නත්තල් දා සිතිවිලි.


 Christmas-Wide-Screen-wallpaper-y

නත්තල ගෙවී ගොසිනි. ජනවාරි පලමුවෙනිදා අළුත් අවුරුද්දකි.

 නත්තල ගෙවී යද්දී කඩුල්ලට ඇතිවු සිතිවිලි එක පෙලට පෙල ගැසීමට නොහැකිව අසංවරව පෙල ගැසුන හැටි  මේ වියමන කියවන විට ඔබ අවබෝධ කර ගනු ඇතැයි කඩුල්ල සිතයි.

 කඩුල්ල කිතුනුවෙකු නොවේ.

 එහෙයින් වියමනතුල  යම් යම් පරස්පරතා ඇතිවී ඇත්නම් සාමයෙන් සහ සහජීවනයෙන් නිවරදි කර ගැණිමට උදව්වන ලෙස කාරුණික ආරාධණයක් ද කල යුතුවේ.

 මෙතැන් සිට ඒ අසංවර සිතිවිලි කියවන්න

මෙරටට පැමිණි පෘතුගීසින්  සමග කතෝලික ආගම මෙරටට පැමිණි අතර අප රටේ සෙමින් පැලපදියම් විය. ඒ හා සමගම කතෝලික ආගම වටා ගෙතුන සංස්කාතික ක්‍රියාදාමයක්ද අප රටට උරුම විය. නත්තල  සහ පාස්කුව වැනි කතෝලික ආගමික උත්සව අපේ රටේ සංස්කෘතික උරුමයන්  බවට පත්වන්නේ ඒ අනුවය. “නත්තල” යන වචනය සැදී ඇත්තේ “නතාල්” නම් පෘතුගීසි වචනයෙනි. ඕලන්දයේ නත්තල හඳුන්වනු ලබන්නේ “කර්සටමිස්” යනුවෙනි. ඉංග්‍රීසියෙන් ක්‍රිස්මස් (Christmas) ය. අප රටේ නත්තල පවත්වනු ලබන්නේ දෙසැම්බර් මස 25 වැනිදාය.

සමහර උදවිය තමන් අදහන , අනුගමනය කරන ආගම දර්ශණය හැර අනෙක් ආගම් ,දර්ශණ පිටුදකිමින් නෙයෙකුත් ප්‍රලාප කියමින් සිටිනු දක්නට ලැබේ. එමගින් අන්‍ය ආගමිකයන් සමග බෙදීමක් ඇති කරන්නට උත්සහා දරමින් සිටින අවස්ථා මාධ්‍ය මගින් හෙලිදරව්වේ. අප එසේ නොකල යුතුයැයි කඩුල්ලට සිතයි. අපේ යුතුකම වන්නේ ආගම්වාද ඇති නොකර සැමට සාමයෙන් – ප්‍රේමයෙන් හා සහජීවනයෙන් ජීවත්වීමට වටපිටාවක් සකස් කිරීමයි.

“සැබෑවට තම ආගමට ගරු කරන්නෝ – අනෙකුත්  ආගම්වලට ගරහන්නේ නැත. එම ආගම්වලට එරෙහිව ප්‍රලාප ගොතන්නේ නැත. ” – ධර්මාශෝක රජතුමා විසින් පලකල අදහසක් අප ජනවහරට එක්ව ඇත. ඇත්තෙන්ම අපි අපිට ආදරය නොකරන්නේ නම් අන් අයෙකුට අපි ආදරය කරයිද ?.එහෙයින් සියළු ආගම් එක ලෙස සැලකිය යුතුය.

සියළු ආගම් සාමය සමාදානය යහපැවත්ම තේමා කරගෙන බිහිවී ඇත.

ආගම් බිහිවු පරිසරයේ පවතින පරිසරික, සංස්කෘතික සහ එම රටවල ආහාර රටාවන් අනුවද පුද පුජා විධි සැමරීම් පවත්වන විධි වෙනස්ව ඇතැයි කඩුල්ල උපකල්පනයක් ඇති කර ගෙන සිටී.  එය නිවරදිම නෙවෙන්නට පුළුවන. යුරෝපය සහ මැද පෙරදිග රටාවන්ට  අනුව මස් මාංශ ආහාර වේලට අනිවාර්ය ලෙස එක්වන්නේය. ඔවුන්ගේ පුද පුජා අංග තුල සත්ව ඝාතනය සාමාන්‍ය දෙයක් ලෙස කැපී පෙනෙන දෙයක්ව ඇත. ඔවුන් අහාර පිනිස සතුන් ඇති කරන කෟෂි රටාවක ජීවන මාර්ග සකස් කරගෙන ඇත. මේ නිසා සත්ව ඝාතනය ඔවුන්ට සරල කාර්යක් බවට පත්ව ඇත. ආසියාතික බෞද්ධයන් අතර මස් මාංශ ආහාර වේලට අනිවාර්ය අංගයක් ලෙස එක්වන්නේ නැත. ඔවුන්ට සත්ව ඝාතනය පිලිකුල් සහගතය.

අද නත්තල් දිනයයි. යහමින් කා බී විනෝද වෙන්නෙක් ගෙන් “අද නත්තල් වගෙයි ” යන්න අසන්නට අපි පුරුදුව සිටින්නේය. නත්තල් දාට කා බී විනෝදවන නිසාය.    සිංහල අළුත් අවුරුදු දාට නත්තල්දා මෙන් වෙනසක් නැත. එදාටද නත්තල්දා මෙන්  ජයට කා බී විනෝද වන දවසක් ලෙස හැදින්විය හැකිය.නත්තල සැමරීම වෙනුවෙන් ඌරන්, කුකුළන්, ගවයන්, එළුවන්, බැටළුවන්, කලුකුම් ආදී සතුන්  කොතරම් ප්‍රමාණයක් මිය යන්න ඇත්ද ?.සිංහල අළුත් අවුරුදු සැමරීමටද අපේ සිංහල බෞද්ධයෝ මේසා ක්‍රියා දාමයක් අනුකරනය කරන්නේ නැතිද ?.  සත්ව හිංසාව  කිතුදහමට ද පටහැනිය.  බෞද්ධාගමටද පටහැණිය. ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ අහිංසාවාදියෙකු බව ප්‍රකටය.

එහෙත්  ජයට කා බී විනෝද වීම නත්තලට සිංහල අළුත් අවුරුද්දට  පමණක්‌ පොදු තත්ත්වයක්‌ නොවේ. සෑම ආගමික උත්සවයකදීම, එයට පෙර දින මරණ ලද සතුන්ගේ මස්‌වලින් සහ බාර්වලින් ගන්නා ලද මත්පැන්වලින් නිවසේ ශීතකරණ පිරී යන්නේ පසුදා උදාවන උත්සවය සැමරීමටය..

අපි අද නත්තල් උත්සවය උත්සවශ්‍රීයෙන් සැමරුවෙමු.  සාමය, කරුණාව සහ සහජීවනය උදෙසා දිවි හිමියෙන් කටයුතු කළ ඡේසුස්‌ ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ උත්පත්තිය උත්සවශ්‍රීයෙන් සැමරුවෙමු.

තමා මරාදමනු ලබන කුරුසිය උන්වහන්සේගේ කරට දී කල්වාරි කන්ද දක්වා ගෙන යාමට සලස්වා එම කුරුසියට තබා ඇන ගසා මියයාමට සැලස්වීමට තරම් එදා රෝම පාලකයෝ දරුණු වුහ. එදත්  අද මෙන්  එදා රෝම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නඩු අසා මෙම දඩුවම සාධාරනීකරණය කරන්නට ඇත.  යේසුස් ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ ධර්මය ඇසීමට එක්වන පැමිනෙන  ජනතාව  ආපසු හැරී තමන් පසුපස ආවොත්  අසාධාරනව ජනතාව පෙලන රෝම ආණ්‌ඩුව පෙරලා දමනු ඇතැයි එදා  පාලකයෝ සිතන්නට ඇත. කබරගොයි මසුත් තලගොයි මස් ලෙස සලකා බුදින වර්තමාන පාලකයෝ මෙන් එදා රෝමන් පාලකයෝ මේ උතුම්වු යේසුස් ක්‍රිස්‌තුස්‌ වහන්සේටද  අභූත චොදනා ගොනු කර පාලකයිනට සාධාරන ලෙස දෙන ලද තීන්දුවකින්  ඒ දඩුවම ප්‍රකාශ කරන්නට ඇත.

අතීතයේ දේශපාලනයත් වර්තමානයේ දේශපාලනයත් අතර වෙනසක් නැත.  දේශපාලනය නම් දේශපාලනයයි. තමන්ට එරෙහිව නැගඑතැයි සිතුව හොත් තම මිත්‍රයා වුවත් ගහලයාට පාවා දෙන්න දේශපාලනය පසුබට වෙන්නේ නැත.

කිතු සමිදාණන් දෙසූ සාමය සහ සහජීවනය නූතන ලෝකයෙහි දක්නට නැත.

උන්වහන්සේ උපන් භූමියෙහිවත් අද සාමය සහ සහජීවනය පවත්වා ගෙන යන්නේ නැත. ඊශ්‍රායලකාරයන් විසින් බෝම්බ දැමීම නිසා පලස්‌තීනය යුද්ධ භූමියක්‌ බවට පත්ව ඇත.
උන්වහන්සේ ලෝකයට වැඩ පිණිස  කරන  ලද දේශනා අතරට මේ දේශනාවද එක් කර ඇත. අහසත් – පොලොවත් විනාශ වී යන දිනය හෝ පැය ස්වර්ගයේ දූතයන් හෝ පුත්‍රයාණන් හෝ නො දන්නා බැවින් අවදියෙන් හා දහමෙන් ජීවත් විය යුතුය.

අප කළ යුත්තේ අවදියෙන්  යුතුව හා  දහමෙන්  යුතුව  ජීවත්වීම ය.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )