වෘත්තිකයන්ට පුහුණුවක් .


sokari
දැන් කාලයේ කොතනකත් පොඩ්ඩ බැරිවන විට කරන අඩන්තේට්ටම් ගැන මැවෙන ප්රටවෘත්ති සුලබය. පහුගියදාක රත්නපුර නගරයේදී පොලිස් නිළධාරියෙකු කාන්තාවකට අඩන්නේට්ටම් කරන අයුරු දැක්වෙන වීඩියෝවක් විකාශණය විය. පොලිස් නිලධාරියා කිසිදු අනුකම්පාවකින් තොරව ඉතාමත් ම්ලේච්ඡ අන්දමින් කරන මේ ප්ර හාරය පිළිබද නොයෙක් කතා ඇතිවී ඇත. කිනම් මට්ටමක චරිතයකට උවද මානව හිමිකම් මුලික අයිතිවාසිකම් ඇති රටක මෙම පහර දීමට පෙර ප්රාතහාරකයාට ප්ර ඥාව පහල නොවුයේ මොකක්ද නැතිවීමෙන් යයි මට සිත් විය.
පාසල් පද්ධතියේ සිදුවන අඩන්තේට්ටම් ගැන ලිවීම අද කඩුල්ලේ අරමුන වුවත් සසලවු සිද්ධික්වු ඉහත සිද්ධිය පිලිබදව අතුරු කතාවක් පලකිරීමට සිදුවීම ගැන සමාවන්න.
පසුගිය වයඹ පලාත් සභා මැතිවරණයට පෙර එක් දේශපාලන – ඥයෙක් දණ ගස්වා එතුමාගේ දියණියගේ ඇදුමේ දිග පලල නොසොයන්ට පාඩමක් ඉගැන්වීය. මෙවැනි කතා සුලබව පාසල් පද්ධතිය අසන්නට ලැබී අපට අමතකවී යන්නේය.

පසුගියදාක තවත් අමුතු වර්ගයේ කතාවක් අසන්නට ලැබුනේය. එක් විද්යා ලයක විෂයයක් ඉගැන්වීම සදහා මානව සම්පත් නොලැබීමෙන් දරුවන් පන්තිය පිටින් වෙනත් පාසල් සොයා යාමට පාසලින් දොට්ට දැමීමට විදුහල්පතිවරයා කටයුතු කිරීමය.
මෙම වරද කර ඇත්තේ එම පන්තියෙ සිටි පාසල් දරුවන්ද ?

අනුරාධපුර මහින්ද ආදර්ශ ප්රා්ථමික විද්යාාලයේ 4 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක්‌ පාසලේ ගුරුවරියකගේ පහරදීම හේතුවෙන් මිහින්තලේ රජයේ රෝහලේ ළමා වාට්‌ටුවට ඇතුළත් කරනු ලැබ ඇත්තේය. මේ පසුගිය සතියේ ඇස ගැටුන ප්ර4වෘත්තියකි. මෙවැනි සිද්ධීන් පාදක කර ගත් ප්රතවෘත්ති පාසල් පද්ධතිය තුලින් නිතර අසන්නට ලැබෙන්නේය. දරුවන්ට කන් පැලෙන්නට (බිහිරි කරවන තරමින්) පහරදීම, අතපය, ඉළ ඇට වලට හාණිවන සේ පහර දීම් පාසල් දරුවන් අපයෝජනය කිරීම වැනි ම්ලේච්ඡ අන්දමින් අඩන්තේට්ටම් කරන නොඉවසිලිමත් ගුරු චරිතද පාසල් පද්ධතිය තුල සේවය කරන්නේය.
පොලිස් නිලධාරියාගේ හැසිරීම් රටාවේ සිට මේ වෘත්තිකයන්ට තම වෘත්තිය පිලිබදව නිසි අවබෝධයක් පුහුණුවක් නැතිවීම මේ සිද්ධීන්ට හේතුව යයි අපට සිතිය හැක. රජයේ බොහෝ වෘත්තිකයන් හට නිසි පුහුණුවක් ලබා දෙන්නේ නැත. අතේ තිබෙන අධ්යාලපන සහතිකය දික් කර පත්වීම ලබා ගෙන සෘජුවම යොමු වන්නේ වෘත්තියටය. වෘත්තිය තුල ඇති දිග පලල හදුනා ගෙන නිසි වෘත්තිකයෙකු බවට පත්වන විට විශ්රාවම ගන්නා වයසට ආසන්න වන්නේය.
පොලිස් නිලධාරියාද ගුරුවරයාද සමාජයට කරනු ලබන්නේ මෙහෙවරකි. එහෙත් ඒ මෙහෙවරේදී අඩන්තේට්ටම් ආයුධයක් නොකර ගෙන කටයුතු කරන්නට ඔවුන්හට පුහුණුවක් අධ්යාරපනයක් අත්දැකීම් ලබා දෙන්නේ නම් තම වෘත්තීය ජීවිතයට අදාළ ආචාරධර්ම පිළිබඳවත්, ඒවායේ බලය සහ සීමාව පිළිබඳවත් සාරධර්ම පිළිබඳවත් බොහෝ වෘත්තිකයනට අවබෝධයක්‌ ලැබෙනු ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )