before_and_after_elections_before_and_after_elections_1_large

යලිත් බඩ ශක්තිමත් කරගෙන !.


ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 26 දෙනකු වර්තමාන ආණ්ඩු පක්‍ෂයට එක්වු බව දිනපොතේ සටහන් කර ගත්තාය. අද සටහන ලියන විට ඒ ගැන කඩුල්ලට .මෙම ආණ්ඩුවේ සංයුතිය ඡණ්දය දුනු ජනතාවගේ  නියෝජනයක් නොවේ යයි සිතුනේය.

මෙම  තත්වයම මහින්ද රාජපක්‍ෂ පාලන කාලයේදී ද පැවතුනකි.බලයේ සිටින ජනාධිපතිවරයා  තහවුරු වන ලෙස මෙලෙස පාර්ලිමේන්තුව හසුරුවා ගැණිම පසුගිය පාලන කාලතුලද  අප දැක ඇති දෙයකි.

වර්තමානයේ ඇතිවු  තත්වය ජාතික ආණ්ඩුවක් ලෙස හදුන්වන්නේ නම්  මහින්ද රාජපක්‍ෂද හසුරුවා ඇත්තේ ජාතික ආණ්ඩුවකි. මහින්ද බරපතල වියදමක් දරමින් නඩත්තු කල පාර්ලිමේන්තුවකට එරෙහිව   මෛත්‍රි පාලනයක් පිහිටවු අපිට  දැන්  දක්නට ලැබෙන්නේ යලිත් මහින්ද පාලනයට අනූරූප පාලනයක් බිහි වෙමින් පවතින බවකි.

රටක ජාතික ආණ්‌ඩුවක්‌ ඇතිවුනායයි හැගෙන්නේ  පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්‍ෂවලින් යුත් ආණ්‌ඩුවක් බිහිවීමෙනි. එහෙත් අපේ රටේ බිහිවුණා යෑයි පැවසෙන ජාතික ආණ්‌ඩුවේ ජනතා විමුක්‌ති පෙරමුණ, මහජන එක්‌සත් පෙරමුණ, කොමියුනිස්‌ට්‌ පක්‍ෂය, සමසමාජ පක්‍ෂය, ජාතික නිදහස්‌ පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය, ඊ. පී. ඩී. පී. ආදී පක්‍ෂ හෝ අඩුතරමින් දෙමළ ජාතික සන්ධානය වත් දක්නට  නැත. දෙමළ ජාතික සන්ධානය, නිහඩව ආණ්ඩුවට සහයෝගය දක්වන මට්ටමකට මාරුවී ඇතැයි දින සීයයේ වැඩපිලිවෙලින් ඉටුවෙමින් පවතින කාර්ය භාරයෙන් අපට තේරුම් ගත හැක.

එකල පැවති පාර්ලිමේන්තු ක්‍රමය තුල 1956 දී  ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය හා මහජන එක්‌සත් පෙරමුණ එක්‌ව ද
1965 දී  එක්‌සත් ජාතික පක්‍ෂය හා පිලිප් ගුණවර්ධනගේ මහජන එක්‌සත් පෙරමුණ ද  1994 දී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය හා වමේ පක්‍ෂ එක්‌ව පොදුජන එක්‌සත් පෙරමුණ පිහිටුවා  සහ  2001 දී එක්‌සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ දක්‌ෂිණාංශික පක්‍ෂ  එක්‌ව  එක්‌සත් ජාතික පෙරමුණ ද 2004 දී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ වමේ පක්‍ෂද   එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය  ද බලය  පිහිටුවා ගත්තේ ජාතික ආණ්ඩු තුලින් නොව සභාග ආණ්ඩු තුලින්ය.

ගියවර මහින්දගේ දෑත ශක්තිමත් කරන්නට එක්වු එජාප මන්ත්‍රි න් තමන්ගේ බඩද ශක්තිමත් කරගත්තාසේ   මෙවර මෛත්‍රිගේ හෝ රණිල්ගේ දෑත ශක්තිමත් කර ,තමන්ගේ බඩ ශක්තිමත් කර ගන්නට ශ්‍රීලනිපයේ කොටසක් ආණ්ඩුවට එක්ව තිබේ.  මේ පිරිස නියෝජනය කරන නායකත්‍වයක්  හිටපු ජනාධිපතිනියකවු චණ්ද්‍රිකා මැතිණියට ඇති බව ජනාධිපතිවරනයේදී පිල්මාරු කරන්නට නම් පලවු ලේඛණ පිරික්සන විට  යම්තමින් සිතාගත හැක.

නියම විහිළුව ව ඇත්තේ පිහටුවා ගත් ජාතික ආණ්‌ඩුවේ ප්‍රධාන පක්‍ෂ දෙක පාර්ලිමේන්තුවේ ඇති  විපක්‍ෂ නායක තනතුරත් අත්පත් කරගෙන තිබීමය.    මෙම  දේශපාලන චිත්‍රය  පක්‍ෂ දෙකෙහි  බල තුලනය පිළිබඳ ප්‍රශ්න නිරාකරනය ගනිමින් , ජනතා පරමාධිපත්‍යට තාවකාලිකව කොකා පෙන්වු ක්‍රියාවක් ලෙස දිනපොතේ සටහන් කර තැබීමට කඩුල්ල පසුබට වන්නේ නැත.

diary_full

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )