පැත්තකින්

මයිනස් අයවැය.

2014 අයවැය ගැන කතාන්දර අහගෙන මේ සතිය ගෙවුනා. ඒ අතරේ මහවිරු දිනයත් මොනවිල කැප්පෙට්ටිපොල නිලමේ තුමාගේ උපන්දින සැමරුමත් යෙදිලා තිබුනා කැප්පෙට්ටිපොල නිලමේ තුමා ඉපදිලා අවුරුදු 136කට පස්සේ ප්‍රභාකරන් වැල්වැටිතුරේදී ජන්ම ලාභය දැකලා !. නොවැම්බර් 23දා දවසක.

අයවැය ගැන  කඩුල්ලගේ හිතේ   ඇදුනේ රුපියල් 1200/= මාසික වැටුප් වැඩිවීම තිහෙන් බෙදලා දවසකට රුපියල් 40/= යි !. පොල් ගෙඩියක් මේ දවස් වල රුපි 56/=යි. 2013 වසරේ ජනවාරි ඉදන් මේ වන කොට  පොල් ගෙඩියක වැඩිවීම රුපියල් 26/= විතර වෙනවා. අනිත් බඩු මට්ටු දිහා බලාපුවම ජීවන වියදමේ වැඩිවීමත් එක්ක රුපියල් 40/= මහ කජ්ජක් නෙමෙයි. සෲණ වැඩිවීමක්.

ඒත් අවුරුද්දක වැටුප් වැඩිවීම  නම් 14400/= නේ ලොකු ගානක් !. අවුරුද්දක ජීවන වියදමේ වැඩිවීම ගණනය කලොත් දවසකට රුපියල් සියය ගණනේ විතර 36500/= විතර වෙයිනේ !. මේ ඔක්කොම ඇස්බැන්දුම්.

කඩුල්ලට ගෘහ ආර්ථිකේ බැලන්ස් කරගන්න අයවැයෙන් කරන වැටුප් වැඩිවීම් ජීවිත කාලෙටම බලපාලා නැහැ. කඩුල්ල දන්න  මුත්තාගේ පටන් කඩුල්ල දක්වා යැපුනේ එදා වේල හොයාගන්න දාඩිය මහන්සිය වගුරවලා. ඒත් අයවැයෙන් කරන පීඩා නම් හොදවම ජීවිත සටනට බලපෑවා.

අයවැයට කලින් වැඩිවීම් කරලා අයවැය ගලපන හින්දා අයවැය කතාව ජනප්‍රිය කතාවක් නොවන තැනට දැන් පත්වෙලා. ඉදිරි වර්ෂයේ කරන්න හදන වැඩටික ආලවට්ටම් දාලා කියන මේ කතාව අහන්න දැන් ජනතා උනන්දුවක් නැහැ. එන්.එම්ලා වන්නිනායකලා රොනිලා වගේ අයවැය දවසට බඩු උස්සන්නේ නැහැ දැන් කාලේ කලින්ම උස්සා ගන්නවා මිසක්.

මේ අයවැයේ කඩුල්ල දැක්කා පුංචි බෝනස් එකක්.  ( අර දි.ලේ,ප්‍රා.ලේ,සැ.අ ,පශු වෛ. ලාට දුන්න බොනස් එක වගේ නෙමෙයි.) හොදම ගෙවතු වගාවට රු.10000/= දෙන යෝජනාව !. ‍හරියට වැඩ කරනවා නම් කෘෂිකර්ම ,ගොවි ජනසේවා, පශු ‍සම්පත්,අංශ ගෘහ ආර්ථිකේට පුංචි වෙනසක් කරන්න පුළුවන්. ඔය අංශ තුනට ගම් මට්ටම නියෝජනය කරන්න ඉන්නවා නිලධාරි පස්දෙනෙක්. උන් ඔක්කොම කරන්නේ බොරු. ඉදිරිපත් කරන්නේ බොරු සංඛ්‍යා ලේඛන. ඉතින්  කොහොමද චින්තන තිබුනත් රටක් හැදෙන්නේ ?.

අපේ ශ්‍රමිකයෝ වැඩි කොටසක් තම ශ්‍රමය විකුණන්නේ නිෂ්පාදන රැකියාවලට නෙමෙයි. වාඩි වෙලා සොච්චමක් අරගෙන පඩි මදි කියලා උද්ඝෝෂනය කරන රැකියාවලට. පොඩ්ඩක් උත්සහා කරලා බැලුවොත් පුටුව කරකව කරකවා බැංකුව පුරවන්න මේ රටේ සල්ලි හොයන්න පුළුවන්. පටන් ගැන්ම  තමයි අමාරු වෙන්නේ . කවුරුත් රත්තරන් කුට්ටියක් අතමිට මොලවගෙන උපදින්නේ නැහැ.

මහවිරු දිනය දැන් යොදා ගන්නේ වර්තමාන දෙමළ දේශපාලකයින් ගේ පැවත්මට මිසක් ප්‍රභාකරන්වත්  ද්‍රවිඩ විරුවන් යයි කියන කොටස සමරන්න නෙමෙයි. වර්තමාණ ද්‍රවිඩ දේශපාලන වීරයින්ටත්  උන්ගේ බඩ තර කරගන්න මගක් තියෙන්න එපාය. මොණරවිලත් ප්‍රභාකරනුත් යම් දේශපාලන අවදි කරපු ඇත්තෝ කියලා කඩුල්ල හිතනවා.  මොණරවිල නිලමේගේ හිස් කබලත් එංගලන්තයට අරන් ගිය සුද්දෝ එකල එතුමා වෙනුවෙන් පුණ්‍යානුමෝදනාවක් වත් කරන්න ඉඩදීලා නැහැ.

දැන් කියලා ඒකේ වෙනසක් නැහැනේ. 56 දී රට දේශපාලන වෙනසකට අරගෙන ගිය බණ්ඩාරනායකයන් ජාතික වශයෙන් අද සමරන්නේ නැහැ. ඒ වෙනුවට වෙනත් ආදේශක ඇවිත්. ඩී. එස්, ඩඩ්ලි, සර් ජෝන් (සර් ජෝන් වෙනුවෙන් නම් එහෙම සැමරුම් තිබුනේ නෑ ) ජේ. ආර්,සිරිමාවෝ , ආර්. ප්‍රේමදාස සමරන්නේ කවුද ?.සියල්ල අතීතයට එක්වෙලා.

දිනපොත පෞද්ගලික සටහනක් කියලා හිතා ගෙන මේ සටහන් තිබ්බත් කඩුල්ල  මෙය ප්‍රකාශණයට පත් කරනවා කියලා හිතුවේ අන්තිමට. Edit  කරන්නේ නැතිවම ඕන් පලකලා.

පේනවා නේද අයවැය .

පේනවා නේද අයවැය .

මයිනස් අයවැය.

Advertisements

2 comments on “මයිනස් අයවැය.

  1. ගෙවතු වගාවට 10000 ක් දීම වගේ දේවල් වලට මම නං කැමති නෑ. මොකද ඔය 10000 දෙන්න දරන්න සිදුවන වියදම එක්ක බැලුවම 10000ක් කියන්නෙ සොච්චමක්. ආධාර-සහනාධාර, දීමනා වෙනුවට අවශ්‍ය වෙන්නෙ පොදුවේ රටටම හොඳ මූල්‍ය කළමනාකරණයක්. ආධාර දුන්නට කමක් නෑ ආබාධිත උදවිය වගේ අයට. ගෙවතු වගා වගේ දේවල් වෙනුවෙන් තෑගිදීමේ ව්‍යාපාර පෞද්ගලික අංශයෙන්(සමාජයෙන්ම) ඇතිවියයුතුයි (දැනටත් එහෙම වෙනව). තෑගි දීම් වගේ දේවල් අයවැයට එනව කියන්නෙ හාස්‍යජනක කාරණාවක්.

  2. රාජ්,
    කතාව ඇත්ත. ඒත් අද ගෙවතු වගාව ජන සමාජයට අමතක වෙලා ගිය දෙයක්. කඩුල්ල එළවළු, පොල් හාල් ,සමහර පළතුරු වර්ග වගේ දේවල් වලට මුදල් ගෙවන්නේ නැහැ.මාසික ඉතිරිය ගණනය කරගන්න. මේක හැමදෙනාටම කරන්න බැහැ.ඒත් හුගදෙනෙකුට කරන්න පුළුවන්. ඒත් කරන්නේ නැහැ. අද තරුන පරපුර මල් වවන්න කැමතියි. ඒත් මේ පාරිභෝජන වගාවන් .ම ගෙවත්තේ කරගන්නේ නැහැ.
    *

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )