before_and_after_elections_before_and_after_elections_1_large

කුණු කතාවක්.


103

කුණු කන්දක්.

දුම්රිය      මා ර්ගයේ , මහ පාරේ දෙපස  වාහනවලින් සහ පයින් යන එන අය විසි කරලා , තැන තැන දමා යන  ප්ලාස්ටික් බෝතල්, පොලිතින් කවර, ඉඳුල්, මළ මුත්‍රා ආදිය කෙතරම් ප්‍රමාණයක් පාර දෙපස දකින්නට ලැබෙනව ඇත්ද ?  . අපේ ඇත්තෝ  වන්දනාවේ යනවා .විනෝද චාරිකා යනවා . වට පිට නොබලාම  සිද්ධස්ථාන, පොදු ස්ථාන කොයිතරම් අපිරිසිදු කරලා එනවද ?. මේ තැන්වලට විදේශිකයොත් යනවා. ඒ අය ලංකාව ලෝකෙන් උතුම් ම රට ලෙස දකින  ලංකාවේ ජනතාවගේ කුණු වැඩ දැක්කම අපි  ඉතා අපිරිසිදු මිනිසුන්  කොට්ඨාශයක් කියලා හිතනවා ඇති කියලා මට හිතෙනවා. ඉන්දියාවේ ( දඹදිව ) වන්දනාවේ ගිහින් එන ලාංකීකයෝ ඉන්දියාවේ කුණු සහ අපද්‍රව්‍ය බැහැර කිරීම ගැන කතා කරන්නේ බොහොමත් පිළිකුලෙන් .  ඒ තරම් අපේ අපිරිසිදුකම නැති වුනත් අපේ කසල බැහැර කිරීමේ ක්‍රමවේදයත්  අක්‍රමවත් කියලා පිලිගන්න වෙනවා.

ලංකාවේ දේශපාලනයට මේ කුණු අදාල නැතිවුනත් ඊට වඩා කුණු ඕන තරම් දේශපාලනේ තියෙනවා. ඒත් බැහැර කරන කුණු ගැන ආකල්පමය වෙනසක් ඇති කරන්නවත් දේශපාලනේ   අදාළ කර ගත යුතු යි කියලා මට හිතෙනවා. සමාජ වෙනසක් ඇති කරන්න කයිවාරු හලන යහපාලන ඇත්තන්ට අපේ කුණු වලට වඩා පේන්නේ ප්‍රතිවාදීන්ගේ කුණු. ඒ හින්දනේ FCID වගේ ආයතන බිහිවෙලා තියෙන්නේ. ගොඩ ගැහෙන කදු ගැනත් , ඒ කුණු වලින් මුදල් හොයන්න පුළුවන් කියලවත් හිතන්න මේ ඇත්තන්ට ඉස්පාසුවක් නැහැ. එහෙම හිතෙනවා නම් පලාත් පාලන ආයතන, ප්‍රාදේශිය සභා මේ ආයෝජනයන් සදහා යහපත් ලෙස යොදවා ලන්න පුළුවන්.

 

අපි නාගරිකයෝ නෙමෙයි. අර්ධ නාගරිකයොත් නෙමෙයි. ප්‍රාදේශීය සබාවට අයත් ප්‍රදේශයේම   තියෙන  කුණු එකතු කරලා ගෙනත් අපේ නිවෙස් අසල බිමකට හලන්න අපේ ප්‍රාදේශීය සභාව පටන් ගත්ත. කුණු වත්තට ගවි ගානක් ඈතින් ඉන්න අපිට මැස්සොයි මදුරුවොයි ඕනවට වඩා ලැබුනා.කුණු කන්ද ගෙනත් හැළුවට කුණු කන්ද කළමනාකරණය කරන්න වත්කම නැති ප්‍රාදේශීය සභාව – පාරම්පරික විධියට කුණු බැහැර කරපු ජනතාවට නවීකරණය කරපු අපද්‍රව්‍ය බැහැර කරන්න ගිහින් නාගත්තා. කොහොම හරි නැති ලෙඩක් දා ගත්ත. අන්තිමට අයුතු ජනරාශියක් ඇති කරලා අපි කුණු කන්දදෙන් බේරුනත් ප්‍රදේශීය සභාව අදත් ජනශූන්‍ය ඉඩකඩ ඇති තැනක කුණු හලනවා. එකතු කරගෙන දගලනවා.මේ ගමක කුණු කතාවක්. නිසි කළමනාකරණයක් තියෙනවා නම් අපිට පොහොර කන්දක් දෙන්න පුළුවන් උනත් මේ ඇත්තෝ කුණු කන්දක් ගොඩ කරගෙන ලෙඩ රෝග කන්දක් රටට බෙදනවා.

