නිදිමරන්නාට රාත්‍රීය දිගය


Image

“නිදිමරන්නාට රාත්‍රීය  දිගය – ගමන් ගොස් වෙහෙසුනට යොදුන දිගය

සද්ධර්මය නොදන්නාවු  – මෝඩයිනට සසර දිගය

දීඝා ජාගරතො රත්තී – දීඝං සන්තස්ස යොජනං

දීඝො බාලනං සංසාරෙ – සද්ධම්ම අවිජානතං“

ධමම පදය – බාල වග්ගය.

මේ විකාර පිරි අව – මංගල්‍ය  පිළිබද සටහන් දැන් අවසන් කලයුතුය.

අව – මංගල්‍ය ලෙස මෙ විකාර ක්‍රියා දාමය  හැදින්වුයේ  මංගල්‍යයක් ලෙස මළ ගෙයක කටයුතු පවත්වන නිසාවෙනි. අගහරුවාදා   , සිකුරාදා අවසන් කටයුතු සිදුකිරීම බෞද්ධයන් අකමැතිය. සතියේ ඔනෑ දවසක උපදින්නට වරම් ඇති අපිට අවසන් කටයුතු සදහා මේ දවස් දෙක සුබ නැත.  මෙලෙස සිතන්නේ හිණ්දු අභාසයෙන් විය යුතුය. සමහර උදවියට සිරුර දින දෙක තුනක් නිවසේ තබා ගත යුතුය. නැත්නම් එය මදි කමකි . මළ ගෙවල් වල සංග්‍රහ කටයුතුද  බෞද්ධ අභාසයක් නොවේ. එයත් වෙනත් ආභාසයක්ය.

අව – මංගල්‍ය උත්සව සදහා දැන් ඇඳුම් මෝස්තර ද තිබේ. බෞද්ධයන් ට නම් ඇදුම් සුදු පාට ය.  ඒ අනුව, සුදු සාරි, සාය – හැට්ට, කමිස කලිසම් ඇඳ, ඒවාට ගැලපෙන සුදු සපත්තු – සෙරෙප්පු, හෑන්ඩ් බෑග් හා මාල – වළලු – කරාබු ආදිය ද පැලද යායුතුය. අනෙක් ආගමිකයෝ තම ආගම් අනුගමනය කරන ඇදුම් සකස් කර ගනු ලැබේ.

එමෙන්ම තවත් අළුත් මෝස්තරයක් වී ඇත්තේ බැනර්ය . ඒ නිසා මරණ ගෙදරට සහභාගි වනවා සේ ම බැනර් ගැසීමත් සිදු විය යුතු ය.  “බැනර් එක ගෙනාවාද?” කියා  නිවසියන් වුණත් අසන්නට ඉඩ තිබෙන නිසා ඒය නම් අමතක නො කළ යුතුය.   දැන් දැන් සමහර පුද්ගලයේ තම සංවේගය පලකරන බැනර් දෙක තුනක් නිවසේ තබා ගෙන තිබෙනවා වියමන් කරු දැක ඇත.  ඔවුනු මළ ගෙදර ගියත් නොගියත්  බැනර් එක ප්‍රදර්ශණයට යවීම නම් අනිවාර්යෙන්ම සිදු කරන්නේයත බැනර් එකක් ගසා ගන්නට ඉඩක් නැති තරමට මළනිවසේ පරිසරය බැනර් වලින් විචිත්‍රවත්ව ඇත්නම්  , එයින් ප්‍රකාශිත වන්නේ මැරුණු පුද්ගලයා හා ඔහුගේ දරුවන් සතුව සැලකිය යුතු මහජන සම්බන්ධකම් ප්‍රමාණයක් ඇති බවය.

ඒවායේ තිබෙන පාඨ ද කියවීම රසවත් ය. අවසන තඩි අකුරෙන් සංවේගය ප්‍රකාශණය කරන පුද්ගලයින් ගේ නම් සදහන්ය.

අවසන් කටයුතු  සිදුකරන අවස්ථාවේ  ස්තුති කතාව සමග හෝ ඊට පෙර මියගිය අය ජීවත්ව සිටියදී කරන ලද සමාජ සහ ආගමික සේවාවන්  සහ  උපන්දිනය  අධ්‍යාපනය ලැබු ආයාතන  රැකියාව , නිවේදනයක් ලෙස කියවන්නේ හමුදා භටයෙකු ගේ අවසන් කටයුතු වලදී කරන කියවන නිවේදනක් පරිද්දෙනි.  ඉන් පසු ආගමික කටයුතු පවත්වා පැවදි අනුශාසනා ගිහි කතා අවසන් වන විට  “ මළහිරු බැස යන හැන්දෑයාම“   ය එළඹි ඇත.

මේ හැම අනුශාසනා සහ ගිහි කතා ඉතාමත් කෙටියෙන්  පවත්වන බව පවසමින් ආරම්භ කරන අතර ඒවා පැය භාගය වත් දිගට ඇදී යන්නේය.

සභාව ස්තුති කතාවට  යොමු වී  කතාවේ  අනිවාර්යෙන්ම  ආ ගිය දේශපාලන තක්කඩියන්ට  තැනක් හිමිය.සමහර විට සියළු කටයුතු වලට සහය දී මළ නිවසේ රැදී සිටි අසල්වාසීන් මේ කතාවෙන් නොදෑනි හැලී ගොස් ඇත.

අපට මෙන්ම මේ කතා අසා සිටින විට මලවුනටද සිනහා පහල නොවන්නේ නම් පුදුම විය යුතුය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )