සබැදිය

images

අපේ අයවැයත් පරාදයි !.

අපේ අයවැය පරාදයි කියලා කියන කොටම ගෙදර අයවැය ගැන මතක් වෙන්න ඇති. ගෙදර අයවැය පරාද වෙන්න පටන් ගත්තේ 1970  ඉදන් මද වේගයකිනුත්ඊට පස්සේ  1977 ඉදන් භයානයක වේගයකිනුත්.

මේ කියන්නේ පලාත් පාලන අයවැය ගැන.මේ අවුරුද්දේ කල් පැන ගිය ප්‍රවෘත්තියක් උනත් අපේ සභාවේ අයවැයත් පරාද වුන නිසයි මේ සටහන.

ප්‍රාදේශිය සභා නගර සභා අයවැය ඉදිරිපත් කර ඡන්ද විමසීමේදී පාලන පක්‍ෂය පරාද වෙනවා. රැල්ලට වගේ මේ වන විට සභා 14ක් විතර අයවැයෙන් පරාදයි. මේවායේ පාලන පක්‍ෂය කියන්නේ සභාපතිවරු. සෑම ප්‍රාදේශීය සභාවකම පාහේ මන්ත්‍රීවරුන්  සභාපතිවරුන්ගේ හිතුවක්කාරී “ඒකා – අධිපති”  පාලනයන් නිසා ඉන්නේ කලකිරීමෙන්. සභාපතිවරුන්ට දෙන්න පුළුවන් වෙලාවේ වැඩේ දෙනවා. ඒක තමයි සරල විග්‍රහය.අපේ ප්‍රාදේශිය සභාවෙත් අයවැය ඡන්දෙන් සභාපති තුමා පරාදයි. . මෙසේ අයවැය පරාජය වන ප්‍රාදේශීය සභාවල පාලනය විශේෂ කොමසාරිස්වරයකු යටතට පත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇති බවත් මේ වන විට අනාවරණය වෙමින් පවතිනවා.

අපේ සභාපතිතුමා පලාත් සභාවට ඡන්දය ඉල්ලන අදහසින් හිටියා කියලා පලාත් සභා මැතිවරණයට කලින් රාවයක් තිබුනා. නමුත් එයාට නාමයෝජනා ලැබුනේ නැහැ. නාම යෝජනා ලැබුනේ ආසනයට ඉන්න පක්‍ෂයේ සම සංවිධායකයන් දෙදෙනාට. දෙන්නම ජය ගත්තා. සභාපතිතුමා මැතිවරණයේදී වෙනත් අපේක්‍ෂකයෙක් එක්ක උඩුගම් පීණුවා මේ දෙන්නට එරෙහිව. අනෙක් කාරනේ පලාත් සභා ඇමතිවු   ආසනේ සම සංවිධායකවු එක්කෙනාගේ ඥාතියෙක් උප සභාපති.

දැන් හේතු දෙකයි.

සභාපතිතුමාත් සභාවේ කටයුතු වලදී අනෙක් මන්ත්‍රීන්ට ඇහුම් නොදෙන ස්වරූපයක් තිබුනා. බෙදා ගන්න ඔනි තැන්වල තනියෙන් බෙදා ගත්තා කියලත් කිවුවා.“තනි තටුවෙන් පියාඹන්න “ බැරි බව සනාථවුනේ අයවැය චන්දෙන් පරාදවුනාට පස්සෙයි.

flying-with-one-wing_affiche1_movie_medium

පොදුවේ මේ ගති ලක්‍ෂණ අනෙක් සභාවල සභාපතිවරුන්ටත් තියෙන්න ඇති කියලා මාධ්‍ය වාර්තා නිරීක්‍ෂනය කරන කොට හිතෙනවා. මේ වාර්තා වල අයවැය පරාජය කිරීමට ඇතැම් උප සභාපතිවරුන් හා ආසන සංවිධායකවරුන්, මන්ත්‍රීවරුන්ට ලක්ෂ ගණනින් මුදල් ලබා දුන්නා කියලත්   සදහන්.

සභාපතිවරුන් සමග ඇති කරගත් කෝන්තර,  පසුගිය කාලාන්තරය පුරා ප්‍රාදේශීය දේශපාලකයන්ගේ සභාපතිවරුන්ගේ නොමනා හැසිරීම් , වංචා, දූෂණ, අපචාර, හොර ජාවාරම්, ඉඩම් කොල්ලකෑම්, මිනීමැරුම්, අල්ලස් මෙන්ම සීමාව ඉක්මවන බලය පාවිච්චි කිරීම ආදි  අපට අසන්න ලැබුනා. එහෙම චෝදනා තිබුනා කියලා ආණ්ඩුපක්‍ෂයෙ ඉහල මට්ටම් වල දේශපාලනඥයෝ සොයා බලා ඒවා පාලනය කරගන්න ඇති කරගත්ත  පිලිවෙතක් ඇත්තෙත් නැහැ.

එම නිසා මෙම තත්ත්වයට විරෝධය පළ කිරීමට ඔවුන් ඉවත් කරන්නට හොඳම මාර්ගය අයවැය පරාජය කිරීම යයි පරාජය කල සභාවල මන්ත්‍රීවරු සිතුනා වියහැකියි.

සමාජය ගැන මොනවත් නොහිතන දේශපාලනය කිරීමෙන් තම බඩ රැකගතහැකියයි සිතන ප්‍රාදේශීය අපතයෝ රැලක්  මේ ක්‍ෂෙත්‍රයට එකතුවී ඇති බව  අද පළාත් පාලන ක්ෂේත්‍රයේ නියුතු පුද්ගලයන්  පිලිබදව විමර්ෂනයක් කලොත්  ඔබට හැගේවී   .

එවැනි පුද්ගලයන් ගහන පළාත් දේශපාලනය මඩ වලක්. අල්ලසට හා මත්පැනට අපයෝජන කරුවන් බවට  පත් පුද්ගලයන්ගෙන් අපි ඉහළ සේවාවක් අපේක්ෂා කරන්නේ කොහොමද ?

පළාත් පාලන ආයතන සඳහා අපේක්ෂකයන් පත් කිරීමේදී  ජාතික දේශපාලන පක්‍ෂ වලට ප්‍රතිපත්තියක්  නැහැ. ප්‍රදේශයේ ජාතික  පලාත් සභා තලවල  දේශපාලකයන්ට ‍පෝස්ටර් ගහපු , කොඩි දමපු , වේදිකා තැනූ  මෙන්ම විරුද්ධ පාක්ෂික දේශපාලකයින්ගේ වේදිකා කඩපු විරුද්ධ  පාක්‍ෂිකයනට  අඩන්තේට්ටම් කරමින් සිටි , ප්‍රමාණවත් අධ්‍යාපනයක් තබා මල‍පොතේ අකුරකුදු නොදන්නා ඇතැමුන්ට එකී දේශපාලනඥයන්ගෙන් ලැබුණු  එක තැග්ගක් තමයි  ප්‍රාදේශීය සභා අපේක්ෂකත්වය.

චණ්ඩිකමෙන් සහ දන්නා සියලු මගඩිවලින් පළාත් පාලන ආයතනයක පුටුවක් ,  මුල් පුටුවක් හිමිකර ගන්නා ඔවුන් එතැන් සිට කරන්නේ තම සාක්කු ලොකු කර ගැනීම බව පසුගිය කාලයේ  අප අත්විදි අත්දැකීම්.

ඉතින් උන් උන් අතරත් නිර්මාණය වන්නේ බඩ පිළිබද තරගයක් !.මිසක් ජනතා සේවයක් නම් නෙමෙයි.

පසුව කියවු ලියවිල්ලක් .

Advertisements

2 comments on “තනි තටුවෙන් පියාඹන්න බෑ .

  1. ඔබ කියන ප්‍රමාණාත්මක අද්‍යාපනය ලැබිය යුතුයි කියන අදහසට නම් මට එකඟ වෙන්න බැහැ. මගේ නම් අදහස හරියට නීතිය ක්‍රියාත්මක වෙනවා නම් ප්‍රාෙද්ශීය දේශපාලකයින්ට මේ තරම් බලයක් හිමි වන්නෙ නැහැ. එහෙම වුනා නම් මේ ව්‍යාපාර සහ ගසාකෑම් පිණිස මන්තිරි කම් ගැනිල්ල අඩු වෙයි.
    එහෙම සල්ලි වැඩිය නොගැවසෙන තැන්වලට ආකර්ශනය ඉබේම අඩුවෙලා යනවා. කෝමත් ජරාව තිබෙන තැනට මැස්සන් වැඩියිනෙව.
    අල්ලස දූෂණය වගේ දේවල් කරන්න අමාරු, නීතිය හමුවේ වරප්‍රසාද නොලබන නිකම්ම නිකං ප්‍රාෙද්ශීය මින්තිරිවරු බිහිවෙන්න දවසක් උදාවුනොත් එදාට පොල්කඩලා විශ්‍රාම ගියපු සයිමන් අයියා වගේම ඉස්කෝලෙන් විශ්‍රාම ගත්ත ඉස්කෝල මහත්තයත් එකම සබාවක ඉඳීවි.
    එදාට ගමේ පස්න ගැන සැබෑ කතාවල් එය සබාවල ඇතිවේවි. එතකල් මේ මිනිස්සු වස්තුව පිණිස කුලල් කා ගනීවි.

    • පොල්කඩලා විශ්‍රාම ගියපු සයිමන් අයියා වගේම ඉස්කෝලෙන් විශ්‍රාම ගත්ත ඉස්කෝල මහත්තයත් එකම සබාවක…………… එහෙම සභාවක් අපේ කාලේ තිබුනා. ඒකට කිවුවේ ගම් සභාව කියලා. ඒ කාලේ ජරාව කාගෙන ඌරෝ වගේ දගලන මංත්‍රීවරු හිටියේ නැහැ. ගම් සභාපති තුමා, මැම්බර් මහත්තයා වෙලා හිටියේ ගමේ වෙද මහත්තයා ගොවි මහත්තයා, විශ්‍රාම ගිය ස්කෝලේ මහත්තයා වගේ අය. මේ උදවිය කලේ ගරු සේවයක්.
      රටේ ඔක්කොම මංත්‍රීවරුන් කරන්න හිතාගෙන ප්‍රදේශිය සභාව හදලා කරගෙන තියෙන වින්නැහිය පේනවා නේද ?.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )