පහේ ශිෂ්‍යත්‍වයේ කදුල පිසදමන්න .


DSC07387

අපි  නිදහස් අධ්‍යාපනයක් ලබන රටක පුරවැසියෝයයි කියති. මෙහි ඇත්තක් නැත. දැන් හෝඩියේ පන්තියේ සිට උපකාරක පන්ති යන දූ දරුවෝ සිටිති. සෞඛ්‍ය සේවාව මෙන්ම අධ්‍යාපනයද අද කළු කඩයට යටත්වු මානව අයිතිවාසිකමකි. නාමිකව හෝඩියේ සිට උපාධිය දක්වා ම නොමිලේ අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ඇති ලෝකයේ රටවල් කිහිපය අතරට ශ්‍රී ලංකාවත් එක් වී ඇති බව චින්තන තුලට ඇතුලත්ව ඇත.

මේ නිදහස් අධ්‍යාපනය තුළ  කුලවාදයක් ගොඩ නැගී තිබේ. ගම්බද පැසල්වලින් සමාජ ගත වන දරුවෝ එක් කුලයකට අයත් වෙකි. නගරබද පැසල් වලින් සමාජ ගත වන්නෝ අනෙක් කුළයට අයත්වුවෝ වෙති.දෙවන තරුණ නැගිටීම පාගා දැමීමෙන් පසු ඇති කල තරුණ අසහන කොමිසමේ එක් නිර්දේශයක් වූවේ ගම්බද පාසල් නගා සිටුවීමේ වැඩ පිළිවෙලක් ඇතිවිය යුතු බවයි. “කොළඹට පමනක් නොව ගමටත් කිරි” බෙදිය යුතු බවයි.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය එක් එක් වකවානු තුල පරිනාමයට හා පරිහාණියට පත්ව නූතන මුහුණුවරට පත්ව ඇත. කෙතරම් පරිහාණියට පත්ව ඇත්දැයි කිවහොත් එය අපොසප සා පෙලටත් , උසස් පෙලටක් වඩා දෙමවිපියන් තම දරුවන් සමග තමුනුත් අධ්‍යාපනය ලබන  විභාගයක් බවට පත්ව ඇත.

මේ ලියුම්කරුද 1959  පහ වසර ශිෂ්‍යත්‍ව විභාගයට පෙනි සිට මධ්‍ය මහා විද්‍යාලයකට ඇතුලත්වු කන්නන්ගර දරුවෙකි. ලියුම්කරු  එවැනි විභාගයකට පෙනී සිටි බව  දෙමව්පියන් දන්නේ  එවකට ඉගන ගත් පාසලේ මුල්ගුරුතුමා  විභාගය සමත්වු  බව දන්වා දුන් ලිවුම් කරදාසිය කියවීමෙන් පසුවය. ඒ තරමට රටේ ශිෂ්‍යත්‍ව විභාගය ගැන උනන්දුවක් තිබුනේය.  අපි එදා පන්තියේදී අමුතු දෙයක් ඉගන ගත්තේ නැත. ගහ කොළ ,අකුරු ඉලක්‌කම්  ගැන දැනුම  , අහස – පොළව දෙස බස ගැන තොරතුරු පන්තියේදී රස කර ඉගන ගත්තා මතකය.

අප පහසුවෙන් ගත කල  කාලය අද දරුවන්ට අහිමිවී තිබේ.  අද තුන හතර වසරේ සිට  පහ වසර දක්වා දරුවෝ  ශිෂ්‍යත්‍ව විබාගයට සුදානම් කරති. කිසිදු දරුවකුට නිදහස් හා සුන්දර ජීවිතයක් නැත. ඔව්හු පන්තිවලට සීමා වී පීඩාකාරී ජීවිත ගත කරති.

දෙවැන්න ශිෂ්‍යත්ව විභාගයෙන් අසමත් වන දරුවන්  මෝඩයන් ලෙස සලකා කොන් කිරීම ය. ශිෂ්‍යත්වයෙන් ප්‍රමාණවත් ලකුණු නො ලබන දරුවා අදක්ෂයකු ලෙස හංවඩු ගැසීම අතාර්කික ය. ශිෂ්‍යත්ව සමත්ව සා පෙල අසමත්වු දරුවෝ අපට හමුවන අවස්ථා ඕනෑවටත් වඩා ඇත.

විභාගයෙන් නගරයේ පාසලක් සදහා නියමිත ලකුණු  නොලද ශිෂ්‍යාවකගේ  දෙමාපියන් ඈ  නිවසින් පලවා හරින ලද සිද්ධියක් පසුගියදා වාර්තාවිණි. ශිෂ්‍යත්වයෙන් අසමත් වූ සිය දරුවා ගිනියම් කළ යකඩ බටයකින් පිලිස්‌සූ පියකු ගැන ඊයේ (07 දා) “දිවයිනේ” පළ විය. විභාගයෙන් කඩ ඉම් ලකුණු නොගත් සිසුවකු කනෙන් අල්ලා එළියට දමා ගෙදර දොර වසාගත් අම්මා කෙනකු ගැන විස්තර පළ විය. මෙම ප්‍රවෘත්ති මගින් සංනිවේදන වන්නේ ජනප්‍රිය පාසලකට සිය දරුවා ඇතුළත් කර ගැනීම සිහිනය උදෙසා මේ සියලු දෙනා විසින්  මාරාන්තික තරගයක තම දරුවන් යොදා  සිටින බව සහ   එම තරගයෙන් විසි වන දරුවා මොහොතකට තම දරුවෙක්දැයි මේ දෙමව්පියන් නොසිතූ බවයි.

අධ්‍යාපන අමාත්‍යවරයා මහ වැඩක් කර තිබේ. ඔහු ලෝක ළමා දිනයේ දී ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීමට මහා තීරණයක් ගෙන තිබේ. ඔහුගේ මතය ලෝක ළමා දිනයේ දී දරුවකුට ලබා දිය හැකි හොඳ ම ත්‍යාගය ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීම බව ය. එහෙත් විශේෂිත පාසලක් සොයා ගැණිමට නොහැකි ලකුණු මට්ටමක් හිමි සිසු දරුවන්ට  ?.

bandu

ලෝක ළමා දිනය යැයි විශේෂ දවසක් ගැන හැඟීමක් අපේ දරුවන්ට නැත. අලුත් අවුරුදු දිනයට, නත්තලට අළුත් ඇදුම් තෑගි  ලැබෙන බව ද, වෙසක් දිනයට තොරන් බලන්නට යන බව සහ නිවසේ වෙසක් සැරසිලි  කරන බව ද ඔවුන් දන්නවා වන්නට පුළුවන. එහෙත් ලෝක ළමා දිනයේ කළ යුත්තක් ගැන ළමයින් දන්නේ නැත. ලෝක ළමා දිනය, ලෝක කාන්තා දිනය, වැඩිහිටි දිනය, ආදී දිනයන් අල්ලා ගෙන  අපේ දේශපාලනඥයෝ “ ජෝගි නටති” . ඊලග ඡණ්දය ඉලක්ක කරගෙන ඔවුන් තම  ප්‍රතිරුපය නංවා ගන්න එම දිනයන්ට ටැංකි පිරෙන්න තෙල් ගසා ගනිති. මේ  කොයි දිනයත් බටහිරෙන් අපේ  ඔළුගෙඩි තුළට කාන්දු කරන ලද බහුභූතයයි නොසිතති.

නගරයේ සහ ගම්බද පාසල් අතර  ඇති අධ්‍යාපන ගුණාත්මක බවේ   වෙනස අඩු තරමින් ගම්බද පාසල්වල අ.පො.ස ප (සා .පෙල)  දක්වාවත්  නැති කර ගත හොත් ශිෂ්‍යත්ව විභාගය පිලිබදව දෙමව්පියන් ගේ ඇති උනන්දුව අඩුවී යන  වෙනසකට අධ්‍යාපනය ප්‍රතිසංස්කරණයන් වෙනසකට  පත් කිරීමට යොමු කලහොත්  ලමයි අඩවන්නේ නැතිව ළමා දිනය  සමරන්නට හැකි බව  අධ්‍යාපන ඇමතිතුමාට සිහිපත් වුයේ නැත.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )