උදෘතය

visit-church

මඩු මාතාව  වන්දනා කලෙමි.

කඩුල්ල කිතුණුවෙකු නොවේ.

එහෙත් මඩු දේවස්ථානය  දැක බලා ගැණිමේ අවශ්‍යාතාවය කඩුල්ලගේ චාරිකා ව්‍යාපෘතියට ඇතුලත්ව තිබු එහෙත් වසර ගණණාවක්  අවස්ථාවක් උදා නොවුන සිහිනයක්ව  තිබිනි. කඩුල්ලට   පසුගිය සතියේ එම සිහිනය සැබෑ කරගෙන මන්නාරම, තලෙයි මන්නාරම දක්වා සංචාරයකට අවස්ථාව ලබාගැණිමට හැකිවිනි.

එම චාරිකාව මෙතැන් සිට දෙසැම්බර් මස  සටහන් අතරට එක්වේ.

 කඩුල්ල කිතුණුවන් කිහිපදෙනෙක් සහ සටහන් කිහිපයක් සාරාංශ කරගෙන සකසන මෙම ලිපියේ හිඩැස් ඇත්නම් එම හිඩැස් පිරවීම කියවන ඔබගෙන් සිදුවනු ඇතැයි කඩුල්ල  ප්‍රාරථනයයි.

1505 න් පසු  පෘතුගීසීන් මුහුදු බඩ ප්‍රදේශ  ආක්‍රමණය කරමින් කතෝලික පල්ලි පිහිටුවා අවට ජනගහණය කතොලික ආගමට නැඹුරු කර ගැණිමේ ව්‍යාපෘතියක යෙදිනි. 1560 වසර වන විට මන්නාරම් නතරය අවට මෙවැනි කතෝලික පල්ලි විසිපහකට ආසන්න ප්‍රමාණයක් තිබු බව සටහන් වේ.

මාන්තෙයි පුරාණ නැව් තොටකි.  පෘතුගීසි සමයේ ඔවුන්ගේ  බළකොටුවක් ඉදිකොට  එතැන් සිට ප්‍රදේශය පාලනය කර ගැණිමට විධිවිධාන සකස් වී තිබිණි. අද මඩු දේවස්ථානය   තැන්පත් කොට ඇති මරිය මව්තුමියගේ දේවමාතා ප්‍රතිමාව පෘතුගීසි සමයේ  තැන්පත් කොට තිබුණේ මන්නාරම , මාන්තෙයි මාන්තොටෙහි කතෝලික දේවස්ථානයකය. 1558 වනවිට එම දේවස්ථානය ඵාරව සිට ඇත්තේ  පෙඩ්රෝ නම් පියතුමන් බව පැරණි ලේඛණ යන්හී සඳහන් වෙයි.

පෘතුගීසි පාලනයෙන්  මුහුදුබඩ ප්‍රදේශ  ලන්දේසින්ගේ  පාලනයට නතුවී මෙන් පසුව කතෝලික බැතිමතුන්ට හා දේවස්ථානවලට ලන්දේසීන්ගේ තාඩන පීඩන එල්ල විනි.එම තර්ජන නිසා  දේවමාතා පිළිරුව හා තමන්ගේ ජීවිත ද ආරක්ෂා කරගන්නට අවශ්‍ය බැවින් මාන්තෙයි සිටි කතෝලික පියතුමන් සමඟ  කණ්ඩායමක් සිංහල රජුගේ පාලන ප්‍රදේශය කරා යන්නට පිටත්විනි. මේ පිරිස නුවර රාජධානියට යන අතරතුර වනගත ප්‍රදේශයක වැවක් අද්දර සිංහල රජුට අයත් බදු එකතු කරන මධ්‍යස්ථානයක් පිහිටුවා තිබිනි. එහි  බලධාරියාවු සිංහල රජුගේ  බදු නිලධාරියාගේ උදව් ද ඇතිව ඔවුහු එම ගමේ කුඩා පැලක දේවමාතා පිළිරුව වඩා හිඳුවා ගෙන එහි පදිංචි වී ඇත. එම ගම එකල හදුන්වා ඇත්තේ මරද මඬු නමිනි.

කුඹුක් වැව යන්නෙන්  සිංහල අරුත දෙන්නේ මරද මඩු යන නාමයටයි.

වැව අද්දර කුඩා දේවස්ථානයේ මොවුන් මෙසේ සිටින අතර යාපනයේ සංකිලි රජුගෙන් බේරී පලා ආ තවත් කතෝලිකයින් විශාල පිරිසක්  ඔවුන්ට එකතු වී ඇත .මේ පිරිසට නායකත්වය දී ඇත්තේ පෘතුගීසි සෙන්පතියකුගේ දියණියක වන හෙලේනා නම් වූ තරුණියකි. බදු නිලධාරියා සමඟ හෙලේනා තරුණිය විවාහවීමෙන් මේ පිරිස එම ගම්මානයේ නැවතුනේ වනය හෙළිකොට නව ගම්මානයක් තනාගනිමිනි. පසු කාලයේ මෙම යුවල විසින් හෙලේනා තාවකාලිකව ඉදිකර තිබු  මඩු දේවස්ථානය  වැඩිදියුනු කර  ස්ථිර ගොඩනැඟිල්ලක් නිමවා මඩු මාතා පිළිරුව එහි වඩා හිඳුවා එම දේවස්ථානය මරිය මාතා නමින් කැපකළහ.

මඩු දේවස්ථානයේ හෙවත් මඩු පල්ලියේ ආරම්භය එයයි.

මෙසේ ජනී ජනයා අතර ප්‍රචලිත වූ මඩු දේවස්ථානය සඳහා මන්නාරම විනිශ්චයාසනයේ ලේකම් මොයිස් මහතා විසින් 1823 දී මැටියෙන් වඩා විශාල මැදුරක් තැනවීය. අපි දකින මේ මඩු දේවස්ථානය 1872 දී තනා නිමකළ ගොඩනැගිල්ලයි. එම ගොඩනැගිල්ල ඉදිකිරීමට  මුල් වූයේ 1868 දී අගරද තනතුරට පත් බොන්වින් නමැති පියතුමාය.1870 ජූලි මස 2දා මඩු මංගල්‍යය ආරම්භ වීමෙන් අනතුරුව එය වර්ෂයක් පාසා නොකඩවා පැවැත්වීමට කටයුතු යොදන ලද්දේ ද බොන්වින් පියතුමා විසිනි.

හැත්තෑවේ දශකයට පෙර ප්‍රභාකරන් ගේ නොසන්ඩාලකම් ඇරඹිමට පෙර මඩු වන්දනාව සඳහා ශ්‍රී ලංකාවේ සතර දෙසින්ම ජනතාව පැමිණියේ ආගමික භේද පංති භේද කිසිවක්  නොසලකමිනි.එකළ සෑම වසරකම අගෝස්තු 15 වැනිදා වන විට මඩු දේවස්ථාන භූමිය බැතිමතුන්ගෙන් පිරී යන්නේ කතරගම ඇසල පෙරහැර සමයේ මෙනි..

ප්‍රභාකරන්ගේ නොසන්ඩාල හදවත මඩුමාතාවගේ ගෞරවය කෙලෙසා මඩු දේවස්ථාන බිමෙහි බෝම්බ අතුරා එහි සිට හමුදාවන්ට වෙඩි තැබූහ. 2008 අප්‍රියෙල් 25 වැනිදා මේජර් ජනරාල් ජගත් ඩයස්ගේ නායකත්වයෙන් යුතු 57 වන සේනාංකයේ 572 බලසේනාව විසින් මඩු දේවස්ථානය මුළුමනින්ම ත්‍රස්ත ග්‍රහණයෙන් මුදාගත්තේය.

වර්තමානය වන විට මඩු දේවස්ථාන භූමිය නෙත් සනසා සිත් පහන් කරන ආගමික පරිසරයක් නිර්මාණය වී ඇති බව  සටහන් කරමි.

 මඩුමාතා දේවස්ථාන භූමියේදී පහන්වු සිත ඇතිව කඩුල්ලට  මෙම සටහන නිමවන්නේය.

මඩු දේවස්ථානය

මඩු දේවස්ථානය

මඩු දේවස්ථානය අළුත්වැඩියාවට පෙර

මඩු දේවස්ථානය අළුත්වැඩියාවට පෙර

මඩු දේවස්ථානය අළුත්වැඩියාවට පෙර

මඩු දේවස්ථානය අළුත්වැඩියාවට පෙර

මඩුමාතා පිලිරුව

මඩුමාතා පිලිරුව

පිහිටීම

පිහිටීම

මඩු මාතාව වන්දනා කලෙමි.

Advertisements

3 comments on “මඩු මාතාව වන්දනා කලෙමි.

  1. මටත් හරි උණක් තිබුනා මඩු පල්ලි යන්න.මාත් බයිසි මො‍ටෝවේ මන්නාරමේ කරක් ගැහුවා තනියමම. අර ශිව දේවාලේ බලන්න ගියෙ නැද්ද? යෝධ වැව පල්ලෙහා කුඹුරු දැන් පැහිලද? මොනවා වුනත් ජීවිතේට එකපාරක් හරි යන්නම ඕනේ ඒ පැත්තේ. මමත් නම් ඒක දැන්මම ඉවරකරා.

    මඩු පල්ලියේ ඉතිහාසේ දැන ගත්තේ දැන් තමයි හරියටම.ස්තූතියි.

  2. ඔබ කිතුනුවකු නොවීත් මඩු දේවස්ථානය ගැන මේ තරම් තොරතුරු රැස් කර අගනා ලිපියක් ලිවීම ගැන මම හදවතින්ම තුති පුදනවා… පසුගිය ඔක්තෝම්බර් මා‍සයේ වසර තිහකට පස්සෙ අපිත් පවුලක් විදියට මඩු වන්දනාවේ යෙදුණා.. ඒ ගැන මගේ බ්ලොග් සටහන් http://tharurasi.blogspot.com/2012/11/01.html, http://tharurasi.blogspot.com/2012/11/02.html බලන්න… මගේ අත්දැකීමත් ඔබේ මතකයට එක් කරන්න කැමතියි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )