උදෘතය

DSC05744

මන්නාරම කොටුව

මන්නාරමේ සිට අතීතයට………

DSC05745

මන්නාරම් කොටුව

DSC05746

ලන්දේසී ගෘහ නිර්මාන ලක්‍ෂණ

මෙන්න මෙතන තමයි එකල ප්රේසිද්ධියේ මරණ දඩුවම දුන්නේ

මෙන්න මෙතන තමයි එකල ප්රේසිද්ධියේ මරණ දඩුවම දුන්නේ

තලෙයිමන්නාරමේ සිට අපේ අරමුණ ආපසු ගම්රටවල් වලට පහුබහින්න . යෝධ වැවෙන් නාලා දිවා ආහාරය ගන්න නඩය මණ්නාරමෙන් ද්‍රව සහ ද්‍රව්‍ය  රැස් කරනවා. මේ විරාමය  කණ්ඩායමේ අනෙක් අයට  මන්නාරම් කොටුව  බලන්න වෙන්වුනා.

ඇමතිතුමෙක් අධිකරණයට පාට් දමපු භූමිය ට මායිම් වුන පාරෙන් මන්නාරම් කොටුවට යන්න මාර්ග වැටිලා තියෙනවා. ආරක්‍ෂක අංශ විසින් පිලියම් කරන ලද මාර්ගයේ මීටර් දෙසියයක් ගමන් කරපුවම කොටුවට අතුල් වෙන්න පුළුවන්. පැරණි පරිපාලන ඒකකය පාළු අම්බලමක් වගෙයි. ආරක්‍ෂක අංශ සාමාජිකයන් විසින් පිලිසකර කරන්න සුදානමක් තියෙනවා වගෙයි පෙනුනේ.

මෙතන පොලිස් මුර පොලක් තියෙනවා. එහායින් මන්නාරම පාලම. කොටුව ඇතුලත වටයක් ගිය තද අවු රැස්වලින් පීඩා විදින්න අකමැත්තේ කඩුල්ල නැවතත් වාහනයට ආවා.

වාහනයේ සිට ‍‍මන්නාරමේ ඓතිහාසික තොරතුරු ගැන හිතන්න පටන් ගත්තේ හත අට වසරේදී අපට  ඉතිහාස පාඩම උගන්වපු ගලගම ස්කොලේ ( දැන් රත්/බල/ ගලගම මහා විද්‍යාලය) බෝපගම මහත්තයාගේ රූපකාය සිහිපත් කරගෙන.

මන්නාරම අරාබිවරුන්ගේ වෙලද නගරයක්. 1550 විතර කාලේ පෘතුගීසින්ගේ ආක්‍රමණයට එම වෙළද නගරය ලක්වෙනවා.පෘතුගීසින් ගේ පාලනයට නතුවන මන්නාරම  ඔවුන්ගේ බල මුලස්ථානය පිහිටුවා ගන්නවා. පෘතුගීසින් විසින් ඉදිකරන ලද කොටුව පසුකාලයක ලන්දේසීන් ,සහ ඉංග්‍රීසින් විසින් නඩත්තු කරමින් පවත්වා ගෙන යනවා.

කඩුල්ල පවුරේ පිටත සිට කොටුව දෙස බලා ඉන්නවා. බෝපෙගම මහත්තයා ඒ කාලේ පෙන්නපු පින්තූරයක නැරඹුම් කුටියක් වගේ දෙයක් පෙන්නලා මෙන්න මෙතන තමයි එකල ප්‍රසිද්ධියේ මරණ දඩුවම දුන්නේ කියලා පෙන්නලා  දීලා තියෙනවා. ඒ නැරඹුම් කුටිය බිම් මට්ටමේ සිට ඉහලින් කඩුල්ල හදුනා ගන්නවා.

පෘතුගීසින් ගෙන් පසු පැමිණි ලන්දේසීන් පල්ලියක්‌, පරිපාලන ශාලාවත්, අධිකරණ ශාලාවක්‌, සොහොන් බිම් ආදිය මෙහි ගොඩනඟා  තියෙන බව එහෙන් මෙහෙන් ඇවිද ගිය කඩුල්ල හදුනා ගත්තා. ලන්දේසීන්ට පසු මන්නාරම් කොටුව පාලනය කළ ඉංග්‍රීසීන් ඒවා විනාශ නොකර ආරක්‌ෂා කලත් හිත් පිත් නොතිබුන ප්‍රභාකරන් මහත්තයා නම් අනුකම්පාවක් දක්වලා තිබුනේ නැහැ. කොටුවේ බිත්ති බෝම්බ ප්‍රහාරයන් වලට ඔරොත්තු නොදුන්න බවයි පෙනෙන්නේ.

මන්නාරම නගරය පුරා ඉන්දියානු හින්දු ආගමික බලපෑමත්  ලන්දේසී ඉංග්‍රිසි පාලන සමයන්හි කෝවිල් හා එම ආගමික පසුබිම විනාශ කරමින් කිතුණු දහම පැතිර යැම පිළිබඳ විවිධ සාක්‌ෂිත්  මන්නාරම නගරයේ සංචාරය කරන්නකුට හිතා ගන්න  පුළුවන්. මේ පිලිබදව හොදම සාක්‍ෂිය “තිරුකේතිස්‌වරම්” කෝවිල.

මන්නාරම නගරයේ පිහිටා ඇති වසර සිය ගණනකට වඩා පැරැණි “තිරුකේතිස්‌වරම්” කෝවිල නිහඩව කියන්නේ ආගමික ආක්‍රමණයේ   පසුබිම.

දැහැනෙන් මිදුනේ එකාදෙන්නා අඩුම කුඩුම එකතු කරගෙන වාහනේට ගොඩ වෙන කොට “හා  ! දෑන් ඉතින් යන් නාන්න. කඩුල්ල පිරිසගෙන් ඇහුවේ යෝධ වැවෙන්ද ? නැත්නම් මල්වතු ඔයෙන්ද ?. කියලා. නාගන්න තියෙන හදිස්සියක්.

DSC05748

නව පාලම

මන්නාරමේ සිට අතීතයට………

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )