Quote

කඩුල්ල තලෙයි මන්නාරමේ සිට

පසුගිය වියමන් දෙකක් වෙන්වුනේ මඩු දේවස්ථානය ගැනත් තන්තිරිමලේ රජ මහා විහාරයත් ගැන විස්තර කරන්න.

තන්තිරිමලේ රජ මහා විහාරයේ පසුව කඩුල්ල මන්නාරමට ආවේ රාත්‍රියේ ලැගුම් ගන්න නියමිත තැනට. රාජ්‍ය අනුග්‍රහය ලැබු සංචාරයක් නිසා මන්නාරම තලෙයිමන්නාරම මාර්ගයේ මන්නාරමේ සිට ටික දුරක් ගෙවන විට හමුවුන ඉංග්‍රීසි ගුරු අභ්‍යාස විද්‍යාලයක් අළුතින් පිහිටුවලා තියෙනවා. අභ්‍යාස විද්‍යාලයක් ලෙස  මෙම ගොඩනැගිල්ල තාමත් ක්‍රියාත්මක නැති බවයි කඩුල්ල නිරීක්‍ෂණය කලේ .මේ ගොඩනැගිලේ ගුරු නේවාසිකාගාරයක් ලෙස භාවිතා කරන කොටසේ කාමරයක් කඩුල්ලගේ ලැගුම් පොල වුනා.

කණ්ඩායමේ අනිත් ඇත්තෝ ගමනේ අතරමගදී යාපන අර්ධද්වීපයට විශේෂිතවු පානයක් සොයා ගෙන රාත්‍රිය සමරන්න සුදානම් වුනා. කඩුල්ලට මතකයේ නරක අත්දැකීමක් තිබුනා. යාපනේට ගිය පැරණි සංචාරයකදී ලැබුන . මග දිගට විසි තිස්පාරක් “ වොෂ් රූම්” සොයා ගෙන බැද්දක් බැද්දක් ගානේ දුවපු සගයෝ කිහිප දෙනෙක් ගැන.

ඒ අරුමය සිහිපත් කරගෙන මදුරු කොයිල් එකක් දල්වගෙන කඩුල්ල හෙට ගැන හිතා ගෙන හීනයක් බැළුවා.

Rameswaram2

ඒ හීනේ අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයා හිටියා.  එතුමා අගමැති වුන අළුත ඉන්දියාවට පාලමක් හදනවා . අපිට හීනයක් වුනත් ඒක යථාර්ථයක් කර ගත හැකි හීනයක් කියලා මම තලෙයිමන්නාරම් ජැටියේ ඉදගෙන හිතුවා .තලෙයි මන්නාරම අපෙත් – ඉන්දියාවෙති නෑකම යා කරපු  ස්ථානය කියලයි කඩුල්ල හිතන්නේ .

DSC05716

ජැටිය

ඉංග්‍රීසින් 1914 වසරේ  මැදවච්චියේ  සිට   තලෙයි මන්නාරම් තොට දක්වා දුම්රිය මඟ ඉදිකර  තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවටත් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවටත්  මගීන් සහ භාණ්ඩ ප්‍රවාහණය කර ගැණිමේ පහසු මගක් නිර්මාණය කලා . මේ දුම්රිය මග කිසිදු පීඩාවකින් තොරව  1914 සිට 1985 ජුලි මාසය වන තෙක්  වසර 70 ක් ඒ මාර්ගයේ  දුම්රිය ධාවනය  වුනා.

අබලන්වු ජැටිය

අබලන්වු ජැටිය

අද අපිට දකින්න තියෙන්නේ දුම්රිය මගීන් සහ භාණ්ඩ ඉන්දියාව බලා ගෙන යන්න ඉංග්‍රීසින්  නිර්මාණය කල අබලන්වු ජැටිය සහ ගරා වැටෙමින් තියෙන දුම්රිය   ස්ථානය විතරයි.

ප්‍රභාකරන් මහත්තයාගේ සගයින්  මැදවච්චියෙන් ඔබ්බට  තලෙයි මන්නාරම් මාර්ගයේ දුම්රිය ධාවනය මුළුමනින්ම විනාශ කලේ 1989 වසෙර්දී. මේ නිසා ඉන්දියාව හා ලංකාව අතර තලෙයි මන්නාරම් තොට හරහා සිදුවුණු ගමනාගමනය ද ඇන හිටියා .  මේ මහත්තයාගේ සගයින් විනාශ කලේ  මන්නාරම දුම්රිය පාලමයි.  ඉන්දියාවයි අපියි අතර තිබු මිත්‍රත්වයේ කිට්ටුම සහ ලාභදායක භෞතික සම්බන්ධයයි.

ප්‍රභාකරන් මහත්තයාගේ සගයින්  විනාශ කළ මන්නාරම් පාලමේ කොටසක් තවමත් මුහුදේ තියෙනවා අපට මන්නාරම් – තලෙයිමන්නාරම් මහා මාර්ගයේ සිටත් එය දකින්න පුළුවන්.

DSC05740

අබලන්වු දුම්රිය ස්ථානය.

දුම්රිය මාර්ගය ගැන කතා කලත් අද තලෙයිමන්නාරමට එන්න දුම්රිය මගක් නැහැ. අළුතින් ඉන්දියානු රජයේ ආධාර ඇතිව ඉන්දියානු රජයේ ව්‍යාවාසකයෙක් විසින් අළුතින්  මේ මාර්ගය ඉදිකරනවා. ප්‍රභාකරන් මහත්තයාගේ වැඩ රාජකාරී නිසා තලෙයිමන්නාරමට අළුත් දුම්රිය මගක් ලැබෙනවා.

තලෛයි මන්නාරම  ගැන වියමනක   සදහන් කරන්න ඕනිනේ තලෛයි මන්නාරම  කින වචනේ සිංහල අර්ථයත්. කඩුල්ල දන්න දෙමලෙන්” තලෛයි “කියන්නේ  සිංහලෙන් හිසට. ඉතින් මන්නාරමේ හිස  තලෛයි මන්නාරම.

DSC05706

ප්‍රදීපාගාරය

තලෛයි මන්නාරම් නිල් අහස යට රැදී තියෙන ස්වභාව ධර්මයේ ආශ්චර්යවත් බව කඩුල්ලට අහන්න මුලින්ම කඩුල්ල මුණ ගැහුනේ පරනව ගිය අළුත්වැඩියා නොකල ප්‍රදීපාගාරයෙන් . ප්‍රදීපාගාරය නිසොල්මනේ මුහුද දෙස  බලාගත් අතේ බලාගෙන ඉන්නවා කියලා කඩුල්ල හිතුවා. ශ්‍රී ලංකාවේ ප්‍රදීපාගාර අයිති වරාය සංවර්ධණ අධිකාරියට. ලොකු ලොකු සංවර්ධන ව්‍යාපෘති කරනවා මිසක් මේ වගේ පුංචි වැඩ එයාලට මායිම් නැතිවා වගෙයි.

Ramas_bridge

ස්වභාව ධර්මයේ ආශ්චර්යවත් නිර්මාණයක් වන  මන්නාරමත්, ඉන්දියාවත් අතර පිහිටි කොරල් හිරිගල් පර හා වැලිපරවල පිහිටීම ඉන්දියාවේ තමිල්නාඩුවට ගිනිකොන දිගින් පිහිටි මුහුදේ ඇති පම්බන් නම් දූපත්වල සිට ලංකාවේ මන්නාරම් දූපත දක්වා විහිදී තියෙනවා.

මන්නාරම් ගොඩබිම සිට කි.මී. 10ක්   එ පිටින්  වැලිපර දහසයක් ඉන්දියාවේ රාමේෂ්වරම් දක්වා පැතිර තියෙනවා .  ඉන් අටක් ලංකාවට අයිතියි.  ඉතිරි අට ඉන්දියාවටද අයතියි.

මේ වැලිපර හරහා රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යතුමාගේ යෝජිත පාලම පිහිටලා තිබුනා. පසුකාලයක ඉන්දියාව “සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය’ මගින් මුහුද ගැඹුරු කර  නාවික ගමනාගමන මගක් හදන්න උත්සහා කලෙත්  මේ හරහා.

වාරකන් සමය ඉක්මවු විට සැතපුම් 18ක් පමණ දීර්ඝව  මතුවන මෙම වැලිපරය  වාල්මිකී විසින් රචිත රාමායණයේ “රාම පාලම” ලෙසත් ජනප්‍රවාදයේ “  ආදම්ගේ පාලම “ ලෙසත් සදහන් වනවා.  “මුහුදේ නිමැවු පාලම ” යන අර්ථය ඇතිව “සේතු සමුද්‍රම්” යන නාමය යොදන්නට හේතුව භුගොලීය පිහිටීමයි.

එවන් වූ සුන්දරත්වයක් ඇති ශ්‍රී ලංකා ද්වීපයට භූගෝලීය වශයෙන් ඉතා වැදගත් වූ ස්ථානය දැක බලා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මේ වන විට අවසථාව සලසා දී  තියෙනවා. තලෙයිමන්නාරම ප‍්‍රදීපාගාරය අසලින් ද මෙම සංචාරය ආරම්භ වනවා

එක් ගමන් වාරයක් සඳහා (යාමට සහ ඒමට) ආසන්න වශයෙන් පැය දෙකයි විනාඩි 15 පමණ කාලයක් ගත වෙයි.

ආසන්න වශයෙන් කිලෝමීටර් 24ක (නාවික සැතපුම් 12) දුරක් මෙම වැලිපර නැරඹීමේ සඳහා මුහුදු ගමනේ යෙදීමට අවකාශ සැලසෙනු ඇත. සංචාරය අතරතුර මෙම වැලිපර අතරින් දෙවැනි වැලිපරයට බැසීමට සංචාරකයකු හට අවස්ථව සලසා දී ඇති අතර, එහි සිට එම වැලිපරයේ හා අවට වැලිපරවල අසිරිය නැරඹීමට අවකාශ ලබාදී තිබෙනවා. මෙම සංචාරයේ දී ඔබට ඉහතින් දැක්වූ පහසුකම් වලට අමතරව නිතැතින්ම කැස්බෑවන්, ඩොල්ෆින් මත්ස්‍යයන්, තල්මසුන් හා මුහුදු ලිහිණින් වැනි ඉතා දුර්ලභ ගණයේ මුහුදු ජීවීන් දැක බලා ගැනීමේ අවස්ථාවත්  ලැබෙනවා.

කඩුල්ල තලෙයි මන්නාරමේ සිට

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )