නේ සුළු මුදලක් !.

Prof. Aruna Shanthaarchchi මහතාගේ ලිපියක් මට අන්තර්ජාලයෙන් හමුවුනා. නිවිහැනහිල්ලේ කියවන්න  පහලින් පල කරනවා.

# Profit එකයි salary  එකයි කියන්නෙ සංකල්ප දෙකක්…ලොකේ කිසිම  Tax policy  එකක මේ දෙක එකක් හැටියට සලකන්නේ නෑ..  Profit එක කියන්නෙ සියලු වියදම් අඩුකලාට පසුව අතට ලැබෙන ශුද්ධ ලාභය..ව්‍යාපාරිකයන්ගෙන් මේ  tax  අය කරන්නෙ ඒ ශුද්ධ ලාභයෙන්. එ නිසාම ව්‍යාපාරිකයො කරන්නේ සියලු වියදම් එකතුකර ( සැබෑ වියදම් වලින් පරිබාහිර) හැකිතාක් ශුද්ධ ලාභය අඩුකර පෙන්වීම..එවිට ඔවුන්  ගෙවන Tax  එක  ඉතා අඩුයි.

නමුත් වැටුප් ලබන අයගෙන් මෙය අය කරන්නෙ දළ වැටුපෙන්..මෙය කිසිම රටක නොකරන ක්‍රියාවලියක්. තාක්ෂණික වශයෙන් ඉතා වැරදි ප්‍රතිපත්තියක්. ව්‍යාපාරික යන්ගේ ආදායම් බද්ද 30% උපරිමය වන අතර වැටුප් ලබන්නන්ගෙ උපරිම බදු සීමව 36% දක්වා වැඩිකිරීම කොතරම් සාධාරණද?. වැටුප හා ලාභය එකක් ලෙස සැලකීම කොතරම් ප්‍රායෝගිකද?

ලංකාවේ  වැටුප් ලබන සේවකයෙක් ගේ දළ වැඩුප නෙමේ වැදගත් වෙන්නෙ. ඔවුන්ගේ වර්තමාන ජීවන රටාව, වියදම් කිරීමේ හැකියාව, තීරනය කරන්නේ ශුද්ධ වැටුපෙන්..ඒ කියන්නෙ අතට ලැබෙන වැටුප. අපේ රටේ රාජ්‍ය සේවකයෙක් ගේ ශුද්ඩ වැටුපෙ සාමාන්‍ය වන්නෙ දළ වැටුපෙන් 40% සීමාව..මොකද අපේ වැටුප කියන්නෙ බොන්ඩ් එකක්..එක අපි ඇපේට තියල තමා,  ඉඩම්, ගෙවල් දොරවල්, යාන වාහන සියල්ල මිලදී ගන්නෙ..ඒ කියන්නෙ දළ වැටුපෙන් 60% පමණ විවිද වූ ණය සදහා මාසිකව අපි ගෙවනවා.

එහෙම නම් අපිට ඉතුරු වෙන 40%න් තමා අපි මේ Tax   එක ගෙවන්න වෙන්නෙ..එක කොහොමද අපි ගෙවන්නෙ. මිට පෙර අපි ලබාගත් ණය අපි ගෙවිය යුතුමයි. එතකොට Tax  එක ගෙවන්න වෙන්නෙ ණය වෙලාද?

මාසිකව රුපියල් ලක්ෂ 5ක දළ ආදායමක් උපයන පුද්ගලයෙක් හිතන්න..ඔහුගේ අතට එන ගුද්ඩ වැටුප සාමාන්‍ය‍යෙන්  රුපියල් ලක්ෂ 2ක් විතර. එත් ඔහුගේ  PAYE tax එක වෙනවා මාසෙකට රුපියල් 106,499ක්. එතකොට ඔහුට ඉතිරි වෙන්නෙ මේ දක්වා අතට ලැබුනු වැටුපෙන් හරි අඩකටත් වඩා අඩුවෙන්..එහෙම නම්  එක සාධාරණද?..ඔහු ජීවත් වෙන්නෙ කෙසේද

1776 Adam Smith ගේ The Wealth of Nation පොතින් හදුන්වාදුන් Tax  එකක තිබිය යුතු මූලික ගුණාංග වන Fairness, Ability to pay  වන සංකල්ප අමු අමුවේ මරා දමන්නේ නැද්ද?…

 රටක  උද්දමනය 60% ඉක්මවා තියන වකවානුවක, 2019, ඩොල්‍රර් එකකට රුපියල් 178 ගෙවා, එය 2022 රුපියල් 363 දක්වා රුපියල බාල්දු වූ වකවානුවක, පොලී අනුපාතිකය 30% මට්ටමේ තිබෙන වකවානුවක, රටේ දළ දේශීය නිෂ්පාදිතය  minus 8.3   වී එක පුද්ගල ආදායම පිරිහෙන අවස්තාවක, ලොකයේ කිසිම රටක්   PAYE tax එක 400% කින් වැඩි කිරීමට යෝජනා කිරීම මොන තරම්  අතාර්තික ‍යෝජනාවක්ද?.

මේ පාලකයින්ට හැගීම් දැනීම් ඇත්තේම නැද්ද?..

 බදු අයකර ගැනීමේ ආර්ම්භය ලෙස  දළ වැටුප රුපියල් 100,000 සීමාව යෝජන කිරීම මොනතරම් ප්‍රායෝගිකද?. අද වනවිට ලොකයේ දිලිදු කමේ මායිම ව්න්නේ දිනකට ඒක පුද්ගල ආදායම ඩොලර් 2ට වඩා අඩු මට්ටමයි. ඒ අනුව ලංකාවේ 5 දෙනෙක් ඉන්න පවුලක  දුගී බවේ සීමාව වන්නෙ මාසයකට රුපියල් 111,000 පමණවේ (මේ ප්‍රතිපත්තිය හදුන්වා දෙනවිට විනිමය අනුපාතිකය අනුව). එසේ නම් මේ  PAYE tax   අයකරන්න පටන් ගන්නේම්   Poverty line   එකට වඩා අඩු ජන කොට්ටාශ වලින් වීම මොන තරම් ප්‍රායෝගිකද?..

රංජිත් සියබලාපිටිය කියන පරිදි රටේ මුලු ශ්‍රම බලකායෙන් (මිලියන් 4) මේ PAYE Tax  එක ගෙවන්න වෙන්නෙ 120,925 ක පමණයි. නමුත් රජය අපේක්ෂා කරන මුලු වා‍ර්ෂික ආදායම රුපියල්  බිලියන 100ක්. එහෙම නම් (සියබලාපිටියගේ ඉල්ක්ක) එක් පුද්ගලයෙක් ගේ වාර්ෂික බදු ගෙවීමේ සාමාන්‍ය රුපියල් 826,958ක් වෙනවා..මෙය ප්‍රායෝගිකද?.

රංජිත් සියබලා පිටියගේ දත්ත අනුව (ඔහු පාර්ලිමේන්තුවේ ප්‍රකාශකල) රුපියල් ලක්ෂ දෙක හමාරට වඩා අඩුවෙන් වැටුප් ගන්නා ප්‍රමාණය 109,783ක් වන අතර ඔවුන්ගෙන් අය කරගත හැකි බදු ප්‍රමාණය රුපියල් බිලියන 11 පමණ් වේ. ඉතිරි රුපියල් බිලියන 81 ප්‍රමාණය අය කරගත යුත්තේ, 11,142ක් වන, මාසික ආදායම, රුපියල් ලක්ෂ 3 ඉක්මවු සේවක පිරිසෙනි.

මෙය මොන විකාර කතාවක්ද?.. මේ පුරෝකථන සියල්ල නිවරදි විය යුතුය. මේ ඉලක්කම් ගැන නැවත සිතා බැලිය යුතුය.

2022 ක සාපේක්ෂව 2023,   PAYE tax එක 400% කින් වැඩිකිරීමෙ පදනම කුමක්ද?..රටක බදු අදායම ක්‍රමාණුකූලව, රටේ ඒක පුද්ගල ආදායමේ ප්‍රවර්ධනය සමග සිදුවිය යුතුය. නමුත් ඒකපුද්ගල ආදායම පිරිහෙන කාලයක, අධික  උද්දමනීය බලපෑමක් තිබෙන අවදියක මෙලෙස PAYE tax  එක 400% කින් වැඩි කිරීම මොන තරම් ප්‍රයෝගිකද?..

දැනට ආදායම් බදු දෙපාර්තමේන්තුවේ Tax  නොගෙවන ව්‍යව්සායකයන්, 30,000ක් ඇත. පිටු 900ක්  inactive ලිස්ට් එකක් ඇත..මේ අයගෙන් අය කරගත යුතු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 205කි..මේ‍ය අය කර ගැනීමට කිසිදු වැඩ පිළිවෙලක් නැත.

දැනට ආදායම් බදු දෙපාර්තමේන්තුවේ RAMIS  (Revenue Administrative management Information System) පද්දතිය අක්‍රීය වීම නිසා, අය කර ගැනීමට නොහැකි වූ බදු ප්‍රමාණය රුපියල් බිලියන 510කි. රුපියල් බිලියන 10ක් වියදම් කර සිංගපුර් සමාගම හැදු එම පද්දතිය අක්‍රීයව පවති.

 බදු පැහැර හරින්නම් සදහා නඩු කඩිනමින්   ඇදීමට වෙනම උසාවියක් නොමැති නිසා එවා වසර ගනන් ප්‍රමාද වෙමින් පවති. දැනට පවතින ක්‍රමය අනුව  එම නඩු අසන්නෙ වසරකට දෙපාරක් පමණි.

රාජ්‍ය වියදම පාලනයට පැහැදිලි උපාය මාර්ග නොගෙන,   එකේ   ආදායම පමණක්  400%   වැඩිකර ගැනීමට කොතරම් සාධාරනද?..

# 2019, 2000 බදු  අදායම රුපියල් බිලියන 1100කින් අඩුකර ගත්තේ දේශපාලන අරමුනු එලක්ක කරගත් මෝඩ ප්‍රතිපත්තති නිසා මිස ජනතාව බදු නොගෙවූ නිසා නොවේ.කිසිම රටක් zero  මට්ටමේ තිබුනු බද්දක් එකවර 36% දක්වා වැඩිකර නොමැති අතර එය අති අසාධාරණ ක්‍රියාවකි.

දේශපාපාලන හිතවාදීන් වන කැසිනෝ ව්‍යාපාරික‍යින් දෙන්නෙක් ගේ බදු කපා හැරීම නිසා රුපියල් මිලියන 2000ක් අහිමි කර ගත්තා.. අදටත් ඔවුන් බදු ගෙවන්නෙ නෑ. කෝටි ගනන් උපයන කැසිනෝ බ්දු වලින් නිදහස්..ඒත් රාජ්‍ය සේවකයාගෙන් අසාධාරන බද්දක් ?.

සීනි හා පොල්තෙල් බදු කපා හැරීමෙන් අහිමි වූ මුදල රුපියල් බිලියන 26ක්. ඇයි මේවා නැවත අය කරගන්න බැරි?..

මේ ඉලක්ක ගත රුපියල් බිලියන 100 සොයා ගැනීමට හැකි විකල්ප ක්‍රම ගනනාවක් අපි විසින් මුදල් අමාත්‍යාංයට ලිඛිතව ලබා දී ඇති අතර ඒවා සියල්ල ඔවුන් විසින් පිළිගෙන ඇත. අප විසින් ඉදිරිපත් කල උපාය මාර්ග, හෙට සිට වුවද හදුන්වා දිය හැකි අතර ඒ තුලින් මේ    එකෙන් බලාපොරොත්තු වන බිලියන 100 මෙන් දෙගුනයක් ආදායම් උපදවා ගත හැක. නමුත්   මේ වෙලාවෙ මේ ප්‍රතිපත්තිය වෙනස් කලොත් IMF loans   එක නොලැබේ යන බියෙන් අපගේ විකල්පයන් හදුන්වා දීම ප්‍රමාද කරමින් සිටී.

ඇමැරිකානු නිදහස් සටන, ප්‍රංශ විප්ලවය, ඉන්දියානු නිදහස් සටන, ලංකාවේ 48 කැරල්ලට පවා හේතු පාදක වූයේ, අසාධාරන බදු ප්‍රතිපත්ති බව අවසාන වශයෙන් මේ පාලකයන්ට  මතක් කර දීමට කැමැත්තෙමි.

Prof. Aruna Shanthaarchchi

මේ ලිපියේ පුද්ගලික ව්‍යාපාරිකයන් විදින ගැහැට දක්වන්න තරම් කෘතවේදී නොවුවත් රජය අවධානයෙන් සිටිය යුතු බව දක්වනවා මහාචාර්ය අරුණ ශාන්තිආරච්චි මහතාට ස්තුතියි.

පේරාදෙණියේ බුරුමපාලම


පේරාදෙණිය පැරණි බුරුත පාලම
=============================
ශ්‍රීමත් එඩ්වර්ඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා ගේ සැලැස්මට අනුව මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු, එවකට රජයේ ඉංජිනේරුවරයෙකු ව සිටි 37වන රෙජිමේන්තුවේ ලුතිනන් ජනරාල් ජෝන් ෆ්‍රෙසර් විසින් ඉටු කර ඇත. මාර්ග ඉදිකිරීම් සහ සිතියම් ඇදීමේ ක්‍ෂේත‍්‍රයන් හි නිපුණතාවකින් හෙඹි මොහු විසින් මෙම පාලමේ සැලැස්ම නිර්මාණය කර ඇත. ඒ අනුව 1826 දෙසැම්බර් මාසයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර 1933 ඔක්තෝබර් මාසයේ ගමනාගමන කටයුතු සඳහා විවෘත කර ඇත. ඒ සඳහා කම්කරුවන් 1,200ක ගේ ශ‍්‍රමය භාවිත කර ඇත. බ‍්‍රවුන් ගේ මාර්ග සංවර්ධන කි‍්‍රයාදාමයේ දී උඩරට ආරක්‍ෂාව වෙනුවෙන් බලකොටු ඉදිකිරීම සඳහා යොදවා සිටි කම්කරුවන් ගේ ශ‍්‍රමය ලබාගත් බවට ලිඛිත සාධක පවති. පාලමේ සමස්ත ඉදිකිරීම් සඳහා කහ පැහැති බුරුත දැව උපයෝගි කරගෙන ඇත. සම කාලීන ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයේ බහුල වශයෙන් යොදා ගෙන ඇති මෙම දැවවල විශේෂත්වය වන්නේ දැඩි බව, කල්පවත්නා බව, දීප්තිමත් බව, තෙතමනයට මෙන්ම වියළි උෂ්ණත්වයට වඩා හොඳින් ඔරොත්තු දීමේ හැකියාව පැවතීම ය. මෙනිසාවෙන් ම මෙම පාලම ‘බුරුත පාලම’ , ‘දැව ආරුක්කු පාලම’ යන නමින් ව්‍යවහාරයට පත් ව ඇත. ඇතැම් වාර්තාවල බුරුත හා මිල්ල යන දැව දෙක ම වාර්තා කළ බව සඳහන් වේ. ඉදිකිරීම් සඳහා උපයෝගිකර ගත් දැව සියල්ල කොළඹ දී අවශ්‍ය ප‍්‍රමාණයට කපා යතු ගා ප‍්‍රවාහනය කර ඇත.

බ‍්‍රවුන් ගේ උපදෙස් පරිදි ගලින් නිමවන ලද දෙ පස යා බැමි ආධාරක වශයෙන් උපයෝගි කර ගනිමින් තනි ආරුක්කුවක් සහිත ව නිමවන ලද මෙම පාලමේ දිග උඩි 205ක් හා පළල අඩි 22ක් වේ. ආරුක්කුව සඳහා වක‍්‍රාකාර ති‍්‍රත්ව දැව බාල්ක 4ක් (Trible ribs) හරස් අතට (පාමේ පළලට) ඒවා මැදින් මැද අඩි 5ක දුරස්තර බාවයකින් යුක්තව පිහිටන පරිදි යා බැමි හා සම්බන්ධ කර ඇත. දැව බාල්ක ත‍්‍රිත්වය එක්ව ගත් කල උස අඩි 4ක් වන අතර ආරුක්කුව නිර්මාණයේ දී එකිනෙක අතර අඩි 2ක පරතරයක් තබා නිමවීමේ දී ත‍්‍රිත්ව බාල්කයක සමස්ත උස අඩි 8කි. දැවමුවා මාර්ග පථය සමබරව පිහිටන වන පරිදි, මෙම ති‍්‍රත්ව දැව බාල්ක හතර, තිරස්ව සහ සිරස්ව (ගරාදි වැටක් මෙන්) දැව රීප්පවලින් සම්බන්ධ කර ඇත. සමස්ත පාලම ඉදිකිරීම්වල දී එකඳු යකඩ ඇණයක් හෝ කූඤ්ඤයක් භාවිත නොකර දැව කූඤ්ඤ පමණක් භාවිත කිරීම මෙහි ඇති විශේෂත්වය යි. මේ නිසා පාලම අලුත්වැඩියා කිරීමේ දී ගමනාගමනයට බාධාවක් නොවන පරිදි සහ ආරුක්කුවට හානි නොවන පරිදි කොටස් ගලවා ඉවත් කිරීමට සහ වෙනත් කොටස් පිරිද්දීමේ හැකියාව පැවතිණ.

ගංගාවේ පහළ ජල මට්ටමේ සිට රථ මාර්ගයේ මතුපිට (Road way) දක්වා පාලමේ උස අඩි 67ක් වන අතර ආරුක්කුව යටි පැත්තේ මතුපිට දක්වා උස අඩි 57 1/2ක් වේ. මේ නිසා අධික වර්ෂා කාලවල දී ගංගාවේ ජල මට්ටමට වඩා හොඳින් ඔාරාත්තු දී ඇත. 1834 දී ගඟේ ජල මට්ටම අඩි 60 දක්වා ඉහළ ගිය ද පාලමට කිසිදු හානියක් සිදු වී නොමැත. මාර්ග පථය දෙ පස දැවමුවා අත් වැටක් නිමවා ඇත. වත්මන මෙම පාලමේ දෘශ්‍යමාන සාදක කිසිවක් දක්නට නොමැති වුව ද එහි ආකෘතියක් ලන්ඩනයේ දකුණු කිංස්ටන් කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයට තබා ඇත. පාලම ඉදිකිරීම් කටයුතු අවසානයෙන් පසු කොළඹ සිට මහනුවර දක්වා මෙම පාලම මතින් ගමන් කළ ප‍්‍රථම වාහනය වූයේ තැපැල් අශ්ව කෝච්චිය යි. මෙම කෝච්චි සේවය දකුණු ආසියාවේ ප‍්‍රථම තැපැල් අශ්ව කෝච්චිය වීම ද විශේෂ කරුණකි.
පේරාදෙණිය අලුත් පාලම
මහජනතාව වෙනුවෙන් පාලම විවෘත වූ දා පටන් ඒ හරහා ගමන් කරන මිනිසුන්ගෙන් සහ රථවාහනවලින් මධ්‍යම පළාත් රජයේ නියෝජිත විසින් බදු අයකර ගැනීම සිදුකර ඇත. ඒ අනුව 1866 දී උපයන ලද මුළු ආදායම රු. 64,250.00ක් විය. 1867 පළමු වරට කොළඹ – නුවර දුම්රිය මාර්ගය ඉදිකිරීමත් සමඟම ඉපැයූ බදු මුදල් ප‍්‍රමාණය ක‍්‍රමයෙන් පහත වැටුණි. එය වසරකට රු 1,900.00ක් දක්වා පහත වැටුණු බව වාර්තාවල සඳහන් වේ. 1866 සිට මහනුවර මහ නගර සභාව විසින් පාලමේ නඩත්ත කටයුතු බාරව සිට 1881 දී රජයට භාර දී ඇත. නගර සභා වාර්තාවලට අනුව 1887 දී පාලමේ අලුත්වැඩියා කටයුතුවල දී කොන්ත‍්‍රාත්කරුවන් ලෙස messrs middlton company කටයුතු කර ඇත. වසර 71ක කාලයක් භාවිතයේ පැවති බුරුත පාලම ක‍්‍රමයෙන් ගරාවැටෙන ස්වභාවයට පත් වූයෙන් වාහන ගමනාගමනය නතර කරන ලදී. එහෙත් 1904 ඔක්තොබර් 14 දක්වා මගීන්ට පමණක් ගමන් කිරීම සඳහා අවසර ලබා දී ඇත. තවදුරටත් පාලම මතින් ගමන් කිරීම අනාරක්‍ෂිත සහ අවධානම් සහිත වූයෙන් නව පාලමක් ඉදිකිරීමේ අවශ්‍යතාව සඳහා අවධානය යොමු කර ඇත. එහි දී පාලම ගලවා ඉවත් කිරීමට පෙර තාවකාලික පාලමක් ගන්නෝරුව තොටුපොළ අසළ දී ඉදිකර පසුව අබලන් වූ පාලම ගලවා එහි කොටස් ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා ඇත. 1906 නව පාලම වානේ මාධ්‍යයෙන් ඉදිකිරීම සිදුකර ඇත. එහි දී පැරණි පාලමේ යා බැමි දෙක උපයෝගිකර ගනිමින්, ගංගාවේ පළල කොටස් 3කට බෙදෙන පරිදි, ක‍්‍රමයෙන් ඉහළට සිහින් වන සේ කළුගල් සහ සිමෙන්ති කොන්කී‍්‍රට්වලින් කුළුණු දෙකක් (දෙපස යා බැමි දෙක අතර) ඉදිකර කර ඇත. එම කුළුණු ජල මට්ටමේ දී අඩි 38×10 වන අතර ඉහළ මට්ටමේ දී අඩි 28×6ක් වේ. මේවා ජල පිටාර මට්ටමේ දී පාෂාණ මුහුණත් සහිතව සිමෙන්ති කොන්ක‍්‍රීට්වලින් නිමවා ඇත. තව ද මෙම කුළුණු නිර්මාණයේ දී අඩි 35ක් පහළ ජල මට්ටමේ දී පිළිවෙලින් අඩි 11×4 සහ 13×3 අෂ්ටඝ‍්‍රාකාර හැඩැති ද්විත්ව ළිං දෙකක් මව් පාෂාණය දක්වා ගිල්වීම කර ඇත. ආරුක්කුව සඳහා භාවිත වානේ බාල්කවල බර උසුලා සිටීමට ඔරොත්තු දෙන පරිදි මෙම ළිංවල අත්තිවාරම මව් පාෂාණය දක්වා කැන ඇත.

මෙම නව පාලම, ත‍්‍රිත්ව ආරුක්කු සහිතව, පහළ ජල මට්ටමේ සිට උස අඩි 67 අඟල් 9ක් වන සේ යා බැමි හා කුළුණු ආධාරක මත සම්බන්ධ කර නිමවා ඇත. මාර්ග පථය දෙපස අලංකාර සිමෙන්ති කොන්ක‍්‍රීට් අත්වැටක් නිර්මාණය කර අති අතර රැළි කරන ලද වානේ බිම් ගල් සහ පාරට යොදන ගල් තාර (තාර හා ගල් කැට මිශ‍්‍ර කොට පාරවල යෙදීමට ගන්නා ආලේපය) මේ සඳහා භාවීත කර ඇත. මෙහි ඉදිකිරීම් කටයුතු අවසන් කර 1906 සැප්තැමිබර් 11 හෙන්රි බ්ලේක් ආණ්ඩුකාරවරයා ව්සින් ගමනාගමන කටයුතු සඳහා ව්වෘත කර ඇත.

ලිපියේ පූර්ණ අයිතිය නිලන්ති කේ. එදිරිසිංහ
පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ.

උපුටා ගැනිමකි.
ස්තුතියි🙏🙏💐💐
මුල් හිමිකරුට 

See less

රාජාලියා සහ කපුටා


පසුගිය දිනක මුණු පොතේ පලවු කතාවක් කියවුවෙමි. මේ කතාව රාජාලියා සහ කපුටා ගැනය. රාජාලියා හා සටන් කිරීමට කපුටා  බිය නොවේ.අප අතර සිටින සමහර අයත් එලෙසින් රගපාති. අවසානයේ ඔවුන් විවිධ අත්දැකීම් වලට මුහුණ දෙති.

රාජාලියාට සුවිසල්  පියාපත් තිබේ. තියුණු දෙනෙතකි. හොටය මුවහත්ය. සිරුර ශක්තිමත්ය. ඌ ඉහල අහසේ නිදහසේ පියාසර කරයි.  මේ තේජාන්විත කුරුල්ලාට සටනක් දීමට නිර්භීතව ඉදිරිපත් වන එකම කුරුල්ලා කපුටා පමණි. ඒ ඔහු තමා ගැන තබා ගෙන ඇති අධිතක්සේරු මානසිකත්‍වය නිසාවෙනි. කපුටා රාජාලියාගේ  පිට මතට පියාසර කර ලැතුම් ගනී. පිට මත ඉඳගෙන බෙල්ලට කොටමින් ප්‍රහාර එල්ල කරයි.

රාජාලියා ප්‍රතිචාර නොදක්වයි. ඔහු නිදහසේ අහසේ ඉහලට පියාසර කරයි. ඔහුගේ ඉලක්කය අහසේ ඉහලට පියාසර කිරීමයි. ඔහු කපුටා සමඟ සටන් නොකරයි, ඒ සදහා කාලය හෝ ශ්‍රමය නාස්ති නොකරයි. අහසේ තව තවත් ඉහලට පියාසර කරයි.

කපුටාද සටන අත්නොහැර පියාපත් ම ඉදගෙන රාජාලියාට හිරිහැර කරයි. අහසේ ඉහලට යන්න යන්න ඔක්සිජන් හිගවේ. කපුටාට හුස්ම ගන්න අපහසුවේ.  ඔක්සිජන් නොමැතිකම නිසා කපුටා අඩපනවේ. ඉහල අහසේ තමන් පාලන කර ගත නොහැකිව රාජාලියා හා කරන සටන නවතී කපුටා රාජාලියාගේ පිටමතින් කපුටා ඇද වැටේ.

කපුටන් මෙන් හැසිරෙමින් සටන් කරන මිනිසුන් සමඟ ඔබගේ කාලය නාස්ති කිරීමෙන් වලකින්න නිහඩව බලා ඉන්න.

 ඔවුන් ටිකෙන් ටික ඈතට යනු ඇත .අප නිදහස් වනු ඇත ..”

උපුටා ගත්තකි. මුණු පොත

බිත්තර


බිත්තර ගැන මෙතරම් කතා බහට ලක්වුන කාලයක් මට මතක නැහැ;මේ ඔක්කොම හුට පට වෙළද ඇමතිතුමාගේ ආරෝවක් කියලා දවසක ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇහුවා.දේශපාලකයෝ කියන්නේ සමාජ සේවකයෝ පිරිසක් කියලයි මම හිතන්නේ.ඒත් අපේ දේශපාලකයෝ හිත් මමත්වයෙන් පුරවා ගත්ත අය විදියටයි අපි දකින්නේ.දේශපාලනයේදී පෞද්ගලික කරුණු කාරනා තියෙන්න පුළුවන්ද ?.

බිත්තර විටමින් ඒ – 6%ක්, ෆෝලේට් 5%ක්, විටමින් බී 5 : 9%ක්, විටමින් බී 12 : 15%ක්, විටමින් බී 2 : 9%ක්, පොස්පරස් : 9%ක් සහ සෙලනියම් : 22% ක් බිත්තරවල අඩංගු වෙනවා. එයට අමතරව විටමින් ඩී, විටමින් ඊ, විටමින් කේ, විටමින් බී 6 වගේම කැල්සියම් සහ සින්ක්ද බිත්තරයක තියෙනවා. බිත්තරයකින් කැලරි 77ක් සිරුරට එකතුවෙන අතර ප්‍රෝටීන ග්‍රෑම් 5ක් සිරුරට හිතකර මේද අම්ල ලෙස සිරුරට ඇතුළත් වෙනවා. එක් බිත්තරයක තිබෙන පෝෂ්‍ය පදාර්ථ එක්ක ගත්තාම අඩුම මිලකට ගන්න පුළුවන් පෝෂ්‍යදායි ආහාරයක් වෙන්නේ බිත්තර.

බිත්තර වලට පාලන මිලක් පැනවුවා. පාලන මිලට විකුනන්න  සිල්ලර වෙලෙන්දෝ කැමතිවුනේ නැහැ. එයාලට ලැබෙන ලාභය රුපියල් දෙකක් නිසා. නිෂ්පාදකයා පිරිවැය වැඩි නිසා ලාභයක් නැහැ කිව්වා. මහපරිමානයෙන් ගොවිපල පවත්වා ගෙන යන්නන් , බිත්තර රැස් කර අළවි කරන්නන් වෙළද පලට බිත්තර විකුනන්නේ නැතිව මහා පරිමාන ආහාර නිෂ්පාදකයින්ට බිත්තර අළවි කරන්න පටන් ගත්තා. මෙයට හේතුවකුත් තිබ්බා.

බිත්තර නිෂ්පාදනය සදහා කුකුළු පැටවුන් , ආහාර ,බෙහෙත් ද්‍රව්‍ය හිගයක් සහ මිළ අධික වීම නිසා මහා පරිමාන නිෂ්පාදකයෝ තම නිෂ්පාදන පරිමාව අඩුකලා.කුඩා ගොවිපල හිමියන් නිෂ්පාදන පිරිවැය දරා ගන්න බැරිව තම ගොවිපලවල් වසා දැම්මා.

මේ හේතුවෙන් බිත්තර වෙළද පලේ හිගයක් ඇතිවුනා. ඉල්ලුම සහ සැපයුම අතර වෙනස බිත්තර මිළ ඉහල යන්න හේතු වුනා.රජය ඉන්දියාවෙන් බිත්තර ගේනන තීන්දු කලේ මේ වගේ පසුබිමක.

රජය ඉන්දියාණු බිත්තර,  කර්මාන්තකරුවන්ට දෙන්න තීරණය කරලා අහාර නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ වෙළද පල අත්පත් කරගන්නා විට පාරිභොගික වෙළද පලට මෙරට නිෂ්පාදනය කරන බිත්තර ලැබෙයි කියන බලාපොරොත්තුව ඇති කර ගෙන සිටිනවා. ඒ වුනත් පරිභෝජනයට ප්‍රමානවත් බිත්තර ප්‍රමාණයක් මෙරට ගොවිපල වලින් නිෂ්පාදනය වන බවක් දකින්නට නැහැ.  බිත්තර නිෂ්පාදකයාට අවශ්‍ය යටිතල පහසුකම් ඒ කිව්වේ කුකුළු පැටවුන් ,සාධාරන මිලට ආහාර හා ඖෂධ තාමත් ලැබෙන්නේ නැහැ.රජයේ නව බදු ප්‍රතිපත්ති බිත්තරේටත් හරස් වෙලා. කෘෂිකර්ම අමාත්‍යංශයට අනුව  දියර කිරි නිෂ්පාදනය සියයට 19.8කින්, බිත්තර නිෂ්පාදනය සියයට 34.9කින්ද, කුකුල් මස් නිෂ්පාදනය සියයට 12.1කින්ද පහත වැටී ඇති බවයි පැවසෙන්නේ.

එම අමාත්‍යංශයම සදහන් කරන පරිදි  මෙයට හේතුව  සත්ව ආහාර නිෂ්පාදනය නිසියාකාරව නොසිදුවීමයි.ගොවීන්ට බීජ , පොහොර නිසිකලට නොලැබෙන් විට අස්වැන්න බලාපොරෙත්තුවෙන්න බැහැ. මෙයට වගකිව යුත්තෙත් කෘෂිකර්ම අමාත්‍යාංශය. ඇමති දෙපල රෙදි ඇදගෙන නානවාද නැත්නම් රෙදි නැතිව නානවද කියලා හිතා ගන්න බැහැ. එකම මේසෙක විසදගන්න පුළුවන් ප්‍රශ්න එකිනෙකා හමු වෙන්නේ නැති ගානට වේදිකාවේ නැත්නම් මාධ්‍ය සාකච්ඡා පවත්වලා දිග අරිනවා.

ඉන්දියාවෙන් බිත්තර ගෙනවිත් ඉන්දියාවට යන විනිමය ගැන හිතන්නේ නැහැ. අපේ ගොවියට බීජ පොහොර අඩු බදු අයකිරීමකින් සපයලා කුකුල් ගොවිපල හිමියනට පැටවුන් ඖෂධ සපයන්නේ නම් ක්‍රමවත් සැලැස්මකින් මාස කිහිපයකින් බිත්තර දේශීයව නිෂ්පාදනය කර ගත හැකියි. සහල් වලට දැන් ගැටළුවක් තියෙනව ?.කන්න දෙකකින් සහල් ප්‍රශ්නය විසදුනා වගේ බිත්තර ප්‍රශ්නයත් විසදේවි.

වෙළද අමාත්‍ය වරයා එක පාරක යන කොට කෘෂිකර්ම ඇමති තුමා යන්නේ වෙන පාරක.සත්භාවයෙන් කටයුතු කරනවා නම් මේවා ගැටළු නෙමෙයි.බිත්තරයටත් QR නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.