 

කොළඹ කුණු  කියන්නේ මහම ගැටළුවක්.   කොළඹ නගර සීමාවේ  හත් ලක්ෂයක් පමණ ජනගහණයට අමතරව, ලක්ෂ 18ක් පමණ ජනයා සතියේ දිනවල විවිධ අරමුණු උදෙසා කොළඹ නගරයට පැමිණෙන බව කියවෙනවා  . මේ අය විසින් දවසකට කුණු ටොන් 750ක් පමණ කොළඹ පරිසරයට මුදා හරිනවා. බ්ලූමැන්ඩල් කුණු කන්ද, මීතොටමුල්ල කුණු කන්ද කොළම ගියාම මම දැකලා තියෙනවා. පුංචි ගමක අපිට හිරිහැර කරපු කුණු  ‍මේ  කුණු කඳු දැක්කම මොකක්ද කියලා හිතෙනවා. ටික කාලයක් අපිට වුන හිරිහැරය ගැන හිතෙන කොට ඒ අවට ජනයාට නිර්මානය කරලා දීලා තියෙන්නේ අපායක ජීවිතයක් කියලයි මට හිතුනේ.
මිනිස්සු හැම බිම් අගලෙම ජීවත් වෙනවා. තමන්ට තමන් නිපදවන කුනුම බැහැර කරන්න ඉඩ  කඩ නැහැ.බිමක් නැහැ.සුළු ප්‍රමානයෙන් කසල කළමනාකරනය කරගන්න ප්‍රතිචක්‍රීය කරගන්න දැනුම සහ උවමනාව නැහැ.   කිසිවෙකුත් තමා ජීවත් වන පරිසරය තුළ කසල බැහැර කිරීමට හින්නේ නැහැ.  තමන්ගේ කසල පවා වෙන කොහේ හෝ තැනකට ගෙන ගොස් දැමිය යුතු ය.  ඒ වෙන කොහේවත් තැන්වල ද වෙනත්  මිනිස්සු ජීවත් වෙනවා. ඔවුන්ට අනුන්ගේ කුණු සමග ජීවත් වීමට උවමනාවක් ඇතිවිය හැකිද ? .  එහෙම හිතන්නේ නැහැ.
කසල කළමනාකරණය මෙතරම් ගැටලුවක් වී තිබෙන්නට එක් හේතුවක් වන්නේ එය විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව සිදු නො කිරීමයි. එසේම, ඒ සඳහා නවීන තාක්ෂණය භාවිතා කිරීමක්  නැහැ. ඒ වෙනුවෙන් රජය ආයෝජනය කරන්නේත් නැහැ. එහෙම ආයෝජනය කරන්න තියෙනවා නම් මේ තරම් බදු ගහලා අපි සූරන එකක් නැහැනේ.
කසල යනු මුදල් ප්‍රභවයක් කියලා සැලසුම් හදන විශේෂඥයෝ හිතලා නැහැ . එහි ඉන්ධන, පොහොර හා ප්‍රතිචක්‍රීකරණය කළ හැකි තවත් බොහෝ ද්‍රව්‍ය තියෙනවා.කෘතිම  කෘෂි පොහොර වෙනුවට හොද ආදේශකයක් මේ කුණු කදු වලින් නිර්මානය කරගන්න අපේ අයට බුද්ධිය නැහැ.   කසල මැනැවින් කළමනාකරණය කර ගන්නා ලෝකයේ දියුණු රටවල් සමග සන්සන්දනය කරලා බලපුවහම   ලංකාවේ ඒක පුද්ගල කසල ජනනය එතරම් විශාල නැහැ .

වගකිව යුතු පුරවැසියන්ගෙන් තොරව දියුණු සමාජයක් බිහි කළ නො හැකි යි.  පුරවැසි වගකීම මෙවැනි ප්‍රශ්නවල සිට ම ගොඩනැගිය යුතු යි.  කසල කළමනාකරණය යනු සෑම පුද්ගලයකු ම සම්බන්ධ විය යුතු පොදු කාර්යයකි. ඒ සඳහා අවශ්‍ය දැනුම, කුසලතා හා ආකල්ප පෙර පාසල් අධ්‍යාපනයේ සිට ගොඩනැගිය යුතුයි.

One comment on “කුණු කතාවක්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )