සබරගමුවේ මහපඹා – බබා කෝලම


images (1)

සබරගමුව සිහිපත් වෙන කොට මහපඹාත් සිහිපත් වෙනවා. මහ පඹාට මුණු දෙකයි. ඒත් සබරගමුවේ මිනිසුන්ට මුණු දෙකක් නම් නැහැ. මුණු දෙකක් තියෙනවා කියන මිණිස්සු කරන වැඩ සබරගමුවේ සියළුම ජනතාවම කරන්නේත් නැහැ. පුංචි ප්‍රමාණයක් ඒ වගේ වැඩ කරනව. ඒ ගොල්ලා ඔක්කොම දේශපාලණය කියන වාත්තියේ නියලිලා ඉන්න ඇත්තෝ.

ඉතින් සබරගමුවට කියලා විශේෂයක් නැහැනේ. මේ මළ හැත්ත ගැන මතක් වුනාම ආ කාරියත් මතක නැති වෙනවා.

වියමන යොමු වුනේ මහපඹාට.

සපරගමුව සමන් දේවාලය

සපරගමුව සමන් දේවාලය

මහපඹා සබරගමුවේ පැවත්වෙන ඇසල පෙරහැර මංගල්‍යයන්හි පෙරටුව ගමන් කරන ප්‍රධාන චරිතයක්. රත්නපුර ,බොල්තුඹේ ,දැරණියගල යන සමන් දේවාල පෙරහරවලදී  දඋග්ගල් අළුත්නුවර දේවාලයේ ත් පෙරහැර ඉදිරියෙන්ම ගමන් ගන්නේ මහපඹායි. මහියංගණය පැවත්වෙන ඇසල පෙරහැරෙත් මහපඹා යොදාගන්නවා. ඒ සමන් දෙවියන් මුලික කරගෙන එම පෙරහැර මංගල්‍ය පවත්වන නිසා වෙන්න ඇති.

බඹා කෝලම, මහ බඹා කෝලම මහ බබා කෝලම හා, මහ පඹයා යන නම් වලිනුත් පෙරහැරේ ඉදිරියෙන් ගමන් ගන්නා මහපඹා    හඳුන්වනවා.
මහ බඹා  කෝලම  වටා ගෙතුණු ජනප්‍රවාද  කිහිපයක් තියෙනවා.

ශ්‍රී වික්‍රම  රාජසිංහ රජතුමා සහ බිරිද ද්‍රවිඩ සම්බවයක් ඇත්තෝ. ඔවුන් තඩලා ඉංග්‍රීසින්ට බාර දුන්නේ සබරගමු ජනප්‍රධාණින්. එහිමියන්ට අනුව මේ ක්‍රියාව ජත්‍යාණුරාගයෙන් කල වීර ක්‍රියාවක් !. ඉගුරු දී මිරිස් ගත්ත මේ ක්‍රියාව නිසා සබරගමු වැස්සන්ට මුණු දෙකක් ඇතිව තිබු බව ජනප්‍රවාදයට එක්වනවා. එහෙත් එම ජනප්‍රවාදය අසත්‍ය බව කිරිඇල්ලේ ඥානවිමල හිමියෝ පලකල  සබරගමු දර්ශණ 98 – 100 පිටුවල සදහන්.

මෙම මහපඹා සීතාවක  රාජසිංහ   රජුගේ (1581-1593) සංකල්පයක් . රජතුමා  පෙරහර සඳහා සහභාගි නොවූ අවස්ථාවන්හි  රජු සංකේතවත් කිරීම සඳහා   මහා බඹා   කෝලම පෙරහරේ මුලින්ම ගෙන ගිය බව කිරිඇල්ලේ හිමියන් තහවුරු කරන ජනප්‍රවාදයක්.

මහපඹා අනුරුවට ඉතාමත් විණිත ලෙස ඇදුම් අන්දවා තිබෙන බව දක්නට පුළුවන්.මින් අදහස් කරන්නේ ආචාරශිලිත්‍වයයි. දකුණත අමෝරාගත් කඩුවක් සහ මල් පොකුරක් තියෙනවා. මින් වමත ප්‍රතාවත් අභිණයක් පෙන්වන පරිදි ඉගටියට අත තබා ගෙන සිටිනවා. මින් රණකාමී එඩිතර විජයග්‍රාහී ලීලාවක් දක්වනවා. ඉස්සරහ මුහුණ පියකරුයි. එයින් යුක්තිගරුක බව විනීත බව සුදනන් හට පෑ කරුනාව මෛත්‍රීය පිලිබිඹු වෙනවා.පිටුපසට තියෙන්නේ රකුසු මුහුණක්. විනීත ගති පැවතුම් නැති දුදනන් හට කටයුතු කල ආකාරය පිළිබිඹු වෙනවා. මහපඹා පෙරහැරේ යන්නේ කැරකී කැරකී. මෙයින් පෙන්වන්නේ තමන්ගේ රාජ්‍ය පාලන චක්‍රය ගිහි පැවදී ලොකු කුඩා උස් පහත් නෑ – නොනෑ කාටක් සමානව ක්‍රියාත්මක වන බවයි. මේ වගේ මහපඹාලනම් අද දේශපාලනයේ නැහැ.

මේ තවත් ජනප්‍රවාද කිහිපයක්.
ජීවිතයේ  අනිත්‍යභාවය පෙන්වීමද මෙයින් ප්‍රත්‍යමාන වන බව විග්‍රහය වන තවත් මතයක්. හොද හා නරක අතර යහපත හා අයහපත අතර ජීවිතය දෝලනය වෙනවා. කැරකී කරකී යන මහපඹා අපට සිහිපත් කරන්නේ මේ ධර්මතාවයද විය හැකියි.

මහ බඹා  යනු සමන්  දෙවි රුව යැයි ඇතැමුන් අතර පවතින තවත් මතයක් . සබරගමු පළාතේ ප්‍රදේශීය යුද අවස්ථාවලට යුද පෙරමුණේ යාම සඳහා මහ බඹා (මහ පඹයා) යොදා ගෙන තිබු බවක් ජනප්‍රවාදයේ පවතිනවා. හුණුවල වෙල් යායක පැවැති සටනටකදී  හේවා – පන්නයක් ලවා  මහ පඹයෙකු සකස් කර  ප්‍රතිපාක්‍ෂිකයන් වෙත යවා තිබෙනවා.  ප්‍රතිපාක්‍ෂිකයන් වෙත යවු මෙම මහපඹා සංකේතවත් කර ඇත්තේ  සටනද ? සාමයද ? යන්න  තෝරා ගැණිමට විරුද්ධාවාදීන් යොමු කිරීමයි. සාමය  මහ පඹාගේ  පියකරු  මුහුණෙන් සංකේතවත් වන අතර ඊට  අකමැතිව යුද්ධයකට එළඹේ නම් ඒ බව  රාක්ෂ  මුහුණෙන් සංකේතවත් කෙරේ.

මහ බඹා තුළින් නිරූපනය වන්නේ  රාවණාගේ සහෝදරයෙක් වූ කුම්භකර්ණ බව තවත් අදහසක්. කුම්භකරණ යනු ගොවිතැනින් රට සශ්‍රීක කළ නායකයෙකි. රාවණා කුම්භකරණ හා ඔහුගේ හමුදාව රාම සමග කළ  සටනට කැඳ වූ අවස්ථාවේ සහෝදර විභීෂණ රාවණාට එරෙහිව  රාම පිළට එක් වී ඇති බව අසා ඔහුගේ සාමකාමී  මුහුණු වියරු වැටුණු  බවත් සඳහන් වේ. මහ බඹාගේ වියරු හා සාමකාමී  මුහුණු දෙකෙන් කුම්භකරණ  සංකේතවත් වන බවත් ඔහුට මහ බඹා යනුවෙන්  අන්වර්ථ   නාමයක් පට බැදුන බවත් කියැවෙනවා.

සමන් දෙවියන්   සම්බන්ධව  කියවෙන  තොවිල් කවියක  මහබඹා සුමන දෙව් රූ විපු‍ලේ යනුවෙන් සඳහන්  වනවා.

රාවණා රජු සබරගමුවට   ඉතා සමීප  සම්බන්ධකමක් ඇති රජ කෙනෙකි. රාම සමග කරන යුද්ධයෙන් ඔහු පරාජයට පත් වූයේ   තම සහෝදර විභීෂණගේ පාවාදීම නිසාය. එම නිසා සබරගමු ජනතාව  තම  රජතුමා වන  රාවණාගේ මුහුණ  එපසෙකින්ද දේශයත් රජුත් පාවා දුන් විභීෂණගේ මුහුණ අනෙක් පසින්ද සවි කොට මහ බඹා නිර්මාණය කළ බවටද ජනප්‍රවාදයේ සදහන්.

images (1)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )