walter

අද ලෝක රූකඩ දිනයයි.


diary_full

අපේ රටේද ලෝක රූකඩ දිනය සමරා උත්සව පවත්වන්නට සුදුසුකම් ඇති උත්තමයෝ ඕනවටවත් වඩා සිටින බව  පැහැදිලිවන්නට පටන්ගෙන ඇතැයි කඩුල්ල දිනපොත ලියන විට සිහියට නැගුනකි. මිනිසුන්ගේ දෛවය  අපූරු දේවල් නිර්මාණය කරමින් සංවර්ධණය වෙමින් සහ   තවත් වරෙක පිරිහෙමින් ගලා බසින බව කඩුල්ල සිතන්නකි. වරෙක හිගන්නෙකු වෙන පුද්ගලයෙක්ම වරෙක ධනවතෙකු බවට පත්කරන්නටත් දෛවයට හැකිවේ.  පෙර සිට ගෙන ආ කුසල හා අකුසල කර්මයෙන් එසේ සිදුවන්නේයයි  බෞද්ධාගමික විශ්වාශයයි.

තමන්ද මේසය උඩ පත්තර කෑල්ලක් දමා නිදාගත් කාලයක් තිබුණා යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් පවසයි.එතුමා අද ජනාධිපතිවරයාය. රාජ්‍ය නායකයාය. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසින් ගමන් මග අසුරනු ලැබුවද , එතුමාගේ දෛවය එතුමාට යා යුතුව තිබු තැන දක්වා රැගෙන ගොස් ඇති බව පැහැදිලිය.

එම උත්සවයට සහභාගී වෙමින් තවදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා තරම් බලය තබාගෙන සිටියදීත් දුක් විඳපු නායකයෙක් දැක නැතැයිද ,කෙසේ වුවද ඒ මහතා රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළ බවද, ඔහුව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය සිදුවූයේ පක්ෂය තුළින්ම බවද, ඒ මහතා කියයි

සිතා හෝ නොසිතා එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ යේ අතීතයෙන් තමන්ද කරන ලද මහා පාවා දීම සමාජය හමුවේ විග්‍රහ කරයි. සිතා ඒ බව කියන්නේ නම් අනියමින් කරනු ලබන පාපෝච්චාරනයකි. නොසිතා කියවෙන ලද්දේනම් රටේ ප්‍රධාන පුරවැසියාගේ බුද්ධිමය වලළුවල ඇති පටු බව ප්‍රකට කරන්නෙකි.

මහින්ද රාජපක්‍ෂ නායකත්වයේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක් රැයකින් එක්සත් ජාතික පක්‍ෂ බල පරාක්‍රමයට යටත් කල සිරිසේන මැතිදුන්  පක්‍ෂය  HI – JACK  කර පක්‍ෂ සාමාජිකත්වය අසරන බවට පත් කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකත්‍වය ඉදිරි මැතිවරණයකදී මී හරක් රැලක් දක්කා ගෙන යන මී ගොපල්ලාගේ හඩට හසුරුවා ගන්නට නම් අසීරු වනු ඇත. මන්ද ඔවුන් එජාපය බලයට පත්කරන්නට සැදී පැහැදී නොසිටින බැවින්ය.

සියල්ල දෛවයේ ධර්මතාවයට භාරදී එකම පත්තර කෑල්ල එලා මේසේ උඩ තවමත් නිදාගන්නා අපි වැනි අය පත්තර කෑල්ලෙන් පැදුරට මාරුවිය හැකි ආර්ථිකයක් ඇති වෙයයි සිතුවත් , පත්තර කෑල්ලෙන් සැප මෙට්ටයට මාරුවු පසු පත්තර කෑල්ලේ නිදාගත් බව අමතක කර ගොනාට අන්දවන්න සුදානම් වීම  ගැන නම් ආපස්සෙන් හිනා වෙන්නේය.

ලෝක රූකඩ දිනයේ අපි රටේ නැටවෙන රූකඩ දෙස බලමින් සිට අමුතු සැමරුමක් කළ යුතු නැතැයි සිතමින් අද දිනපොතේ පිටුව අවසන් කරන්නේය.

One comment on “අද ලෝක රූකඩ දිනයයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )