Central_Bank_of_Sri_Lanka_logo

පුහුලට අත තියලා.


diary_full සටහන් තියන්න හදන කොට රටේ සිද්ධ වෙන දේවල්  සිහිපත් වෙනවා . අද මගේ අවධානයට ලක්වුනේ දින සීයේ ආණ්ඩුවේ මහ බැංකුවේ අධිපතිතුමා කරන ලද හිතුවක්කාර වැඩක්. මේක ඉතින් මල්ල පුරවා ගන්න කරපු ගණුදෙනුවක් කියලත් විග්‍රහ කරන්න පුළුවන්. මට නම් හිතෙන්නේ එහෙම දේවල් රනිල් වික්‍රමසිංහ මහත්තයා නම් කරන එකක් නැහැ කියලා.අපි එතුමා අගමැති කරන්න මෛත්‍රී මහත්තයා පත්කලේ රෙජිමයේ  දූෂණ කතා අහල පිලිගත්ත නිසානේ. මහ බැංකුවේ අධිපතිතුමා ගැන අපිට තොරතුරු වර්තාවුනේ එතුමා රාජ් රාජරත්නම් සමාගමේ ක්‍රියාකාරියෙකු හැටියට කටයුතු කරපු මහත්මයෙක් කියලා. මිස්ටර් ක්ලීන් ඒ වගේ කෙනෙක් ඔතනට ගෙගෙන එකක් නැහැ කියලා හිතාගෙන ඒ ආරංචිය බැහැර කලා හිතෙන්. රාජ් රාජරත්නම් නම් ටැමිල් ඩයස්පෝරාවේ ප්‍රබල සාමාජිකයෙක්නේ.එතුමලට ඕනි වෙනම රාජ්‍යයක්. අපි ඕවා ගනන් ගන්න හොද නැහැ. අපේ ආණ්ඩුව  පෙබරවාරි 27දා භාණ්ඩාගර බැඳුම්කර නිකුතුවක්  ප්‍රසිද්ධ කලා  9.5%ක පොළී අනුපාතයකට වසර 30කින් කල් පිරීම සඳහා රුපියල් බිලියනයක ණය මුදලක් ලබා ගැනීමට. ඒ ගණුදෙනුවේ ප්‍රතිපලය වුනේ  12.5%ක පොළිය යටතේ රුපියල් බිලියන 10ක් ලබා ගැනීමයි. වෙන්දේසියේදී රුපියල් බිලියන 20.7ක භාණ්ඩාගාර බිල්පත් සඳහා ඉල්ලුම තිබුණු බවකුත් සදහන් වෙනවා. මට ඇතිවුන ප්‍රශ්නය  ප්‍රසිද්ධ කර තිබුණු 9.5% ‍පොළිය 12.5% දක්වා ඉහළ ගියේ ඇයි කියලා ? .මෙම ගනුදෙනුවෙන් වාසි ලබා තිබෙන්නේ මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස්ගේ සමාගමක්.ඒක තවත් හි.න්න දේවල් ඉතිරි කරලා තියෙනවා.අර්ජුන් ,  ඇලෝසියස් මෙවැනි ගනුදෙනු ඔස්සේ මීට පෙරත් වාසි ලබා ඇති බවට කතා ගෙතෙනවා. රාජ් රාජරත්නම් හා වත්මන් මුදල් ඇමති රවි කරුණානායක මහතා අතර පැවති ගනුදෙනු හා සම්බන්ධ නඩු විභාගයක් තවමත් තියෙනවා. චන්ද්‍රිකා සමයේ රූපවාහිණී සංස්ථාවට වසන්තය උදාවුනා.  ටැමිල් ඩයස්පෝරාවේ ඕනෑ එපාකම්වලට අපි අළවිවන බවට තවත් ඉගියක් මේ කතාව තුලත් තියෙනවා කියලා මට හිතෙනවා. දින සීයය එවර වෙන්න ඉස්සෙල්ම මෙහෙම බෙදා ගන්නව නම් අවුරුදු දහයක් හිටියොත් කොහොමට  හිටීද කියලා හිත හිතා අද දිනපොතේ පිටුව වහලා දමනවා.

One comment on “පුහුලට අත තියලා.

  1. මෙවැනි වරදක් වෙලානම් අැත්තට ම ඒ ගැන හොයා බැලිය යුතුයි….. ගතයුතු නිවැරදි තීන්දු තීරණ ගත යුතුයි…. ඒත් ඒක් පුද්ගලයෙකුගේ වැරැද්දක් මත කලින් අාණ්ඩුව කරපු පව් සමා කිරීම නම් නොකළ යුතුයි…… පිහිය රත්තරං කියලා අැණ ගන්න ඔ්න් නැහැ… ඒත් මූණත් ඒක්ක තරහා වෙලා නහය කපා ගන්න ඔ්නත් නැහැ…….

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )