අධිකරණයේ හැසිරීම – බැංගලෝර් මුලධර්ම


දිවයින වම් ඉවුරට සී. ඒ. චන්ද්‍ර ප්‍රේම අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය පිලිබදව ලියන ලද   ලිපියක අධිකරණය සම්බන්දයෙන් ඇතිකරගත් බැංග්ලෝර් සම්මුතිය පිලිබදව පලවු තොරතුරු සහ  වැදගත් යයි සිතු යම් යම් තොරතුරු කිහිපයක සංස්කරනයක් මෙම වියමනට අඩංගුවේ.
වම් ඉවුරට ලියන සී. ඒ. චන්ද්‍ර ප්‍රේමගේ ලිපිය http://www.divaina.com/2012/11/12/feature01.htmlමෙතනින් කියවන්න.

අධිකරණය ස්වාධීන විය යුතුයයි කඩුල්ල තරයේ සිතන්නෙකි.  එහෙත් ශ්‍රී ලංකාවේ අධිකරණය ස්වාධීනදැයි සිතිය නොහැකි අවස්ථා පසුගිය කාලපරාසය තුල අපට  දිස්විය.එය රාජපාක්‍ෂිකවු අවස්ථාද රාජපාක්‍ෂික නොවු අවස්ථා පිලිබද පුර්වාදර්ශ ඉතිහාසයට එක් වී තිබේ.
ඉන්දියාවේ හිටපු අග විනිසුරුවරයකු වන වයි. කේ. ෂබර්වාල් මහතා පවසා ඇත්තේ සාමාන්‍ය රජයේ සේවකයන්ට බලපානවාට වඩා ඉතා උසස්‌ විනය රීති විනිශ්චයකාරවරුන් සම්බන්ධයෙන් බලපවත්වන බවයි.

2000 ත් 2007 ත් අතර ඇති වූ දීර්ඝ ක්‍රියාදාමයකින් පසු එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් අනුග්‍රහය දක්‌වන ලද විනිශ්චයකාරවරුන් සඳහා විනය රීති මාලාවක්‌ සකස්‌ කිරීමේ මණ්‌ඩලයක්‌ විසින් විනිසුරුවන්ගේ ක්‍රියාලාපය සඳහා බැංග්ලෝර් මූලධර්ම” සම්පාදනය කරන ලදී.

ලෝකය පුරාම විශිෂ්ට නීති විශාරදයන් මේ කටයුත්තට සහභාගි වූ අතර එම මණ්‌ඩලයේ සභාපතිත්වය දරන ලද්දේ  ලංකාවේ නීති විශාරදයකු වන සී. ජී. වීරමන්ත්‍රි මහතාය. මේ මූලධර්ම හා එහි අටුවාව සම්පාදනය කිරීමට විවිධ අවස්‌ථාවලදී ලංකාවේ තවත් නීති විශාරදයන් දෙදෙනකු වන නිහාල් ජයවික්‍රම හා සරත් එන්. සිල්වා ද සහභාගි වී තිබීම හේතුවෙන් මේ බැංග්ලෝර් මූලධර්ම අපට විශේෂයෙන් වැදගත් වෙයි.

මෙම මූලධර්ම එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජ හා ආර්ථික කවුන්සිලය විසින් පිළිගෙන තිබෙන අතර එය ලෝකයේ සියලුම රටවලට නිර්දේශ කොට තිබේ. මෙකී බැංග්ලෝර් මූලධර්ම සම්පාදනය කිරීමේදී සාකච්ඡා වූ එක්‌ ප්‍රධාන ප්‍රශ්නයක්‌ වූයේ විනිශ්චයකාරවරුන් තම පවුල් වල සාමාජිකයන්ගේ මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් දැනුවත්ව සිටීමට ඔවුන්ට තිබූ යුතුකමයි.

තවදඅධිකරණයේස්වාධීනත්වයගැනකතාකිරීමේදීඅධිකරණයස්වාධීනවියයුත්තේකුමකින්දැයිඅසනප්‍රශ්නයටපිළිතුරවූයේඔවුන්ස්වාධීනවියයුත්තේපවතිනආණ්ඩුවෙන්බවයි.

මෙහිදී බැංග්ලෝර් මූලධර්මවල කියවෙන්නේ අධිකරණය සැබවින්ම දේශපාලනයෙන් ඈත්වී සිටිය යුතුවා පමණක්‌ නොව දේශපාලනයට සම්බන්ධ නැති බව පෙනීමට ද තිබිය යුතු බවයි.

  • සියලුම විනිශ්චයකාරවරුන් විධායකය හා ව්‍යවස්‌ථාදායකය සමග නුසුදුසු සම්බන්ධකම් කිසිවක්‌ නොපැවැත්විය යුතුවා පමණක්‌ නොව එවැනි සම්බන්ධකම් නොපවත්වන බවට පෙනෙන්නට ද තිබිය යුතු බව බැංග්ලෝර් මූලධර්ම වල තවත් වගන්තියක්‌ වෙයි.
  • එපමණක්‌ද නොව මෙහි තවත් මූලධර්මයක්‌ වන්නේ විනිශ්චයකාරවරයාගේ පවුලේ සාමාජිකයන් විනිශ්චයකාරවරයාගේ එම නිලය භාවිත කරමින් ගනුදෙනුවලට එළඹීම හෝ එවැනි ගනුදෙනුවලට එළඹුණා යෑයි පෙනීමට හෝ සැක ඇතිවීමට තුඩුදුන් කිසිවක්‌ නොකළ යුතු බවයි.
  • මෙහිදී වැදගත් වන්නේ අදාළ විනිශ්චයකාරවරයා කරන හෝ කියන දෙයටත් වඩා ඒ සම්බන්ධයෙන් අනුන් සිතන දේ බවද බැංග්ලෝර් මූලධර්මවල අවධාරණය කෙරේ.
  • කුමක්‌ හෝ තෑග්ගක්‌ හෝ වරදානයක්‌ ලබාගැනීමට පෙර සෑම විනිසුරුවරයකුම මෙය මහජනතාවට කුමන ආකාරයට පෙනේවිද යන ප්‍රශ්නය තමන්ගෙන්ම අසාගත යුතු බව එහි සඳහන් වෙයි. එපමණක්‌ ද නොව විනිශ්චයකාරවරුන් සාධාරණ හා දැනුවත් සාමාන්‍ය පුද්ගලයකුගේ අවබෝධයට අනුව තමාගේ අවංකභාවය ප්‍රශ්නයකට භාජන වන හැසිරීමෙන් වැළකී සිටිය යුතු බව කියවෙයි.
  • එහිදී අදාළ විනිශ්චයකාරවරයාගේ පවුලේ සාමාජිකයකුට හෝ එම විනිශ්චයකාරවරයාගේ නිවසේ ජීවත්වන අයකුට යම්කිසි ත්‍යාගයක්‌, වරදානයක්‌, ණය මුදලක්‌ හෝ වෙනත් උදව්වක්‌ ලැබීම එකී විනිශ්චයකාරවරයාට බලපෑම් කිරීමට දෙනු ලබන දෙයක්‌ හැටියට පෙනෙන්නට ඉඩ තිබෙන නිසා විනිශ්චයකාරවරුන් තමන්ට ඇති සීමා කිරීම් තම පවුලේ සාමාජිකයන්ට දැන්විය යුතු අතර ඔවුන් ඒවා උල්ලංඝනය නොකරන බවට වගබලා ගත යුතු බවයි.කිසිම විනිශ්චයකාරවරයකුගේ නිල තත්ත්වය තමාගේ හෝ තම පවුලේ සාමාජිකයකුගේ ඉදිරි ගමන සඳහා භාවිත කළ නොයුතු බව බැංග්ලෝර් මූලධර්මවල කියවෙයි.
  • විනිශ්චයකාරවරයකු සමාජයේ සුවිශේෂ පුද්ගලයකු වන නිසාත් ඔහු යන යන තැන කවුරුත් ඔහුට යටහත් පහත් භාවය දක්‌වන නිසාත් තම තනතුර භාවිත කරමින් කිසිදු පුද්ගලික වාසියක්‌ ලබාගත නොයුතු බවද එහි කියවෙයි.
  • බැංග්ලෝර් මූලධර්මවල තදින්ම අවධාරණය කෙරෙන තවත් කාරණයක්‌ වන්නේ කිසිම කෙනකු තමාගේම නඩුවක විනිශ්චයකාරවරයා නොවිය යුතුය යන මූලධර්මයයි.
  • මෙය විස්‌තර කරමින් එහි පවසා ඇත්තේ ඇතැම් අවස්‌ථාවල නඩුකාරයකුට තමාටම යම්කිසි ආර්ථික වාසියක්‌ ඇති නඩුවක්‌ විනිශ්චය කිරීමට ලැබීමට ඉඩ ඇති බවත් එවැනි අවස්‌ථාවල පමණක්‌ නොව විනිශ්චයකාරවරයාට අදාළ නඩුවට සෘජු සම්බන්ධයක්‌ නැතත් එම නඩුවට අදාළ පාර්ශ්වයන් සමග ඇති මිත්‍රකමක්‌ වැනි සම්බන්ධයක්‌ නිසා ඔහුගේ හැසිරීම වෙනස්‌වීමට ඉඩ ඇති අවස්‌ථාවලදී කිසිම කෙනකු තමන්ගේම නඩුවක විනිශ්චයකාරවරයකු නොවිය යුතුය යන මේ මූලධර්මය අදාළ වන බවයි.
  • මෙහිදී යම්කිසි පුද්ගලයකුට යම් විශේෂ සැලකීමක්‌ විනිශ්චයකාරවරයා විසින් කිරීමට ඉඩ ඇතැයි යන සැකයට හෝ තුඩු දෙන ආකාරයට විනිශ්චයකාරවරුන් හැසිරිය යුතු නැති බව බැංග්ලෝර් මූලධර්මවලින් කියවෙයි.
  • නඩුකාරවරයකුගේ පවුලේ සාමාජිකයකු කුමන හෝ ආකාරයකින් සම්බන්ධ නඩුවකට විනිශ්චයකාරවරයෙක්‌ සහභාගි නොවිය යුතු බව බැංග්ලෝර් මූලධර්මවල කියවෙයි.
  • එහි වගන්තිවලට අනුව විනිශ්චයකාරවරයකුගේ පවුලේ සාමාජිකයකු සම්බන්ධ නඩුවකින් අදාළ විනිශ්චයකාරවරයා අනිවාර්යයෙන්ම ඉවත් විය යුතුය. තම පවුලේ සාමාජිකයන්ගේ මුදල් ගනුදෙනු ගැන විනිශ්චයකාරවරයා දැනුවත්ව සිටිය යුතු බවත් යම් නඩුවකට එවැනි අයෙක්‌ සම්බන්ධව ඇත්නම් විනිශ්චයකාරවරයා එම නඩුවෙන් ඉවත් විය යුතු බව එහි කියවෙයි.ආයතන සංග්‍රහයේ රජයේ සේවකයන්ට නිර්දේශ කොට තිබෙන රීතිවලින් අපට විනිශ්චයකාරවරුන්ට බලපෑ යුතු යම් අවම හැසිරීම් රටාවක්‌ පිළිබඳව යම්කිසි අදහසක්‌ ගත හැකිය. ඒ අනුව ආයතන සංග්‍රහයේ 47 වැනි පරිච්ඡේදයේ මේ හැසිරීම් රටාව කුමක්‌ විය යුතුදැයි කියවේ.
  • එහිදී යම් රජයේ සේවකයකු හෝ ඔහුගේ පවුලේ සාමාජිකයකු මොනම ආකාරයක හෝ තෑගි බෝග, වරදාන කිසිවකුගෙන් ලබා නොගත යුතු බවත් ඒවා තම නෑදැයින්ගේ හෝ පුද්ගලික මිතුරන්ගේ සාමාන්‍ය තෑගි විය යුතු බවත් කියෑවේ. තමාගේ පවුලේ සාමාජිකයන් මෙයට අනුගත වන බවට වගබලා ගැනීම අදාළ නිලධාරියාගේ කාර්යයකි.
  • තමාගේ විවාහය සම්බන්ධයෙන් දැවැද්දට දේපළක්‌ ලැබුණොත් එය දෙපාර්තමේන්තු ප්‍රධානියාට වාර්තා කර සිටිය යුතුය. තමාට හා තමාගේ භාර්යාවට හෝ ස්‌වාමිපුරුෂයාට ලැබෙන සියලුම දේපළ ඒ ආකාරයට වාර්තා කළ යුතුය. අදාළ දේපළ නිලධාරියාගේ නමින් වුවත් ඔහුගේ පවුලේ සාමාජිකයකුගේ නමින් වුවත් මිලදී ගනු ලැබුවත් ඒවා එක ලෙස වාර්තා විය යුතුය.

අප මෙහිදී මෙනෙහි කළ යුත්තේ ඉන්දියාවේ අග්‍රවිනිශ්චයකාර වයි. කේ. ෂබර්වාල් ගේ මතයට අනුව විනිශ්චයකාරවරයකුගේ හැසිරීම සාමාන්‍ය රජයේ සේවකයකුට වඩා බෙහෙවින්ම ඉහළ විය යුතුය යන කාරණයයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )