තමිල්නාඩුව සහ අපි.


125

13 සහ 13+ මේ දවස් වල මාතෟකාව බවට පත්ව තිබේ. ඒ අතරට බොදු බල සේනා වැනි සංවිධානවල ක්‍රීයාකාරකම් දිනෙන් දින අළුත්  මාතෘකා බවට පත්වී අමතකව යන්නේ තද හුලං රැලි අතරට එක්වන දුම් කැරලි මෙනි. කලක් හලාල් වී තිබුන මාතෘකා අද වන විට ගව ඝාතන විරෝධතා බවට පත්ව තිබේ.  මෙයත් ටික දිනකින් පුස්සක් බවට බිදී සුසුමක් ලෙස වියකී යනු ඇත. බුදුරජානන් වහන්සේ මනසට කතාකල යුතු මාතෘකා අද බලයෙන්  තර්ජණයෙන්  හා නීතීයෙන් මිනිසුන් තුල ක්‍රියාත්මක කිරීමට උත්සහා කිරීම  එක්තරා දුරට විහිළුවකි.
එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදය  වෙනම  නැගණහිරක් සහ උතුරක්  ඇතිකිරීමට දැරූ උත්සහාය පොලිස් සහ ඉඩම් බලතල පලාත් සභාවන්ට ලබාදීමන් ඉටුවන බව  එක් පිලක් කතා කරන විට අනෙක් පිල එසේ නොවන බව කියති. පලාත් සභාව පිලිබදව රට රටවල් කියන කතා වන්ට එකගවනවාට වටේ රටේ මිනිසුන් කියන කතාවන්ට ඇහුම් දීම  වඩාත් සුදුසු බව අපේ දේශපාලනඥයන්ට නොතේරෙන අතර ඔවුන් සිතන්නේ මැතිවරණයේදී සකල විධ ජනතා චින්තය ඔවුන්ට පරාණ භුකිතියෙන් තොරව ලියා දී ඇති බවය.
 

tamil-nadu

තමිල්නාඩුව,  ඉන්දියාවේ මැතිවරණයකදී ජාතික නායකත්‍වය බිහිකරලීමට කරන බලපෑම දිනා ගැණිමට අපේ රට බිල්ලට දෙන න්‍යායක ඉන්දියාවේ ප්‍රධාණ දේශපාලණ දහරාවේ චින්තණය සකස් වී තිබීම අපට කරන එක් බලපෑමක් වී ඇති බව මගේ හැගීමය.
තමිල්නාඩුව ඉන්දියාවේ  ප්‍රාන්ත 28 අතරින් එක්‌ ප්‍රාන්තයකි.  අපේ රටට සමීපම ප්‍රාන්තය තමිල් නාඩුවයි.හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා එල්.ටී.ටී. ඊ බිල්ලක් බවට ඝාතනය කෙරුණේ මේ ප්‍රාන්තයේ දීය. රජීව් ගාන්ධි ඝාතනය කළ එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදය තම අණසක පතුරුවා ගෙන සිටි කාලයේ එල්. ටී. ටී. ඊ. යට ආරක්‍ෂාව රැකවරණය සපයන ලද්දේ   තමිල්නාඩුවය.
ලංකාවේ මෙන්ම තමිල්නාඩුවේද සාමාන්‍ය ජනතාව  හට එල්. ටී. ටී. ඊ. සංවිධානය අතර කිට්ටු සම්බන්ධයක්‌ ඇතැයි  සිතිය නොහැක. එහෙත් තමිල්නාඩු දේශපාලනඥයන් සහ එල්. ටී. ටී. ඊ. සංවිධානය අතර කවදත් පැවතියේ කිට්ටු  ඥාති සම්බන්ධයකි. තමිල්නාඩුව තුළ මාරුවෙන් මාරුවට බලයට පත්වන මේ දේශපාලනඥයෝ කවුරුත් පාහේ එල්. ටී. ටී. ඊ. යට  ආරක්‍ෂාව රැකවරණය සපයමින් සිටියේය.
තමිල්නාඩු දේශපාලනයේ දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරයේ  උපත පිලිබද ඉතිහාසය 1920 තරම් කාලයකට  දිවයන්නේය.Justice ජස්‌ටිස්‌ පක්‍ෂයේ පෙරියාර් රාමසාමි නායකර් මෙම  මතවාදයේ  ආරම්භකයා විය.  ඉන්පසු කාලයේ වී ඩී. එන්. අන්නදොරේ ගේ ද්‍රවිඩ මුන්නේත්‍ර කලගම් (D.M.K.) පක්‍ෂයේ දේශපාලන මතවාදය ලෙස තව  තවත් සංවර්ධනය වී,  පසු කාලයේ  කරුණානිධිගේ නායකත්වය යටතේ  ස්ථාවරව එම පක්‍ෂය කඩාගෙන ගොස්‌ අන්නා මුන්නේත්‍ර ද්‍රවිඩ කලගම් (ADMK) එම්. ජී. රාමචන්ද්‍රන් යටතේ තහවුරුවූද දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරය ඉන්දියාව තුල වෙනම රාජ්‍යයක් ( තමිල්නාඩුව ) පිහිටුවා ගැණීමේ උත්සහාය යටපත් කර ගැණිමට පසුගිය සියවස තුළ ඉන්දියාව සමත් විය.
ඉන්දියාවේ දී අසාර්ථක වූ දෙමළ බෙදුම්වාදය ඉන් පසු උපත ලබන්නේ ශ්‍රී ලංකාව තුලදීය. ශ්‍රී ලංකාව තුල ‍දෙමළ බෙදුම්වාදය ක්‍රියාත්මක වූයේ අතිශය දරුණු ආකාරයටය.අවුරුදු තිහක් තිස්සේ රටේ මිනිස්‌ සම්පතද ආර්ථික සම්පත්ද විනාශ කරමින්  ශ්‍රී ලංකාව නැත්තටම නැති කරන තැනට ගෙන ආවාය.
දේශපාලනඥයෝ බලයට කෑදර වන්නේය. උතුරට පත්වන දේශපාලකයින් ගැන පෙර කියවීමක් අපට ඇත. ඔවුන්ට දැලි පිහිය ලබාදීමෙන් නැවතත් බෙදුම්වාදී ආකල්ප වපුරා රටේ බෙල්ල කපා නොගත්තොත් එය පුදුමයක් වනු ඇත.
Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )