අපරාධ වැළැක්‌වීම නීතියට පමණක්‌ කළ නොහැකිය.


images

අවුරුදු තිහක් තිස්සේ මේ රටේ පැවති යුද්ධය මිනිසුන්ගේ ජීවිතයේ වටිනාකම නැති කලේය. මිනිස් ජීවිතයක් තුට්ටුවක් වටිනාකමක් නැති උන්ඩයකටතරම්  වටින්නේ නැති බව  බල්ලන් බලලුන් මෙන් මියෑදෙන ජීවිත සාක්‍ෂාත් කලේය. යුද්ධය අවසන් වීත් මිනිසුන්ගේ මනස තවමත් යථා තත්වයට පත්ව නැත.

අපේ අධ්‍යාපනයද  මිනිසුන්ගේ වටිනාකමක් නැති ජීවිත ගොඩනගන යාන්ත්‍රණයක් වී ඇති බව  අපට සිතෙනා තවත් දෙයක් වී ඇත. පලමුවන වසරේ සිට අතිරේක පන්ති සොයා යන දෙමව්පියෝ තම දරුවන්ට ළමා කාලයක් ඉතිරි කරන්නේනැත. පහ වසරෙන් අරඹන විබාග තරගය අවසන්වන්නේ වියපත්ව මියඇදෙනා දවසටය. ළමාකාලයේ සුන්දරත්වය විදින්ට  දෙමව්පියන්ගෙන්ම ඉඩක් ලැබෙන්නේ නැත. අධ්‍යාපන තරගය විසින් පුංචි එවුන් යන්ත්‍ර බවට පත් කර ඒ යන්ත්‍ර සිතක් පපුවක් නැති ජීවිත බවට  නිර්මාණය කරන්නේ දෙමව්පියන් විසින්මය. මේ යන්ත්‍රවලට  ජීවිතය පිලිබද සංවේදී බවක් ඇත්තේ නැත.

අපේ රටේ විද්‍යුත් මාධ්‍යට ඇත්තේද වල්බූරූ අධ්‍යාත්මයක් යයි කඩුල්ල සිතන්නේය. ටෙලි නාට්‍ය තේමාවන් තුල වැඩිපුරම  සාකච්චා කරන්නේ අසම්මත  ප්‍රේම සම්බන්‍ධතා ගැනය. මේවා බලන තරුන පරපුර ඒ චරිත සැබෑ ජීවිතයේ අනුකරනය කරන්නට යාමෙන් විපත් මවා ගන්නේය.

අපරාධ වැළැක්‌වීම නීතියට පමණක්‌ කළ නොහැකිය. ධර්මය නැතිව යන කළ මිනිසුන් තිරිසනුන් ලෙස හැසිරෙන්නේය. කිනම් ආගමක දහම් පාසලකදී හෝ යහගුණ ඉගන නොගන්නා දරුවෝ වැඩිහිටි වු පසු යහගුණ නොදන්නා නොමිනිසුන් බවට පත්වීමේ අරුමයක් නැත.අපරාධ නොවීමට යහපත් ආදර්ශ ඇතිවිය යුතුය. ආදර්ශ සැපයිය යුතු පුද්ගලයෝම අපරාධ කරත් නම් ඒ පුර්වාදර්ශ අනුගමනය කිරීමට බාලයෝ පෙලෙඹෙන බව සිතිය යුතුය.

මේ සියල්ල සිහිපත්වුයේ පසුගියදා රත්මලානේදී තම බිරියත් දරුදෙදෙනාත් ගෙල සිර කර මරා දැමු අධමයා ගැන  තොරතුරු  පුවත් කියවන විටදීය. මේ සිදුවීම ඇසු ඕණැම සංවේදී හදවතක් තම හදවතින් පියකු තම ලෙයින් උපන් නොදරුවෙක්‌ ගෙල සිරකර මරා දමන්නෙ කෙලෙසින්ද?   සිතක යන්තම් හෝ තෙතමනයක්‌ ඇති ඕනෑම මනුෂ්‍යයෙකුට  මෙවැන්නක් කල හැකිද ?.  යන්නත් සිතෙනු ඇත. එහෙත් පියෙකු විසින් තම දරුදෙදෙකාත් බිරියත් මරා දමා ඇත.මේ පියාගේ ජීවිතයේ පසුබිම කියවන විට ඔහු නිර්මාණය කල පසුබිම කියවන විට කඩුල්ල මුලින් පල කල පුර්විකාව විසින් සදහන් කල පරිසරයක නිර්මාණය වන්නේ මෙවැවි අධම චරිත බව පැහැදිලි කර ගත හැක.

Advertisements

One comment on “අපරාධ වැළැක්‌වීම නීතියට පමණක්‌ කළ නොහැකිය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )