Face Book


FACE BOOK

 නුතන අධ්‍යාපන රටාව ශිෂ්‍ය පරපුරට ගැලපෙන අන්දමට වෙනස් විය යුතුයැයි මතවාදයක් සාකච්ඡා වෙමිනි පවතින්නකි. මේ සාකචඡා ඉබි ගමනින් යන කවදාමවත් ක්‍රියාත්මක නොවන කමත් කතාය. කමතේ ගොයම් පෑගෙන තෙක් හරක් බාන කෙතේ වාරයක් කැරකී කරකී සිටිතත් අවසානයේ ලැබෙන්නේ කරලෙන් ගිලිහුන වී ටික පමනකි.

ගුරුවරුන්ද විදුහල්පතිවරන්ද නූතන සිසු පරපුරට ගැලපෙන අන්දමට ඉගැන්වීම ද පරිපාලනයද වෙනස් කර ගත යුතුයැයි මට සිතුනේ පසුගිය සතියේ කුරුණෑගල  විද්‍යාලයකින් ඇසු ප්‍රවෘත්තියක් නිසා වෙනි.

මේ කතා පුවත සැකෙවින් මෙසේයි.

“10 වැනි පන්තියේ ශිෂ්‍යාවක  Face Book වෙබ් අඩවියේ තම පෙම්වතා හෝ සහෝදර තරුනයෙකු සමග සිටින පින්තූරයක්‌ පළ විය. මේ පින්තූරය දැරිය විසින් කල් තබාම ඉවත් කරගෙන තිබූ නමුත් නිසි පරදි ඉවත් නොකල නිසා අන්තර්ජාලයෙන් නැවත නැවතත් මතු විය. තම පාසලේ සිසුවියක්‌ පෙම්වතා සමඟ අන්තර්ජාලයෙන් මතුවීම විදුහල්පති වරයා කලබලයට පත්වු හේතුවක් විය.  ඇය කැදවු  විදුහල්පතිතුමා ඇයට අවවාද කර වැඩිදුර පරීක්‍ෂණ සඳහා පියා සමග එන ලෙස සිසුවියට දන්වා ඇත. ගෙදර ගිය සිසුවිය සාරියකින් ගෙල වැලලාගෙන මිය ගියා ය.”

සමාජ වෙබ් අඩවි බොහෝ ගනනක් තිබේ. ඉන් අප අතර වඩාත් ජනප්‍රිය Face Book අඩවියයි. වැඩියෙන්ම යොවුන්වියට අයත් පිරිසක් සහ ඉතා සුළු වැඩිහිටියන් පිරිසක්  මෙම අවකාශය ප්‍රයෝජනයට ගනී. කවුරුන් කෙලෙස අදහස් පල කලත් නිසි අන්දමින් ප්‍රයෝජනයට ගන්නේ නම් මෙම වෙබ් අවකාශයන් පලදායි ලෙස යොදා ගත හැකිවේ. මේ ලියුම්කරුද ‍  Face Book පරිහරණය කරන්නෙකි. විදේශ  ගත පවුලේ සමාජිකයන් හා සම්බන්‍ධකම් පවත්වා ගෙන යාමට ඇරඹු මගේ Face Book අඩවිය විවිධ වයස් කන්ඩායම් සමග අදහස් තොරතුරු හුවමාරු කර ගන්නා මධ්‍යස්ථානයක් ලෙස ලියුම්කරු යොදා ගනී.

මෙම සිසුවියගේ සිය දිවි නසා ගැණිම පිලිබදව නොයෙක් අර්ථ කථන ඇතිවිය හැක. Face Book වැනි සමාජ වෙබ් අඩවි  වෙත මෙහි වරද පටවා එවැනි වෙබ් අඩවි ශ්‍රී ලංකාවේ තහනම් කල යුතුයැයි තර්ක කරන පිරිසක්ද වේ. ගැටළු සහ ප්‍රශ්න වර්තමාන සමාජය විසින් මින් දශක හතරකට පහකට පෙර දුටු ආකාරයෙන් දැක ඒවාට විසදුම් සෙවීමේ ක්‍රම වේදයන් අනුගමනය කිරීමට යාමෙන් මෙවැනි ඛේදවාචකයන් ඇතිවන බව ලියුම්කරුගේ විශ්වාසය වී ඇත. දෙමව්පියන් ගුරුවරුන් විදුහල්පති වරයා මේ ගතානුගත අදහස් වලින් මිදී කටයුතු කලේ නම් මේ දරුවා සියදිවිනසා ගනීද ?.

2 comments on “Face Book

  1. අධ්‍යාපනය යනු සාකච්ඡාවට ලක්කර සැළසුම් කළයුතු ඉතාම කාලීනවූත් ඉතා හදිසි අවශ්‍යතාවක් බවට පත්ව ඇත්තාවූත් තේමාවකි. මේ ගැන අවධානය යොමුවන සේ ලිවීමෙන් ඔබ කර ඇත්තේ මහඟු සේවයකි. ඒවෙනුවෙන් ස්තුතිය පිදිය යුතුය.
    අධ්‍යාපනය පිළිබඳ සැබෑ විශාරදයන්ගේ අදහස් නොසලකා හැර ක්‍රියාත්මක කරන්නට යාමෙන් ඉතා අනිටු ඵලවිපාක විඳිමින් සිටින්නෙමු. විවිධ වෙනස් කිරීම් සිදු කෙරෙිනි. එක්කෝ ඒවා පැලැස්තර දැමීමක් විය. නැතහොත් අධ්‍යාපනය යන්නේ සැබෑ අරුත වටහා නොගත් තමන්ගේ හිතුවක්කාර න්‍යාය පත්‍ර මත පාලකයන් මෙන්ම ජනතාවද නොමග යවා ක්‍රියාතමක කළ සැලසුම් විය.
    මෙවැනි වෙනස් කිරීමේ අත්දැකීම් වලට මුහුණ දෙමින් ගුරුවරුන් හා සිසු පරපුර විඳිවේදනා මෙන්ම ඒවායෙ දුර්විපාකද අත්කිමින් සිටින්නෝ වෙති. ගුරුවරුන් අවශ්‍ය තරමටත් වඩා යල්පැන ගොසිනි. සිසුන් හසරක් නොදන්නා දැනුම් සාගරයක ගිලෙමින් හුස්ම හිර කරගනිමින් සිටින්නාක් බඳුය. ගුරුවරු පරිගණකය නොහඳුනති. ඉගෙන නොගනිති. සිසුන් බොහෝ දෙනෙක් එහි නිපුණයෝ බවට පත්ව සිටිති. අන්තර්ජාලය ගැන ගුරුවරුන්ට වඩා දන්නේ සිසුහුය. පරිහරණය කරන්නේද ඔවුන් පමණකි. බොහෝ දෙනකු අන්තර්ජාලය යනුවෙන් දන්නේ මුහුණු පොත(fb) පමණකි. බොහෝ ගුරුවරු එයද නොදනිති.

  2. අධ්‍යාපනය ගැන වියමන් කිරීමට මට වඩා ඔබතුමන් සුදුස්සෙකි. මා මේ විෂයය කාන්දු කරගන්නේ ඇඹෙනියන් විශ්‍රාම ගන්වා ඇති පොත පතිනි. නැත්නම් ඇගේ සේවා කාලයේ ඈ ලබාගත් අත්දැකීම් නිවසේදී කල වැමැරුම් තුලින් ඇති මතකයෙනි.දැන් නම් අෑ මේවා ගැන කතා නොකරන්නී මුනුපුරා ගැන කතා කරන්නියකි.
    ඔබ තුමන් සතු අධ්‍යාපන අත්දැකීම් ලියවෙන තෙක් බලා සිටිමි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )