ඉරට මුවාවෙන් ඉදගෙන …. – පහන් මඩු 2.


පහන් මඩු ගැන කරපු වියමන දිග වැඩි නිසා අතර මගින් නතර කලා. අද ඊලග කොටස. පහන් මඩුව එක්තරා විදියක මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර විධියක් කියලා කඩුල්ල හිතනවා. මේ ශාන්ති කර්මය පවත්වා ගෙන යන්නේ නාට්‍යම ස්වරූපයෙන්. නිදිමත හැර අවධාණය ශාන්ති කර්මයට යොමු කර ගන්න විහිළු තහළු ඇතුලත් ජවනිකාද ඇතුලත් වෙනවා.

 “ඉරට මුවාවෙන් ඉදගෙන

හිස පීරනවා

සදට මුවාවෙන්

සළු පලදිනවා

දීප චණ්ද්‍ර  රේඛාවෙන්

මුණ බලනවා

වළාකුලෙන් අහස් තලෙන්

බිමට බහිනවා.”

නාට්‍යාකාරයෙන් රග දක්වන විට (දීප චණ්ද්‍ර  රේඛාව ලෙස )   කුරුම්බා ඇස්සකින් කපා ගත් රවුම් පෙත්තක සිදුර අස්සෙන් මූණ පෙන්වා හිනා ගස්සනවා මම පහන් මඩුවකදී දැක තිබෙනවා.

කේරළයේ වේරමාන්පූර්හි සේරමාන් පෙරුමාල් රජුගේ හිසරදයක් දුරලීමට ගම්මඩුව මුලින්ම පැවැත්වු බව ජනවහරේ පැවත එන්නක්.  ඉන්දීය ලක්‍ෂණ මේ ශාන්ති කර්මවල දක්නට ලැබෙන්නක්.  කලින් කලට දේශියත්‍වයට පත් පහන් මඩුව කවි වලදී මුල් ස්වරූපයට දේශීයත්වයක් කාවද්දා  පෙරුමාල් රජු දේශීය රජකු හැටියට පත්වී ඇති බවක් හිතන්න පුළුවන්.

 “එකල් පෙර දවසා

සේරමානන් රජුගේ සිරසා

ගිනිජල් ගති රොසා

එදා ගම්මඩු ගන්න එනිසා”

විවිධ පෙදෙස්හි ගම්මඩුවෙහි සුළු වෙනස්කම් තිබුනත් පහතරට සබරගමුව හා උඩරට පෙදෙස්හි ගම්මඩුවේ බොහෝ වෙනස්කම් තිබෙනවා.

කඩුල්ල පෙර වියමනෙන් පලකරමින් සිටියේ පහන් මඩුවක් ඇරඹීමට පෙර ඒ සදහා අවශ්‍ය පසුබිම සකස් කරන ක්‍රමවේදය ගැන. ඒ කතා බහේදී තොරන් කිහිපයක් සකස් කරනවා කියලා සටහන් කලා.  මේ ඉදිකරන තොරන් පත්තිනි දෙවියන් ප්‍රමුඛ දෙවියන් වෙනුවෙන් කැප කරන පූජාවස්තුවක්.  මේ  තොරණ ආසන තුනකින් සමන්විත වෙයි. ප්‍රධාන ආසන පත්තිනි දේවියගේ පත්තිනි සළඹ (ආභරණයක් )  , අඹය , සහ දුන්න ආදී පූජා භාණ්ඩ තැන්පත් කිරීමටයි.

5116861237_53627b4e92

පත්තිනි භාගය , වාහල භාගය හා දෙවොල් භාගය යනුවෙන් පත්තිනි දේවිය, දෙවොල් දෙවි, වාහල දෙවි වෙනුවෙන් කොටස් තුනකින් සදහන් වෙනවා.

ගම්මඩුව පෙල ගැසෙන්නේ මේ ආකාරයටයි.

මැල කැපීම,

පහන් පූජාව

කාල පන්දම් පිහිටැවීම,

පිදේනි දීම,

යහන් පිදීම,

බිසෝකප සිටුවීම,

තොරණ යාගය,

පත්තිනි නැටුම,

තෙල්මෙ නැටුම,

වාහල නැටුම, අඹ විදමන,

රාම මැරිල්ල හා මරා ඉපැද්දීම,

දෙවොල් නැටීම හා මැල පෑගීම,

කිරි ඉතිරවීම,

ගරා නැටුම දෙවියන්ට පින්දීම හා දානය වශයෙන් පෙළ ගැස්වෙනවා

පහන් මඩු ශාන්ති කර්මයක් ආරම්භ වන්නේ මඩු පේ කිරීමෙන්. ඊලග වියමන මේ චාරිත්‍ර වාරිත්‍ර සදහා වෙන්වෙනවා.

Advertisements

2 comments on “ඉරට මුවාවෙන් ඉදගෙන …. – පහන් මඩු 2.

  1. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් – විකසිත සින්ඩිය. (info@vweb.lk)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )