Quote

geants tank

යෝධ වැව.

ශ්‍රී ලංකාවේ සිතියම ගෙන මන්නාරමේ පිහිටි යා යුතු තැන් සොයමින් සිටින විට Giants’ Tank. නමින් ලොකු භුමි ප්‍රමානයක් නිල් පාටින් සටහන් වී ඇති අයුරු දකින්නට ලැබුනි. මොකක්ද මේ Giants’ Tank. ?.   “Giants’ Tank.”  සිංහලට පරිවර්ථනවී මනසට යෝධ වැව ලෙස හදුනා ගැණිමට කඩුල්ලට බොහෝ වෙලාවක් ගතවිය. ඒ අතර   පුංචි එකෙක් “ඔය යෝධ වැවනේ අංකල් “යයි  හදුන්වා දෙන විට  කඩුල්ලට පොලොව පලා ගෙන යන්න සුදුසු කැනක් සොයන්නට විනි. මේ කඩුල්ලගේ  දැනුමේ තරමද?  නැත්නම් මතකයේ වේගය අඩුවීමක්ද?

මැදවච්චියේ සිට මන්නාරම් යන ඒ 14 පාරේ යනවිට පාරට  සමාන්තරව කිලෝ මීටර් හතරහමාරක්‌ දිගට  පාරට ඉහලින් පිහිටි වැව් කන්ඩිය  බලමින් අප පාර දිගේ ගමන් කරමින් සිටිමු. වැව් කන්ඩියට නැගීමට සුදුසු ස්ථානයකින් කන්ඩිය මතට නැග වැව දෙස බලා සිටින කෙනෙකුගේ ඇස්දිස් මානය  අංශක 180 ක රූපයක්‌ දර්ශනය වෙයි. ඉදිරි කෙලවර පෙනෙන්නේ පරක් තෙරක් නොපෙනෙන  සිතිජයයි. මේ යෝධ වැවයි.

මේ වැව යෝධ වැව වුයේ යෝධයින් බැදි වැව  නිසාද නැත්නම් වැවේ යෝධ ප්‍රමානය නිසාදැයි සිතිය නොහැකියි.යෝධ වැව බැදි බවට උරුමක්කාරයෙකු නොවුවද අනුමාන උරුමක් කාරුවන් ලෙස මහා පරාක්‍රමබාහු රජු වසභ රජු හෝ ධාතුසේන රජුන්ගේ නම්වේ.මේ අතර ධාතුසේන රජසමයේ  යෝධ වැව ඉදිකල බවද ඓතිහාසික තොරතුරු විෂ්ලේශකයෝ අදහස් පල කරති.

යෝධ වැව මල්වතු හරස් කිරීමෙන් ඉදිකල ලංකාවේ විශාලතම ජලාශයකි.මෙය විශාලත්වයෙන් ලංකාවේ දෙවැනි වැව බවත් ලෝකයේ ම තුන්වෙනි වැව බවත් සදහන් කරයි.

යෝධ වැවේ ජලය ධාරිතාව අක්‌කර අඩි 26000 කි. ලංකාවේ ඇති මේ සා විශාල වාපි ජල ධාරිතාවන්ගෙන් පෝෂණය ලබන සෙසු පෝෂක ප්‍රදේශ සමග ගත් කල යෝධ වැවේ ජල පෝෂක ප්‍රදේශය වනාහී ලංකාවෙන් ම තුන් වැනි තැන ගන්නා ජල පෝෂක ප්‍රදේශයයි. ඒ එය පරාක්‍රම සමුද්‍රයේදී අක්‌කර 19,632 ක්‌ වන අතර ඉරණමඩු වැවේදී අක්‌කර 18,165 ක්‌ වෙයි.

තුන් වැන්නා යෝධ වැවයි. එය අක්‌කර 14,771 ක්‌ වන අතර හතර වැන්නා වූ මින්නේරිය වැව පෝෂණය කරන්නේ අක්‌කර 13,500 ක ප්‍රදේශයකි.

යුධ සමයේ නිතර අසන්නට ලැබු සහල් නැළිය නමින් ප්‍රකට කෙත් යාය පෝෂණය වන්නේද මේ ජලාශයෙනි.

වර්තමානයේ ප්‍රතිසංස්කරන මට්ටමේ පවතින විනාශවී ගිය යෝධ වැව කුරුළු පාරාදීසයක්.

යෝධ වැව.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )