‍වෙසක් සද අදුර ගිල‍ගෙන.


වෙසක් පුන් ‍පෝදා පෙහෙවස් සමාදන්ව පහන් සිතින්  රැදී සිටිය යුතුයැයි අදහසක් ම‍ගේ සිත‍ට ඇතුල් වී ටික දිනකි. වෙහෙස කර සිත දශක හයක් වු ජීවිත ගමනේ දී   නොනැවති ගමන් කළද ගිමන් නිවන්නට නවාතැනක් නොවු  පන්සල මට එක් දිනකට කෙම් බිමක් වන්නේද යන්න  මම ම‍‍ගෙන්ම ප්‍රශ්ණ කරමින් සිටිමි.

මා නිවස ව‍ටේ විෂ්කම්භය කි‍ලෝ මිටරයක්වු වෘත්තයක් ඇද එහි පරිධිය ව‍ටේ ගමන් ක‍ලොත් මට පන්සල් තුන හතරක්වත් පරිධිය තුල පසු කරගන යා හැකිය. මා මින් කුමන පන්ස‍ලේ ‍පෙ‍හෙවස්  සමාදන්ව ‍වෙසක් ‍පෝදා ගත කළ යුතුදැයි කල්පනා කරමින් සිටිමි.

එක් පන්සලක් රජ දවස නින්දගම් ‍කොට මින් වසර හැට හැත්තෑවක පමණ සිට සංවර්ධණ ‍වෙමින් පවතින පන්සලකි. අපුරු සිත් සනසන වන අක්කර පහක පමණ පරිසර පද්ධතියක ඉදිව තිබු විහාර ‍ගෙයක් සහ ‍‍චෛත්‍යයත් අද වානිජ කරනයවී පන්සල බිම තුල අවි‍වේකී පරිසරයක් නිර්මාණය ව ති‍බේ. මින් අවුරුදු හැට හැත්තෑවකට ‍පෙර වැඩ සිටි අල්‍පේඡ්ච ජීවන රටාවකට හුරුවු  ස්වාමීන් වහන්‍සේ ‍වෙනුවට නායකත්‍වය උ‍දෙසා ‍දෙපිලකට ‍ ‍බෙදුන ‍දේශපාලන පිල් ‍දෙකකට ක‍ඩේ යන ස්වාමීන් වහන්‍සේලා ‍දෙපලක් ආරාම ‍දෙකක ‍ගෝල බාල ‍දෙපිරිස සමග වැඩ වාසය කරයි. පන්සල් බි‍මේ ‍පෞද්ගලික වාහන කිහිපයකි. ‍මේ වාහන අතර බස් රථද ‍වේ. වෙනත් වානිජ කටයුතු වල ‍‍යොදවන වාහනද ‍වේ.

කවු‍දෝ මිනි‍සෙකු‍ගේ මුගුරු පහරක් හිසට එල්ල වී‍මෙන් මුල් කාල‍යේ වැඩවාසය කල ස්වාමීන් වහන්‍‍සේ අපවත් විනි.ඉන්පසු බැහැරකින් විහාරස්ථානයට පැමින විහාරාධිපති ධුරයට පත්වු හිමි නම ප්‍රදේශ‍යේ ‍දේශපාලන‍යේ නමක් දැරූ එකල ‍දේශපාලනයට හා සමාජයට බලපෑමක් කල හැකි ‍පෞරුෂත්‍වයක් ඇති හිමි නමකි. එතුමාගේ දෙබිඩි ගිහි පැවිදි ජීවිත කතා සත්‍යමදැයි නෙදනිතත් තවමත් ගම්මුන්ට නම් ඒවා රස කතා ලෙස  ඉතිරිව ති‍බේ.එකල පන්සල සීග්‍රයෙන් දියුණුවු අතර අධ්‍යාත්ම්ය සීග්‍රයෙන් පහල ගිය කතා අප ඒ අවධි‍යේ අසා ගෙන ඇත්‍තෙමු.පසු කලක නායකත්වයට පත්වු විහාරාධිපතිවරු දෙපලක්ම  සී‍රෝසීස් වැනි ‍රෝගාභාධ වලට ලක්ව අපවත් වු බව මට සිහිපත් විනි.

මට සිත සන්සුන් කරගෙන එම පන්සලට පෙහෙවස් සමාදන් වන්නට  ‍ යා හැකිද ?.  මට නම් නොහැකිය.

මම තවත් පන්සලක් ගැන සිතුවෙමි. පන්සල තාමත් ගොඩනැගෙන්නේ පන්සලකට වඩා ගිහි නිවාස පරිසරයකට සුදුසු පරිද්දෙනි. පන්සලට එන අයට බුදුන් වදින්නවත් නිසි ඉඩ සලසන්ට පෙර ප්‍රමුඛත්‍වය දී ඉදිවන්නේ සංඝාවාසයයි.විහාරාධිපති ස්වාමීන් වහන්සේ ගිහියන්ගේ දුක් ගැනවිලි අසන්නට පෙර තමන් වහන්සේගේ දුක් ගැණවිලි ගිහියන්ට දේශණා කරයි. වර්ථමානයේ ලක්‍ෂ විසිපහක් තිහක් වටිනා මෝටර් රථයක් ගරාජයේ වැඩ වාසය කරයි.

ම සිත ඊෂ්‍යාවක් ඇතිවේ. ගිහි අපට වත් නැති සැප සම්පත් දකින ම සිතට ද්වේෂයක් ඇතිවේ. මා එම පන්සලට පෙහෙවස් සමාදන්වීමට යාමට සිත හදා ගත නොහැකිව ලතවේ.

මා ඇදි වෘත්තයේ පරිධිය ඔස්සේ තවදුරටත් ඉදිරියට යමි.  මට තවත් පන්සලක් ගැන සිතට නැගේ. මේ පන්සල් පරිසර‍යේ  සන්සුන් බවක්  ඇති උවත් ගිහියන් සතු දේපල පන්සලට පූජා කරවගන්නා අදහසින් බණක් අසන්නට කැමති නම් ඒ පන්සලේ දවස ගත කලාට වරදක් නැතැයි සිතිවිල්ලක් ඇතිවේ. හැම පන්සලකම වැඩ වාසය කරන උත්තමයෝ පරාර්ථයට වඩා ආත්මාර්ථය තකා කටයුතු කරයි. දේශණා කරයි. ඔවුන් රැකියා කරයි. ධණය වස්තුව අනියම් නියම් ආකාරයෙන් රැස් කරයි. බුදුන් වහන්සේගේ ධර්මයේ සාරය දේශණා කරන්නට තරම් සුදුසු ලෙස පූජණියව ජීවත් නොවෙති.කක්කුට්ටා හරහට යන ගමන් ගිහියන්ට කෙළින් ආ යුතුයැයි කීවාට ගිහි සිත් සිසිල් නොවේ. එම ගමනින්ද ඇතිවන්නේ අවැඩක්යැයි  මට සිතේ.

මම ‍මේ වෘත්ත‍යෙන් එළියට විත් වට පිට බැළු‍වෙමි.ප්‍රදේශීය සභාවත් පන්සලකි. පලාත් සභාවත් පන්සලකි.පාර්ලි‍මේන්තුවත් පන්සලකි.තවමත් ජනාධිපති මණ්දීරය පමනක් පන්සලක් බවට පත්වී නැති බව අරුමයකි. පාස‍ලේද රජ‍යේ විවිධ කාර්යාල වලද දායකයින් ‍ගෙන්  සිව්පස ලබන ස්වාමීන් වහන්‍ ‍සේලා රාජකාරි‍යේ ‍යෙදී සිටිති.‍වැටුප් ලබති. මේ උතුමන්ලා බුදුරජානන් වහන්‍සේ‍ගේ චීවරය නිල ඇදුමක් කර‍ගෙන වැඩවාසය කරති. සිත පහන්ව සිසිල් වනවා ‍වෙනුවට ගිණියම් ‍වේ.

“ධර්මයේ සාරය තේරුම් නො ගෙන, නිකම් කථා වස්තූන් ධර්මය හැටියට සලකන්නට යෑමෙන් බොහෝ දෙන අඳුරේ වැටී සිටිති. මේ ධර්මයන් පිරිසුදු ලෙස අවබෝධ කැර ගන්නට නම්, නිදහස් ව සිතිය යුතු යි. වෙහෙර විහාර ලක්‍ෂයක් ගොඩ නැඟීමට වඩා, බුදුන් ඇතුළු ලක්‍ෂයක් මහරහතන්ට මහදන් දීමට වඩා මෙ බඳු ධර්මයක් තේරුම් ගැනීම ශ්‍රේෂ්ඨයි – වල්පොළ රාහුල හිමියෝ  දේශණා කර ඇති බව මම කියවා ඇත්තෙමි.

අපිට ධර්මයේ සාරය තේරුම් කර දීමට තරම් සුදුසු සංඝ සමාජයක් ඉතිරිව ඇත්දැයි මට සිතා ගත නොහැකිව මා ලත වෙමි. සංඝ සමාජය විවිධ වෘත්තික‍යෝ ‍වෙති. ‍මේ අතර ව්‍යාපාරික‍යෝ, ‍දේශපාලක‍යෝද  ‍වෙති නැත්‍ ‍තේ බුදුන් අනුව යන සංඝ සමාජයක් පමනකි.

ඉතින් පහන් සිතින් පෝ දවස ගෙවීමට තරම් සුදුසු වු පින් බිමක් මම නොදකිමි. එහෙත් මාද සිත පහන් කර ගත යුතු යැයි සිතන බැවින් හුදකලා වණ අරණක පෙහෙවස් සමාදන්ව තනිවන්නට හිත් හදා ගත්තෙමි.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )