සමා‍වෙන්න බුදුහාමුදුරුව‍නේ !,


බුදුහාමුදුරුව‍නේ,

මේ ‍වෙසක් එකට මම පන්සල් ගියේ නැහැ. මට හිතුනා පන්සල් ගිහින් වැඩක් නැහැ කියලා.

ඔබ වහන්‍‍සේ ආත්ම ගනනාවක් පාරමිතා පුරලා ඇස් ,මස්, ඉස්, දන්දීලා සියළු ක්‍‍ලේෂන්  සිද බිද ලා බුදු වුනා. පාරමිතා පිරු ආත්මයක් ආත්මයක් පාසා ඔබ වහන්‍‍සේ එක්කර ගත් මහා ඥාණ සම්භාරය බුද්ධත්ව යට පත් ‍මේ ආත්ම‍යේ සකල ‍ලෝක වාසීන්ට දායාද කරලා ඔබ වහන්‍ ‍සේ සියළු සංස්කාර ධර්ම‍යෝ අනිත්යද බව සං‍කේතමත් කරලා පරිණිර්වාණය වුනා.

ආනන්ද මහ රහතුන්වහන්‍ේලාගේ පටන් එදා සිට – වන‍පොත්ව ‍, පොත පතව ඔබ වහන්සේස ‍දේශණා කල දර්ශණය අ‍පේ ජීවිත හික්මවන්න හැඩගස්වන්න ‍හේතුවුනා. අද දක්වාත් ඒ ධර්මය පරම්පරා ගණණාවක් ආරක්ෂා ‍වෙමින් මතු බිහිවන ,පරම්පරාවන්ටද වැඩ පිණිස අපි ‍නොදන්නා අනාගත‍යේත් වැඩ පිණිස ආරක්ෂා ‍වෙමින් පවතිනවා.

ඒත් බුදුහාමුදුරුව‍නේ,

අ‍පේ හාමුදුරුවරු ඔබ වහන්සේ,ට ‍‍ගෞරව පිණිස වත් ‍නොහැසි‍රෙන ‍කොට මම පන්සලට යන්නේ ‍කො‍හොම ද?. ඔබ වහන්සේ‍ට කවුරුත් සමානයි. ‍සෝපාකට සැලකුම් දක්වපු ආකාරයටම ඔබ වහන්‍සේ‍ගේ  පියතුමාට මව්තුමියට සමානව සැලකුම් දක්වලා අපිට ආදර්ශයක් ඉතිරි කලා. දුප්පත් ‍ගෙදරක දා‍නෙට ‍නොවඩින ‍ලොකු හාමුදුරු‍වෝ ඒ ‍ගෙදරට පුංචි පුංචි හාමුදුරු‍ිවෝ යවනවා. ධනවත් ‍ගෙදරක දා‍නෙකට නම් ‍ලොකු හාමුදුරු‍වේ ‍නොවරදවාම වඩිනවා. දා‍නෙට ආරධනා කරන්න ගිය ඇත්තා රදළද, ‍ගොවිකු‍ලේද , නැත්නම් ‍වෙන ‍වෙන නානාප්‍රකාර කු‍ලේද විමසා බලලා දානෙට වඩින්න තීරණය කරනවා. ඔබ වහන්සේ  නම් කවදාවත් එ‍හෙම හිතුවේ නෑ. සැ‍ඩොල් කු‍ලේ සුණිත පවා ඔබ වහන්සේ අගය කල  මැණිකක් වුනා.

ඔබ වහන්සේ ‍ සියළු සත්වයන්ට මෛත්‍රී කලා. අංගුලිමාල ‍දේව්දත් ආදී සතුරු ‍වෙසින් ඔබ වහන්සේක අභියසට ආ අය ‍මෛත්‍රී සිත්  පතුරුවා තමන් වහන්‍‍සේ ‍ගේ අනුගාමිකයන් බවට පත් කරගත්තා. ඔබ වහන්සේ අ‍පේ රටට එක් අවස්ථාවක වැඩම ක‍ලේ වු‍ලෝදර ම‍හෝදර ස‍හෝදරයින් මැණික් පුටුවක් උ‍දෙසා ඇතුවු අරගලයක් නිසා ඇතිවිය හැකි විනාශය දැකලා. ‍මේ ගැටුමට මැදි වන ‍දෙපාර්ශව‍යේ ‍සේනාව‍ගේ ජීවිත ගලවා ගන්නා අරමුණින්. ඔබ වහන්‍‍සේ යුද්ධ උපකරණ රැ‍ගෙන ලංකාවට වැඩම ක‍ලේ නැහැ . එවැනි උපක්‍රමයක්  භාවිතා ක‍රන්න තුන්හිතකින් වත් හිතු‍වේ නැහැ. ඔබ වහන්‍‍සේට ‍මේ ගැටුමට මැදිවුන ‍දෙපාර්ශවයට කරුණු අව‍බෝධ කරදීගා විශාල විනාශයක් නතර කරගැණිමට ප්‍රඥාව තිබුනා. අ‍පේ කාල‍යේ ඔබ වහන්‍‍සේ‍ගේ  ශ්‍රී සද්ධර්මය ‍දේශණාකරමින් වැඩ වසන අ‍පේ හාමුදුරුවරු පසු ගිය වසර තිහක් තිස්‍‍සේ පැවති යුද්ධයට අනුශාසනා ක‍ලේ ඇවි‍ලෙන ගින්නට පිදුරු එකතු කරන පිළ‍වෙතකින් වාගේ . ‍

මේ ‍වෙසක් මා‍සේ එතුමන්ලා තවත් ගින්නක් අවුලවමින් සිටිනවා. මුසල්මානුවන් ‍‍බොදු පුජාභුමියක පල්ලියක් ඉදි කරනවා කියලා. ඔබ වහන්සේ ‍වෙනත් ආගම් ආගමික දර්ශණ අදහන අනුගමනය කරන අය ‍වෙනුවෙන් ‍මෙවැනි වි‍රෝධාකල්පයක් ,ප්‍රතිචාරයක්  ඇති කරගත් බවක් මම කවදාවත් අහලා නැහැ.‍පොත පතකවත් දැක නැහැ. ඔබ වහන්සේ  සරු ‍දේ නිසරු‍දේ කි‍රෙන් දියර ‍වෙන්කරනා ‍සේ අදුනා ගන්න මග ‍පෙන්වු බව මම අසා ති‍යෙනවා. කියවා ති‍යෙනවා. ‍ගොඩනැගිල්ලක් කඩා විනාශ කරලා අන්‍ය ආගමික ව්‍යාප්තියක් නැති කරන්න බැහැ . ඔබ වහන්‍‍සේ ව‍ගේ සරු‍දේ – නිසරු‍දේ අව‍බෝධ කරදීලා සිත තුල සරු ‍දේ ‍රෝපනය කරන්න අ‍පේ හාමුදුරුවරුන්ට ප්‍රඥාව පහල කරන්න ඔබ වහන්‍සේට බැහැ. තෘෂ්ණා‍වෙන් ද්‍‍වේෂ‍යෙන් වැහුන සිත් තුල එවන් පින්බර අදහසක් ඇතුල් කරවන්න බැහැ.

අ‍පේ හාමුදුරුවරු අපට “ සියලු සත්වයන්ට ‍මෛත්‍රී කරන්න කියනවා – සියලු සත්වයන්  නිදුක් ‍වෙත්වා – නි‍රෝගී ‍වෙත්වා – සුවපත් ‍වෙත්වා “ කියනවා. ඒ වුනත් උන්වහන්සේසලා ‍පොඩ්ඩ බැරිවුන ගමන් මරව් කපව් කියා‍ගෙන ‍සෙනග රැස්කර‍ගෙන ‍පෙළපාලි යනවා. උද්‍‍ඝෝෂණය කරනවා. ඇයි බුදු හාමුදුරුව‍නේ , ‍උන්වහන්සේ ලාට ඔබ වහන්‍සේ අනුගමනය කරමින් අර්ථ‍යෙන් ධර්ම‍යෙන් කරුණු කාරණා ඉදිරිපත් කරලා ‍මේ ව‍ගේ ගැටුම් ඇති‍  නොවී විසදා ගන්න බැරි.

ඔබ වහන්සේ  ගිහි ‍ගෙය රැදුන‍හොත් සක්විති රජ ‍වෙනවායි  දැන දැන රජ සැප අතහැර පැවදිව අපි වැනි පුහුදුන් සත්ව‍යෝ සසර දුකින් එ‍තෙර කරන්නට කල ‍මෙ‍හෙවර අමතක කර  අනුගමනය ‍නොකර  අ‍පේ හාමුදුරුවරු හැසි‍රෙනවා. උන්වහන්‍සේලා අප ‍මේ සංසාර සාගර‍යෙන් එතර කරන්ට මග ‍පෙන්වන්නේ  නැතිව  දුෂිත රාජ්‍ය පාලන‍යේ කොටස් කරුවන් බවට පත් ‍වෙලා !. තවත් අය ඒ සදහ මග විවර කරගන්න ජනතාවට උප්පරවැට්ටි කම් කරමින් ඉන්නව.උන්වහන්‍සේලා ලබාගන්නා රාජ්‍ය වරප්‍රසාද යලි ජනතාව වෙත ලබා ‍දෙන්නේ නැතිව පොට්ටණි කරමින් රැස්කරනවා. ඔබ වහන්‍සේ අපට තන්හාව නිසා ‍ශෝකය උපදින බව කියා දුන්නත් ඒ බව අපට කියා ‍දෙන්න අද කවුරුවත් නැහැ. අ‍පේ හාමුදුරුවරු තන්හා‍වෙන් සම්පත් රැස්කරනවා.

ඉතින් ‍කො‍හොමද බුදුහාමුදුරුවනේ,

තමන් ඇ‍දේට යන ගමන් අ‍නෙක් අයට ‍කෙළින් යන්න කියලා කියා ‍දෙන්‍‍නේ?.

මට සමා ‍වෙන්න බුදුහාමුදුරුව‍නේ , මම පන්සලට ‍නොගියාට. මම පන්සල් ‍නොගියත් ඔබ වහන්‍‍සේ ‍දේශනා කල මුළික ධර්ම කරුණු කාරණා පිලිපදිනවා.මම පන්සලට ගිහින් සිල් ‍නොගත්තත් අඩුම තර‍මේ පන්සිල් රකිනවා. මම අන් සියළු ‍දෙනාට – සියලු සත්වයන්ට නිදුක් ‍වෙත්වා නි‍රෝගී ‍වෙත්වා සුවපත් ‍වෙත්වා කියලා ප්‍රර්ථනා කරනවා.

1 thoughts on “සමා‍වෙන්න බුදුහාමුදුරුව‍නේ !,

ප්‍රතිචාරයක් ලබාදෙන්න