විදුලි පණිවිඩත් යවලා කම්මුතුයි.


slider-bg

පෙබරවාරි 1 යින් පස්සේ සිද්ධ වෙන කතාවක් ලියන්න සුදානම් වෙන කොට පරන කතාවකුත් ඇදිලා ආවා. ඉස්සර කාලේ ගිණි ගොඩකින් නැගෙන දුම  සඥා පණිවිඩ ක්‍රමයක් ලෙස පාවිච්චි කරලා තියෙනවා දවසින් දවස දියුණු වුන පණිවිඩ ක්‍රමය බෙරයක් හඩ නන්වලා , කොඩියක් ප්‍රදර්ශණය වෙන්න සලස්වලා ඈත ඉන්න අයට පණිවිඩ යවන්න පුරුදු වෙලා හිටියා. ඉතිහාසය කියවන කොට පරවියන්ගේ පාදවල පණිවිඩ ලියලා අදාල සපුච්ගලයින් වෙත යවන බව,  හීයක රදවන පණිවිඩය දුන්නෙන් විද හී පොලෙන් හී පොලට මයවමින් දුර ඈතට යවන අන්දම අපි කියවලා තියෙනවා. ඇන්ටෝනියෝ මියුසි, ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල්, ගුග්ලි එල්මෝ මාර්කෝනි හා ජෝන් ලොගී බෙයාර්ඩ් ලා අතින් මේ පණිවිඩ යවන ක්‍රමවේදයන් දියුණු වෙලා දුරකථන, රූපවාහිනී, ගුවන් විදුලි හා පරිගණක වැනි ඉලෙක්ට්‍රෝනික සම්ප්‍රේෂක පනිවිඩ යවීමේ කාර්යට උර දෙනවා.

මේ දියුණුවේ ප්‍රතිපලයක් ලෙස පෙබරවාරි 1 දා විදුලි පණිවිඩ සේවාව අපේ තැපල් දෙපාර්තමේන්නතුවෙන් සමු ගන්නවා. එදායින් පස්සේ තම සේවා ආයාතන වලට “ හදිස්සියක් – නිවාඩු දෙන්න “ “අසනීපයි. නිවාඩු දෙන්න.” කියලා ටෙලිග්‍රෑම් ගහන උදවියට වෙන විකල්පයක් හොයා ගන්න වෙනවා.

දැන් ජනතාව විදුලි පණිවිඩ සේවාව තියා ලියුම් ලිය ලියා තැපල් පෙට්ටි කරා යන්න කාලයක් නෑ. මොබයිල් පෝන් එකෙන් “ ටක් “ ගාලා කාරිය කර ගන්නවා.  “අහවලා මිය ගියා අවසාන කටයුතු බ්‍රහස්පතීන්දා “ කියලා එවන ටෙලිග්‍රෑම් එක ලබන්නාට හත්දවසේ දානෙටත් දවසකට පස්සේ ගෙනත් දෙන කාර්යක්‍ෂම සේවාවක් තියෙන තැපල් දෙපාර්තමේන්තුවක් එක්ක මොන ගණුදෙනුවක්ද ?. කියලා අපේ රටේ මින්ස්සු හිතනවා.

තැපල් දෙපාර්තමේන්තුවට වාර්ෂිකව බිලියන් තුනකට ආසන්න මුදලක් පාඩු කරන විදුලි පණිවිඩ සේවාවව පවත්වාගෙන යන්න 1300 ක් විතර සේවක සංඛ්‍යාවක් නඩත්තු කරනවළු.වචන දහයක් ලියලා රුපියල් තුනක් ගෙවන සේවා දැයකයෙකු වෙනුවෙන් රුපියල් 250/= තැපල් දෙපාර්තමේන්තුව වියදම් කරනවළු.මෙහෙම කිව්වට අපේ ගමේ ලියුම් බෙදන පියුන් මහත්තයාම ලියුම් මිටියත් එක්කම ටෙලිග්‍රෑම් මිටියත් අරගෙන ගෙයින් ගෙට යනවා කියලා අපි නම් දන්නවා.

දෙපාර්තමේන්.තුවක් නොවී “කුරියර් සර්විස් “ එකක් උනානමි ලාබත් තියාගෙන සේවාව අගේට පවත්වා ගෙන යාවී. අර ලේඛණ මේ ලේඛණ චක්‍ර ලේඛණ වලට යට වෙලා කටයුතු කරන මේ ඇත්තන්ට ගැටළුවක් ආවාම පෝස්ට් මාස්ටර් ජනරාල් තුමාම උත්තර බදින්න ඕනි  නිසා තැපෑල දැන්නම් වැටිලා තියෙන්නේ අන්ත අසරනව මියයන තැනට.

564

පහුගිය දවසක පත්තරේ තිබුනා මෙහෙම කතාවක්

විදුලි පණිවිඩ 10000 ක්‌ ජනාධිපතිට යවයි

තැපැල් දෙපාර්තමේන්තුවේ අකාර්යක්‍ෂම පරිපාලනය විධිමත් කරන ලෙස රජයට බල කරමින් තැපැල් වෘත්තීය සමිති එකමුතුවට අයත් වෘත්තීය සමිතිවල තැපැල් සේවකයන් ඊයේ (16) දහවල් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත විදුලි පණිවිඩ යෑවීම සිදුකරන ලදි.

දිවයිනට මේ පිළිබඳව අදහස්‌ දැක්‌වූ තැපැල් වෘත්තිය සමිති එකමුතුවට අයත් ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමයේ ලේකම් චින්තක බණ්‌ඩාර මහතා සඳහන් කළේ රට පුරා පිහිටි සෑම තැපැල් කාර්යාලයක්‌ම නියෝජනය වන පරිදි විදුලි පණිවිඩ දහදාහක්‌ ජනාධිපතිවරයා වෙත යොමු කළ බවයි. ගරා වැටෙන තැපෑල පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීම මෙහි අරමුණ බවද බණ්‌ඩාර මහතා වැඩිදුරටත් පැවැසීය.

මේ තවත් දවසක තිබුන කතාවක්

පක්ෂ නායකත්වයෙන් ඉවත් වන ලෙස බල කරමින් රනිල්වික‍්‍රමසිංහ මහතා වෙත ලිපි සහ විදුලි පණිවුඩ යැවීමට

සජිත්  කණ්ඩායම  තීරණය කර තිබේ.

ඊයේ රාත්‍රීයේ පැවැති සාකච්ජාවකින් පසු මෙම තීරණය ගෙන ඇත.

මේ ගොල්ලට නම් විදුලි පණිවිඩ සේවාව තියෙන්න ඕනී. ඒ ගොල්ලන්ගේ විරෝධතා දක්වන්න. මේ නායකයින්ට SMS යවන්නයැ.  අපිට නම් සුදු අළියෙක් වෙලා ගියෙන තැපල් දෙපාර්තමේන්තුව නැත්තටම නැතිවුනාට කමක් නැහැ.

නවීකරණය වෙලා ලාභ ලබන ආයාතනයක් වෙන්න පුළුවන් ආයාතනයක් වුනත් ඇමතියාගේ පටන් පහලම ඉන්න එක්කෙනාට  දක්වා එයෙම චින්තනයක් උපදින්න “ මෙමරි ප්ලස්” වගේ උත්තේජකයක් මොළයට විදින්න ඕනී.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )