කාලය මැවු අරුමය


54d5520362

කාලය බොහෝ අරුමයන් මවනවා .අපේ දැනුම සහ අවබෝධයේ තරමත් කාලයේ අරුමයෙන් ඇති කරන්නේ විශාල පරතෙරයක්. ජීවිතයෙන් වසර පනස් පහක් පමණ කාලයක්  ආපසු ගමන් කල විට මා එදා අවුරුදු  පහලොවක පමණ ගැටයෙක්. එකලත් අදත් සමාජ විශ්වාශයන් බරපතල ලෙස අභියෝගයටත් වෙනස් වීම් වලටත් පත්වෙලා.

අද පුංචි දරුවෙකුට ඇති අවබෝධය සහ  තාර්කික බුද්ධිය එදා අපිට තිබිලා නැහැ කියලා මට දැන් හිතෙනවා. අපි එදා  ගතානුගතිකව හිතලද ?.

එක් එක් අයගේ ජීවන රටා වෙනස් . එකල ගොවියාගේ පුතු ගොවිපලට රැගෙන යනවා හෝ මවුපිය සහයට ගොවිපලට යන්නේ පෙළඹවීමකින් තොරවයි. මගේ පියා සාමාන්‍ය වෙලෙන්දෙක්. මමත් ඔහු පවත්වාගෙන ගිය වෙළද සැලට උදව්වට යාම පුංචිකාලේ සිටම සිදුවු දෙයක්. වයසේ තරමට සුළු සුළු අත් උදව් දීමෙන් ඇරඹී මේ කටයුතු පසුකාලය වන විට පියාගේ අනුප්‍රාප්තිකයා බවට පත්කීරිම දක්වා පුහුණුවක් වුනා.

මේ මුලපිරීම බරපතල සාකච්ජාවක් සදහා වගේ පෙනුනත් වියමන වෙන්වෙන්නේ සරල සිදුවීමකින් තැතිගත් මනස මට කල හදියක් කීමට සහ අපේ පැරන්නන් ස්වභාව ධර්මය උපයෝගී කරමින් කල නිෂ්පාදනයක් හදුන්වා දිමටයි. ඒ අතර තවත් අතුරු කතා තියෙනවා.මේ කතා –   මම පලවන වසරේ සිටිනා මගේ මුණුපුරා තරම්වත්  බුද්ධිය භාවිතා කරලා නැහැ කියන සිද්ධාන්ත තහවුරු කරගන්නා කතාන්දර.

කතාවට ප්‍රවේශවුනේ තාත්තාගේ වෙළද සැලේ අත් උදව්වට ගිය බව කියමින්නේ. අපි ජීවත්වු සහ තාත්තාගේ ගණුදෙණු කරුවන් වාසය කල වපසරිය විශාල ප්‍රදේශයක්.එකල අක්කර දහසකටත් අධික ප්‍රදේශයක් පුරා පැතුරන තේ වතුයායක් මේ විශාල ප්‍රදේශයට අයත් වුනා. ( අද මෙ වතුයාය අක්කර සීයයකට පමන සීමා වෙලා අනෙක් නව සීයයම වල් බිහිවෙලා. අපට සමෘධිමත් ආර්ථිකයක් පැවතිය හැකිද ? )   සේවය කල වතු කම්කරුවන් හට ආහාර පාන වගේම ඇදුම් පැළදුම් වැනි අවශ්‍යතා මාසික ණය පදනම මත මිලදී ගත්තේ පියාගේ වෙළද සැලෙන්. සෑම මසකම දහවෙනිදා හෝ ඊට ආසන්න දිනක කම්කරු වැටුප් ගෙවන විට මටත් මගේ වසසේ සිටි මගේ නැන්දාගේ පුතාගේත් රාජකාරිය වුනේ කුඩා පොතක සටහන් කරගත් ඒ ඒ ගණුදෙණු කරුවන්ගේ ණය මුදල් එකරැස්කරගෙන ඒම සදහා ඔවුන් විසු නිවෙස් වලට යාමයි. දින දෙකක් ගතවු මේ ගමන අපි දෙදෙනාට විනෝදමත් චාරිකාවක්. සෑම වාරයකම අපි දෙදෙනාට ආපසු නිවෙස් වලට ඒමට සිදුවන්නේ  දෙගොඩ හරියේ රාත්‍රී දොලහට එකට.

1976 දක්වා අවුරුදු විස්සකට අධික කාලයක් කරන ලද මෙම කාරිය අවසන් වුනේ සිරිමා – ශාස්ත්‍රී ගිවිසුමෙන් වතු කම්කරුවන් ශ්‍රී ලංකාවෙන් පිටත්වීමත් සමගයි. එදා පැවති අක්කර දහසක් පමණවු වතුයාය අක්කර සීයයකට පමණ සීමා වීම ඇරඹුනෙත් මේ හේතුව නිසයි.

ඉතින් ….. එක් දවසක අපි දෙන්නා ඒ කිව්වේ මස්සිනාලා දෙන්නා මහ රෑ ඝණ අන්දකාරය මැදින්  ගෙදර එනවා. පෙරදා ගෙන ගිය විදුලි පන්දම් දෙකේ  බැටරි කලා මැදිරි එළි වගෙයි. බැටරි බැහලා. අතුරු පාරවල් ( ෂෝර්ට් කට් ) හරහා අපි ගමන ඉක්මන් කරනවා. තේ වතු යාය අවසන් වෙන්නේ වෙල් යායක් මැදින් වැටී ඇති අතුරු මගකින්. අපි දෙන්නට ඇහෙනවා අමුතු සද්දයක්  “ ටකස් –  ටොකස්  , ටකස් –  ටොකස්  , ටකස් –  ටොකස් ” . නොනැවතීම ඇහෙනවා.අපිට මතක් වෙනවා අපි ගමන් කරන බිම් කඩ පිළිබදව. ගම්මුන් බලි තොවිල් කර මල් තට්ටු ගෙනවිත් දමන තැන, යකුන් ප්‍රේතයන් අල්ලා ගෙන විත් ඇණ ගසන සුවිසල් ඇට’ඹ ගස.

අපි නිශ්සබ්දයි. ගල් ගැහිලා. තීරණයක් නැතිව හිටිවන ඉන්නවා . “ ටකස් –  ටොකස්  , ටකස් –  ටොකස්  , ටකස් –  ටොකස් ” . නොනැවතීම ඇහෙනවා. “අයියේ …මස්සිනා මට කියනවා. මොකද කරන්නේ ?  අපි ආපහු යමු ” මම කියනවා . අපි ආපසු හැරී ප්‍රධාන මාර්ගය තෝරා ගෙන  සැතපුම් භාගයක් විතර ආපසු  ගොස් ප්‍රධාන මාර්ග ඔස්සේ යලිත් එනවා. ගමන සැතපුම් එකයි භාගයක් විතර දික්වෙනවා. මේ එන අතර වතු කම්කරුවන්ගේ සොහොන් කොත් කිහිපයක් පහුකරන්න ඕන. මේ සොහොන් කොත් අතර එක් සොහොනක් ගම් වැසියන් අතර සුප්‍රසිද්ධ සෙහොනක් තියෙනවා. හදුන්වන්නේ “කනක්කයාගේ සොහොන ”කියලා.මේ කනක්කයාගේ සොහොන පහු කරන අපි දෙන්නාට ඉස්සරහට යන්න දෙන්නේ නෑ. පසු පසට තල්ලු කරනවා විශාල මාර ගස් විලාප දෙනවා. අපිට බුදු හාමුදුරුවෝ සිහිවෙනවා. ඉතිපිසෝ ගාථාව අපි මහ හයියෙන් ගායනා කරනවා.වෑයමෙන් ඉස්සරහට තල්ලු වන අපි ඒ බාධකයත් ජය ගෙන යාන්තම් ගෙදරට එනවා.

පහුවදා දෙන්නටම සහලෝල උණ.තොවිලයක් නොකර බේරුනත් … තෙල් සාත්තුවකින් යාන්තම් බේරුනා.

සතියකට විතර පස්සේ අපි දෙන්නට ලැබුන විවේකයකින් මේ  “ටකස් – ටොකස් ” ජංජාලේ සුලමුල හොයන්න ගියා කියමු. මහ දවලුත්  “ ටකස් –  ටොකස්  , ටකස් –  ටොකස්  , ටකස් –  ටොකස් ” . නොනැවතීම ඇහෙනවා. ඇහෙන්නේ වෙල් යායෙන්. හඩ ඔස්සේ ගිහින් බලපුවම දිය පාරකට සවි කර තිබු “දිය උගුල” තමන් ගේ රාජකාරිය ඉටු කරනවා. https://www.facebook.com/1871586953129950/videos/1884404061848239/

අපි පිටුපසට තල්ලු කල බල වේගය සොයාගන්න නම් සෑහෙන්න කාලයක් ගතවුනා. ජුනි – සැප්තැම්බර් කාල පරාසය මේ ප්‍රදේශයට තද හුලං හමන කාලයක්.මේ කියන බිම් කොටස හරහා හමන තද සුළග වාහන වලට පවා ප්‍රතිරෝධ දක්වනවා. ‘කනක්කයගේ සෙහොන’  පිහිටුවා තියෙන්නේ මේ සුළං කලාපයේ . ‘කනක්කයගේ සෙහොන’ අදත් තියෙනවා. තද හුලං තියෙන දවස් වලට අදත් මේ හරියෙන් යන්න අපහසුයි. අපි දෙන්නට එදා  ‘කනක්කයගේ සෙහොනේ’ අභිරහස නිරාකරනය කරගන්න බැරිවුනා.

වියමන දික්වෙනවා.

අපේ පුංචි එකා – මුනුපුරාට පොඩි අසනීපයක් හැදෙනවා. මම යෝජනා කරනවා පැටියෝ අහවල් සීයට කියලා වතුර ටිකක් මතුර ගෙන එන්නද කියලා. “සීයේ එයාට පියාඹන්න පුළුන් වෙන්න මතුරන්න පුළුවන් ද ?. ” පුංචි එකා මගෙන් අහනවා.

එහෙමයි. කාලය මැවු අරුමය.

img1454664949576

Advertisements

මගේ


16473190_626293670895340_5393055313513397590_n

අපේ හාමුදුරුවෝ   මේ සෘධියෙන් වඩින්නේ සයිටම් හුටපටය නිවා දමන්න වැඩිය ගමන්. හාමුදුරුවන්ගේ පැනිල්ලත්  සහභාගීවුන ගමනත් ගැන හිතපුවම බුද්ධධර්මයේ අනාගත පැවත්ම සංඝ සමාජයත් සමග බැදෙන්නේ නැහැ කියලා මට නැවත නැවතත් හිතුනා.

මේ මගේ කතාව සයිටම් ගැන නොවේ . වසර දෙදහස් පන්සිය පනහකටත් වැඩිය වයසට ගිය          අපේ රටේ  බෞද්ධකම ගැනයි.

මම පන්සල් නොයන බෞද්ධ ප්‍රතිපත්ති හැකිතාක් දුරට රකින පුරවැසියෙක්. පන්සලකට යතත් යන්නේ මට කරදරයක් නොවන  හාමුදුරුවරුන් ඉන්න පන්සල් වලට විතරයි. පන්සලක දායකයෙක් වෙලා ඉන්න එකත් ලේසි පහසු වැඩක් නෙමෙයි. හිතේ කුසල් රැස් කර ගන්න පන්සල්ම යන්න ඕනී නැහැ කියලා මට හිතෙනවා. මම දවසක ලිව්ව  පන්සල – “පහන් – සලක්”  විය යුතුයි කියලා. ඒත් අපේ පන්සල් –  පහන්සල් ද ?.

පන්සල් යන දායක දායිකවෝ පන්සලේ හාමුදුරුවෝ මග ඇරලා පන්සලට ගිහින් එන්න තරම් සර්ධාවක් හිතේ ඇති කරගන්නවා. පන්සලේ හාමුදුරුවෝ දැක්කොත් වැඩ ගොඩයි. කවදාවත් නිමා නොවන පන්සලේ සංවර්ධණ ව්‍යාපෘති උපාසික උපාසිකාවන්ගේ චිත්ත සංතානය දෙදරවනවා. හාමුදුරුවන්ට දැනෙන්නේ නැහැ ගිහියන්ට තියෙන කරදර කලබල . ඒ වයින් හිත සැහැල්ලු වෙන්න මල් පහන් පුදා බුදුන් වැද පන්සල් පරිසරයේ  ටික වෙලාවක් ගත කරන්න යන ගිහියන්  ආපසු පන්සලෙන් නික්මෙන්නේ තවත් හිතේ බරක් පුරවා ගෙන නම් ඒ පන්සල් ගමනෙන් වැඩක් තියෙනවද ?.

අපේ රටේ තාමත් කටුමැටි ගහලා පිදුරු හරි පොල් අතු වගේ තාවකාලික වහලක් යොදා නිවසක් හදාගන ඉන්න පවුල් කීයක් ඉන්නවද ?. එවැනි ගම්මාන පවා තියෙන්න පුළුවන්. එ වැනි ගම්මානයක පවා ඉදිකරගෙන තියෙන විහාරාධිපතීන් වැඩ වාසය කරන නිවාසවල සුඛොපභෝගීත්‍වය දෙස බලන කොට මේ ගොඩනැගිලි ඉදිවෙලා තියෙන්නේ ඒ අසරනවු දුක්පීඩා මැද ජීවත්වන ගම්වැසියන්ගේ රුපියලෙන් ශ්‍රමයෙන් වීම නිසාවෙන් සසර මේ තරම් නිසරුද කියලා හිතෙනවා.

අපේ ඇත්තෝ අතේ තියෙන හැටියට තමන්ගේ අපල උපල දුරු කර ගන්න බාර හාර වෙනවා. වදිනවා පුදනවා. තිරුපතිවලින් පටන් අරන් ගමේ නුගරුක යට වැඩ වසන දෙවියන් දක්වා යතිකා කරනවා. අපේ මිනිසුන්ගේ කාලය දියකරන බලවේග බවට පල්ලි කෝවිල් පන්සල් පත්වෙලා. ආගම් බේදයකින් තොරව මෙම පූජණිය ස්ථාන මුදල් උපයන ආර්ථික මධ්‍යස්ථාන බවට පත්වෙලා. රජය කරවන ඇත්තෝත් සත්භාවයෙන් එම කටයුත්තේ නියලෙන්නේ නැති නිසා දෙවියනට බියයි. ඒ  නිසා තාමත් මේ තැන් වලින් වැට් බදු , ආදායම් බදු ,ජාතිය ගොඩ නැගීමේ බද්ද අයකරන්නේ නැහැ. නැත්නම් බුලත් කොලේ පූජා වට්ටියේ තියෙන මුදලට තවත් 20% ක් විතර අමතරව මුදලක් පීඩාවෙන් යදින යදින්නන්ට සිදුවේවි.

දේව විශ්වාශය ශාන්තිකර්ම නානාප්‍රකාර පූජා විධි  ප්‍රවර් ධණය කරන්න සැදී පැහැදී ගත් ඇත්තෝ බොහෝමයි.එමගින් උපයන මිළ මුදල්ද බොහොමයි.පීඩා වෙන් වෙසෙන දනන් මුලා කර මුදල් උපයන මෙවැනි වෘත්තිකයන් ගැන දෙවියන් නොබලයි. ඒ දෙවියන් නොසිටින නිසාද ?.