මා සසලයි.


1798245_843654282326650_1362022975_n

කාලෙකට පස්සේ ලියන්න හිතුවේ.

වෙනස් වන ජීවිතය නොයෙක් වියවුල් ඇතිකරනවා. වයසත් එක්ක.  හිටපු  රූස්ස ගස් හිටපු හැටියේ කඩා වැටෙන්න වගේ මගේ සගයෝ හිටපු හැටියේ  කඩා වැටෙනවා. එහෙම වෙලාවට මාත් කම්පා වෙන්නේ ගහක් කඩා වැටෙන කොට පරිසරය තුල ඇතිවන මහා කම්පනයත් කැළඹිමටත් සමාන වෙමින්.

ස්වභාව ධර්මයට අපි අවනත වෙන්න ඕනී. ස්වභාව ධර්මයට එරෙහිව අපිට උඩුගම් බලා පීනා  යන්න බැහැ.

මගේ අත් පොත ධම්ම පදය. ධම්ම පදයේ චිත්ත වග්ගයේ සදහන් වෙනවා

“වාරිජොච ථලෙ ඛිත්තෝ

ඔකමොකත උඛිභතො

පරිඵන්‍දතිදං චිත්තං

මාරධෙය්‍යං පභාතවෙ “

කියලා.

මට තේරෙන විදියට

–  අපේ සිත දියේ වසන මාළු වෙක් වගෙයි . මාළුවා දියෙන් ගොඩට ගත්තම තමන්ගේ ජීවිතය ජීවිතයෙන් අහිමිවන වේදනාවට හැම අතින්ම සැලෙනවා. හැම සත්වයාම මරණයට බයයි.

අපි ජීවිතයට වගේම මරණයටත්  බිය වෙන්නේ ඇයි ?.අපි මේ සංසාර චක්‍රය අත්හැර සංසාරයෙන් නික්ම යායුතුයි වගේ අරුතක්   මේ ගාථාවෙන් කියවෙන්නේ .

ජීවිතය අත්හරින වයසට  පත්වෙන කොට  වගකීම් වලින් නිදහස් වෙලා ඉන්න  මම වගේ කෙනෙක් තවත් ජීවිතය ගැන කම්පා වෙන්නේ මොනවටද ?.. මාළුවා ගොඩට ගත්තම දගලනවා වගේ තමන්ගේ සිත දගලන්නේ නැතිව නිසොල්මන්ව ජීවිතය හැර යන්න උපෙක්‍ෂා  සහගතවීමයි වැදගත් කියලා මම හිතනවා

මට පහුගිය දවසක මුණ ගැහුන සොහොයුරියක කීවේ අපි දෙන්නම එක දවසකම මියගියා නම් හොදයි  කියලා. ඈ මින් වසර දෙකකට පමණ මියගිය  පිය සැමියා ගැන තවමත් තැවෙනවා. තම දූ දරුවන් අතර ජීවිතය ගෙවුවත් ඈ ඉන්නේ සැමියා නැති මහත් පාළුවකින්. ඈ ගැන කම්පාවුන මගේ සිත අවදි කලේ අපි දෙන්නට මොනවා වගේ වෙයිද ?. කියන ආත්මාර්ථකාමි හැගීමකින්.

කොයිතරම් පිරිසක් අපි තනිකම නැතිකරන්න උත්සහා කලත් අපිට අපි නැතිවුනාම ඇති වන පාළුව නැතිකරන්න බැරිවෙයි කියලා මට හිතෙනවා.

අපිට ඇතිවන මේ වගේ කම්පනයන් තුලනය කරගන්න මීට දශක දෙක තුනකට කලින් නම් ගමේ පන්සල තිබුනා. අද පන්සල වානිජමය මධ්‍යස්ථානයක්  වෙලා. හාමුදුරුවෝ අප සිත් පහන් කරන්නට පෙර හාමුදුරුවන්ගේ සිත පහන් කරගන්නා අරමුණින් ගිහියන් තලා පෙලනවා.

මොනවද ? අද දවල්ට කන්න ඕන. බිරින්දෑගේ ප්‍රශ්නයට බොහොම විට මගේ  උත්තරය වෙන්නේ  පිණ්ඩපාතේ  වඩින හාමුදුරුකෙනෙකුට ලැබෙන දානේ වේල වගේ ඕන දෙයක් කියලා.

අපේ පන්සල්වල හාමුදුරුවන් අද දන් සීට්ටුවත් එක්ක වලදන්නාවු අහාරපානවල සීට්ටුවත් menu  එවනවා.

පසුගිය දවසක නොරට වාසී මගේ සහෝදරයෙක් ගම්බිම් ඇවිත් මාත් සමග ගමේ  පන්සලට ගියාම හාමුදුරුවන්ට මතක් වුනේ එයාගේ තොරතුරු අහන්න නෙමෙයි. හාමුදුරුවන්ගේ අඩුපාඩු කියලා ආධාරයක් ඉල්ලන්න. සහෝදරයා පන්සලෙන් පිටත් වෙලා ආපහු ආවේ කලකිරීමෙන්. පහන් – සලක් විය යුතු පන්සලට අද යන්න බැහැ.

අපේ කම්පනයන් අපිම විද  ගතයුතු තැනට පත්වෙලා. උපදේශණයට පහසුම තැනවු ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ ඒ තත්වයට පත්වෙලා නැහැ. එතුමන්ලාට වෙනත් අරමුණු තියෙනවා.

සසලවු සිතිවිලි විසින් ගොණු කල මේ කෙටි වියමන අවසන් කරනවා. අපි බලමු හෙටත් වියමනක් දකින්න පුළුවන්  වෙයිද කියලා.

Advertisements

One comment on “මා සසලයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )