බෝගොඩ රජ මහා විහාරය.


ප්‍රධාන දොරටුවේ උළුවස්සේ කැටයම්.
විහාරගෙය තුල
විහාරගෙය තුල
විහාරගෙය තුල 2
විහාරගෙය තුල 3
විහාරගෙය තුල 4
විහාරගෙය තුල අඹන ලද ප්‍රතිමා

මහනුවර යුගයේ ඉදිකරන ලද පාලමක් ලෙස සැලකෙන “බෝගොඩ පාලම “ සම්පුර්නයෙන්ම දැවමයය නිර්මානයකි. මෙම පාලම පුරා වස්තුවක් ලෙස රක්ෂිතය. ගල්ඇන්ද ඔය හරහා පාලම ඉදිකර ඇත.
ඌව පලාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති හාලිඇල නගරයේ සිට ඇති අතුරු මගෙන් මෙම පාලම ඇති ස්ථානයට ලගාවිය හැක. කොළඹ-බදුල්ල මාර්ගයේ ( A 4 –බෙරගල දක්වා බෙරගල සිට A 16 බදුල්ල දක්වා මහා මාර්ගයේ හාලි ඇල්ල නගරය හමුවේ. )
මහනුවර යුගයේ බදුල්ල – මහනුවර යාකල මාර්ගයේ ඉදිකල අපූර්ව නිර්මානයක් වන මෙම පාලම අසලින් බෞද්ධ සිද්ධස්ථානයක් පිහිටා ඇත.වලගම්බා රජතුමා කලක් සැගවී සිටි ස්ථානයක් ලෙස සැලකෙන ගල්ලෙනආශ්‍රිතව ඉදිවු මෙම විහාරස්ථානය බෝගොඩ රජ මහා විහාරය ලෙසින් හැදින්වේ.

මෙම පාලම දිගින් අඩි පහකි පළල අඩි අටකි. මහනුවර ගෘහ නිර්මාණ ශිල්පය එක් ව ඇත්තේ ශ්‍රි වික්‍රම රාජසිංහ රජ යුගයෙ (1797- 1813 ) ප්‍රති සංස්කරණ කටයුතු කර ඇති නිසා වෙනි.
ක්‍රි.ව 1220 -1270 දඹදෙණිය යුගයේ බෝගොඩ පාලම ඉදිකරන ලදැයි මතයක් සහ ක්‍රි.ව 1747 -1780 නුවර යුගයේ කීර්ති ශ්‍රි රාජසිංහයන් විසින් කරවන ලද පාලමකැයි යන මතයක්ද ප්‍රදේශවාසීන් දරනු ලැබේ.

This bridge is constructed out of wood, and roofed. It is over the Gallanda oya water falls. To reach here you have to take the turn from Hali Ela and proceed along ( A16 ) Mahiyangana Road. This bridge belongs to the 16th century. you have walk down the bridge and the the adjoining temple . –Bogoda Raja Maha Viharaya

කියවන්න.

1 thoughts on “බෝගොඩ රජ මහා විහාරය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න