මේ රට අයිති මේ රටේ ජනතාවටයි


“උතුරු පළාත් සභාවෙන් ඉඩම් හා පොලිස්‌ බලතල ඉවත් කිරීමෙන් වළකින ලෙස ඉන්දීය රජය ශ්‍රී ලංකාවට උපදෙස්‌ දී ඇත. ඉන්දීය විදේශ අමාත්‍ය සල්මාන් කුර්ෂීඩ් මහතා දුරකථනයෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස්‌ මහතා අමතමින් මේ කරුණු දැනුම් දී ඇත.
13 වැනි  සංශෝධන යටතේ පළාත් සභාවලට ලබාදී ඇති බලතල ඉවත් කිරීම පිළිබඳව ඉන්දියාව සතුටු නොවන බව කුර්ෂීඩ් මහතා ප්‍රකාශ කර ඇත.”
Imageපලාත් සභාව අපවෙත ලැබුනේ ඉන්දියාණු මැදිහත්වීමෙන් සහ ඉන්දියාවේ බලහත්කාරය මත බව අමුතුවෙන්  සදහන් කල යුත්තක් නොවේ. මේ නිසා රජිව් ගාණ්ධිට  ශ්‍රී ලාංකීක කම්පනය ජේ. ආර් – රජිව් ගාණ්ධි විසින් මේ නිමිත්තෙන්  අවබෝධතා ගිවිසුම අත්සන් කල දා ම නාවික හමුදාආචාරය පිලිගන්නට ගොස් ඔළුවටම දැණුනේය.  අපේ රටේ දේශපාලන ප්‍රශ්න වලට මැදිහත්වීමේ ප්‍රතිවිපාක වශයෙන් රජිව් ගාණ්ධි ප්‍රභාකරන්ගේ දඩුවමකට ලක්ව මිය පරලොව යන්නට සිදුවිය.

පළමු පලාත් සභාව පිහුටුවීම සදහා පැවත්වු  මැතිවරණය සදහා ශ්‍රීලනිපය තරග කිරීමෙන් වැලකී සිටියදී එජාපයට විපක්‍ෂයකින් ගෙදර පාළු ගෙදර වළං බිදිය හැකි වර්ගයේ පලාත් පලමු සභාව පිහිටුවා ගැණිමට හැකිවිය. එදා ශ්‍රීලනිපය  සුදු අලියෙක් ලෙස පලාත් සභාව හදුන්වන ලද අතර  අද වන විට  ශ්‍රීලනිපයට රජ මගුල් ගෙයක් ලෙස පලාත් සභාව පරිහරනය  කර ගැණිමට හැකිවී ඇත. උතුරේ ත්‍රස්තවාදය නිමා කරලීමේ එක් පියවරක් ලෙස හදුන්වන ලද පලාත් සභා ක්‍රමය තිස් අවුරුද්දක් තිස්සේ උතුරට නැතිව අනෙක් පලාත් වල ක්‍රියාත්මක විය.

කොළඹට කේන්ද්‍රවු රජ්‍ය පාලනය යම් තරමකින් ඒ ඒ පලාත්වලට බෙදී යාම පහසුවක් ලෙස පෙනුනද පලාත් සභාවලින් කරන ලබන නාස්තිය සහ පලාත් සභාව වෙනුවෙන් දරන පිරිවැය ගණනය කර බැළුවහොත් පලාත් සභාවක් නොමැති නම් වඩා හොදයයි අපට සිතෙන්නේය.  උදාහරනයක් ලෙස පලාත් සභාවෙන් පාලනය කෙරෙන ප්‍රධාන විෂයයන්  දෙකක් වන මාර්ග අධ්‍යාපනය සහ සෞඛ්‍ය  යන ආයාතන මධ්‍යාම රජයෙන් පාලනය වන මාර්ග අධ්‍යාපනය සහ සෞඛ්‍ය  යන ආයාතන වල ගුණාත්මක සහ භෞතික දියුණුවේ වෙනසින් පැහැදිලි කර ගත හැක.(මේ ආයතන දෙකෙන්ම සිදුවන  නාස්තිය දූෂණය  සහ ගසා කෑම ගැන වෙනම සටහනක් ලිවිය යුතුය)

කඩුල්ලේ අදහස වන්නේ පලාත් සභාව ධන නාස්තියක් සහ  අනවශ්‍ය පාලන අංගයක් බවයි .  පලාත් සභාව පිහිටුවීම නිසා  උතුරේ සහ නැගණහිර ජනතාවට අමුතු සංවර්ධණයක් ඇතිවේ යයි කඩුල්ල සිතන්නේද නැත.

උතුර සහ නැගණහිර ට වෙනම පාලන ක්‍රමයක් අවශ්‍ය වන්නේ උතුරේ සහ නැගණහිර ජනතාවටද නැත්නම් උතුරේ සහ සහ නැගණහිර දේශපාලනය කරන දේශපාලනඥයිනටද යන්න ප්‍රශ්ණයේදී කඩුල්ල සිතන්නේ උතුරේ  සහ නැගණහිර  දේශපාලනඥයිනට  වෙනම  පාලනයක් ඇති කරගැණිමේ උවමනාව ඇති බවය. මෙය දකුණටත් පොදුය

දේශපාලනඥයිනගේ  උවමනාව හුදෙක්ම ජනතාවගේ යහපතට වඩා     දේශපාලනඥයිනගේ බඩ තර කර ගැණිමේ උවමනාවක් බව  කඩුල්ල සිතන්නේය.

දේශපාලනඥයිනගේ උවමනාවට හෝ  ජාත්‍යන්තරයේ උවමනාවට පලාත් සභාව ස්ථාපනය කර පවත්වා ගෙන යනවාට වඩා , පලාත් සභා අවශ්‍යද ? නැත්ද ? යන්න විමසා ජනමත විචාරනයක් පවත්වන්නේ නම් ජනතාව මේ සම්බන්ධව සුදුසු තීරණය ලබා දෙනු ඇත.වාද විවාද කර කර සිටන කාලයද  ඉතිරි වනු ඇත.

මේ රට අයිති මේ රටේ ජනතාවට බව කවුරුත් සිතිය යුතුය.

ජවිපෙ සහ පලාත් සභා. ගැන මේ ලිපියේ කියවෙන කොටස කියවන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )