pockdppmin

දින පොතට යලිත්……………………….


diary_full

“මගේ දිනපොත“ කාලයක් මම ලියන ලද වියමනක්.

ජීවිතයේ රිද්මය වෙනස් වීමත් එක්ක  මේ වියමනත්  අනෙකුත් වියමන්ද අතරමග නතරවුනා.    මේ  යලිත් පැරණි රටාවට ප්‍රවේශවීමේ ප්‍රයත්නයක්. කොයිතරම් දුරට මේ ගමන යා හැකිදැයි දන්නේ නෑ. අපි යලිත් පටන් ගනිමු. මට යලිත් මින් වසර දෙක තුනකට එහායින් හමුවුන පරිසරය යලිත් මුණ ගැහෙන්නට පටන් අරන්. මේ පරිසරයේ හමුවන අය විවිධයි. ඒත් මා හමුවේ මේ අයට තියෙන්නේ එකම අරමුනක්. මේ උදවියගෙන් ඉපදෙන කතා මගේ දිනපොතේ අතරින් පතර මින් ඉදිරියට පලවේවි.

අද මාර්තු මාසේ 15 වෙනිදා.ඉරිදා දවසක්. සෙනසුරාදා ඉරිදා සති අන්ත පත්තර කියවන අයට කතා බහට තර්ක විතර්ක කරන්න මාතෘකා රැස්වෙනවා. යහපාලනය නිසා ඉපදෙන මාතෘකා මේ කාලයේ නිතර නිතර පරිසරයේ හුවමාරුවන්නක්.

මාධ්‍යය  දැන් විවෘත වෙන්නේ  මෛත්‍රී පාලනය වර්ණනා කරන්න  විතරයි. මහින්ද කියලා කෙනෙක් ජනාධිපති වෙලා හිටියා. එයා කරලා තියෙන්නේ හොරකම් දුෂන විතරයි කියන මතය තමයි නිතර නිතර කියවෙන්නේ. මහින්දට එල්ල කරන  ප්‍රහාර දිහා බලන කොට පාලක මහින්දට වඩා නිර් – පාලක මහින්දට ප්‍රතිවාදීන් බයවෙලා ඉන්නවා කියලයි  හිතෙන්නේ.

මහින්ද දැන් අතීතයට එක් වෙමින් සිටින රාජ්‍යපාලකයෙක්. තමන්ට හැකිවු අයුරින් රටට සේවය කල රාජ්‍ය නායකයෙක්. මෛත්‍රී පාලනය කෙලෙස වේදෑයි අපි බලා ගෙන ඉන්නවා. දැනට අපි දකින්නේ ජනාධිපති අගමැති වෙලා අගමැති ජනාධිපති වෙලා ඉන්න බවක්. අපේ පාර්ලිමේන්තුව මෑතක ඉදන් රටේ ජනමතය නිරූපනය කරපු තැනක් නෙමෙයි. මහින්ද මහත්තයගේ පාර්ලිමේන්තුවේ ජනමතය ශ්‍රී ලංකා මෙනුවට හදාපු අච්චාරුවක්. මෛත්‍රි මහත්තයගේ පාර්ලිමේන්තුව වමේ හයියෙන් රැදිලා ඉන්න ගමන් වමට කෙලවන ඇමතිමණ්ඩලයක් විසින් පාලනය කරන පාර්ලිමේන්තුවක්.

දින සීයය එවර වෙන කොට අපේ රටත් ගොඩ නැගෙයි කියලා අපි හිතුවත් ඒක හිතළුවක් විතරයි.යහ පාලනයක් ඇති කරලීමේ ප්‍රයත්නයේදී  පැරණි රජය කරන ලද ව්‍යාපෘති නතර කරනවා.රටක එහෙම වෙන්නේ කොහොමද කියලා හිතා ගන්න බැහැ. රාජ්‍ය ප්‍රතිපත්ති රජයෙන් රජයට වෙනස් වෙනවා නම් අපි හැමදාමත් පටන් ගන්න ජාතියක් විතරක් වේවි. පටන් ගත්ත වැඩේ ඉවර කරගන්න බැරි ජාතියක් බවට වේවි.

අපේ රටේ ඉන්නේ දේශපාලන – ඥයෝ  මිසක් දේශපාලනඥයෝ නෙමෙයි කියලයි මට හිතෙන්නේ.

ජනාධිපතිවරණය දිනවල මහින්ද විරෝධි වරාය සේවකයෙක්  උපදෙස් දුන්නා  ශ්‍රී ලංකාව චීන කොළනියක් වෙන්න හදනවා ඒක වලක්වන්න මෛත්‍රීට පක්‍ෂපාතිත්වය දක්වන්න කියලා. ඊයේ පෙරේදා එයාම කියනවා අසල්වැසි ඉන්දියාවේ  කොළණියක් කරන්න හදනවා අපිට දැන් කරන්න දෙයක් නැහැ. මට හිතෙන්නේ චීන කොළණියක් වෙනවට වඩා ඉන්දියාණු කොළනියක් වෙන එක හොදයි කියලා ඒ වගේම රටත් පුංචි වෙන එක තවත් හොදයි.කන්න තියෙන වපසරිය පුංචි වෙන්න පුංචි වෙන්න දිරවන්නත් ලේසියි.

අයෙත් දිනපොතට සටහන් එකතු කරගන්න පුළුවන් වේවි.එදාටත්  මේ වගේ නොතේරෙන සටහනක් කරන්න පුළුවන් වේවි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )