
පොලොන්නරුවේ සත්මහල් ප්‍රාසදය
සත් මහල් ප්‍රාසාදය මහල් හතකින් යුතු ගොඩනැල්ලකි. මෙම ගොඩනැගිල්ල කුමක් අරඹයා කරන ලද්දක්දැයි ඉතිහාසඥයන් විසින් නිර්ණය කර නැතැයි කඩුල්ල තොරතුරු සොයා යන විට ලැබුන පිළිතුරක් විය. එක් සටහනක මෙම ඉදිකිරීමට සමාන උතුරු සියාම් “ ලමියුන්ගු වාත්කුකුන් ” විහාරයේ “සන් මහ යොන් ” නම් මීට සමාන ගොඩනැගිල්ලක් ඇති බව මහාචාර්ය පරණවිතානයන් පවසා ඇති බව සදහන් විය.සත් මහල් ප්‍රාසාදය චෛත්‍යයක් ලෙස කරන ලද ඉදිකිරීමක් යයි මතයක්ද ප්‍රචලිතය.
හතරැස් පිරමීඩාකාර මෙම ඉදිකිරීම අඩි 53 ක් උසය. මින් ඉහලම මහල විනාශවී ගොසිනි. මහල් හතේම මැද ආරුක්කු හැඩයේ කවාට තුල දේවරූප වැනි ප්‍රතිමා නෙලා තිබී ඇත.
සත්මහල් ප්‍රාසාදය පිලිබදව යම් තොරතුරු ඇත්නම් ප්‍රතිචාරතුල පළකිරීමට කඩුල්ල ආරධනය කරයි.

පොලොන්නරුවේ සත්මහල් ප්‍රාසදය
Like this:
Like පුරණය වෙමින්...
මුලින් අටපට්ටම් හැඩයකින් යුක්ත වී පසුව මෙය හතරැස් හැඩයට තනා ඇත. මේ නිර්මාණය නිශ්ශංකමල්ල රජතුමා කරවන ලද්දක් ලෙස විශ්වාස කරනු ලැබේ.
මෙම පොළොන්නරු යුගයේ පැවති හින්දු ආගමික බලපෑම් නිසා මෙම සත්මහල් ප්‍රාසාදය ඉදිවුනා යැයි මතයක් තිබේ.
මෙවැනි චෛත්‍ය ක්‍රමයක් තායිලන්තය වගේම අග්නිදිග ආසියාතික රටවල දකින්න පුලුවන්. පොළොන්නරු යුගයේදී මේ රටවල් සමඟ තිබුණු ප්‍රබල සංස්කෘතික සබඳතාවය මේකෙන් පෙන්වන්වා කියලාත් කියනවා