කුකුල්මස් ව්‍යාංජනයක් .


අද  නොවැම්බර් මාසේ 14 වෙනිදා ජනවාරි මාසේ ඉදන් මේ වන විට ප්‍රිය සම්භාෂන කීයකට යන්න ඇත්ද ? ඉන් දිවා අහාරය සදහා තිබු ආහාර ලේඛනය මතක ඇත්නම්  මෙන්න මේ ලේඛනය කියවා බලන්න.

සම්බා/බාස්මතී සහලෙන් පිසින ලද තෙම්පරාදු කල එළවළු මිශ්‍රීත බත්( SAMBA/ BASMATHI VEGITABLE FRIED RICE) සාමාන්‍ය ලෙස පිසින ලද කැකුළු බත් සහ සම්බා/බාස්මතී බත්,කුකුල්මස් ව්‍යාංජනයක්,ඇඹුල් තියල්කරන ලද බල/කෙලවල්ලා මාළු,පරිප්පු ව්‍යාංජනයක්,මෝජුවක් ලෙස පිසින ලද වම්බටු තෙම්පරාදු කරන ලද අර්තාපල් (POTATOES DEVILLED) සලාදයක් ලෙස සකස් කල එළවළු සහ පපඩම්.අලංකාර ලෙස සැරසිලි කල බුෆේ (BUFFET)එකේ   අපි සහභාගි වු උත්සව දහයෙන් අටක මේ ආහාර ලේඛණයට( menu) අනුරූප ආහාර නොතිබුනා නම් පුදුමයක් විය හැක.

මෙම ආහාර ලේඛණයට අය කරන මිල ගනන් ආපන සාලාවෙන් ආපන සාලාවට වෙනස්ය.  සුපිරි ආපනසාලාවකට වඩා සාමාන්‍ය පෙලේ ආපනසාලාවකදී එකම ආහාර ලේඛනය රුපියල් පන්සියයක් පමණ අඩුවෙන් ලබා ගත හැක.

අප නිවෙසදී පිලිවෙල කරගන්නේ නම් මේ  ගෙවන පිරිවැයට වඩා පස්ගුණයක්  අඩුවෙන්  මෙමආහාර පිලිවෙල කර ගත හැක. එහෙත් උත්සව ශාලාවක් අවුරුද්දක් නඩත්තු කරන්න යන පිරිවැය උත්ශව ශාලා අයිතිකරුවා පන්සීයයකට ආහාර අළවි කිරීමෙන් සොයා ගන්නා බවබාහිර ආටෝපය නිසා අපට සිතෙන්නේ නැත.

කඩුල්ල මේ පුර්විකාවත් සමග මේ ආහාර ලේඛණයේ ඇති ආහාර වර්ග තුනක් පිළවෙල කරගන්නා අන්දම විස්තර කරන්න පුංචි උත්සහායක යෙදෙන්නේය. ඉන් පලමුවැන්න මේ වියමනත් සමග.

කුකුල්මස් ව්‍යාංජනය

උවමනා ද්‍රව්‍ය

  • මස් කිලෝ එකයි.
  • මිරිස්කුඩු 20 ග්‍රෑම්
  • ලොකු ළුණු 500ග්‍රෑම්
  • රතුළුණු 100ග්‍රෑම්
  • කහ,අබ 10 ග්‍රෑම්
  • ලියාගත් අමුමිරිස් කරල් තුනක් පමණ
  • කරපිංච ඉත්තක්,රම්පා අගල් දෙකක පමණ කොටසක්, සේර කොල කිහිපයක්
  • උළුහාල් ,කුරුදු,කරදමුංගු,කරාබු නැටි ස්වල්පයක්
  • සුදුළුණු 10 ග්‍රෑම් පමණ
  • පොල් කිරි පීරිසි කෝප්ප දෙකක්
  • පොල් තෙල් මේස හැදි දෙකක් පමණ

පිසගන්නා ක්‍රමය.

මස් කිලෝ දෙක සෝදා කැමති පුමානයකට පරිදි කැබලි කරගන්න. ඉන්පසු මිරිස් සහ කහ මිශ්‍රණයක් ලෙස සකස් කර කැබලි කරගත් මස් වල තවරන්න. එසේ තවරා ගත් මස් කැබලි වේලාවක් තිබෙන්න හැර වතුර පීරිසි  කෝප්ප දෙකක් දමා මද ගින්නේ තැම්බෙන්න හරින්න  ඉන්පසුව ලොකු ළුණු,රතුළුණු ,අබ,ලියාගත් අමුමිරිස් කරපිංච ඉත්ත රම්පා, සේර කොල උළුහාල් ,කුරුදු,කරදමුංගු,කරාබු නැටි සුදුළුණු සහපොල් කිරි එකතු කර සුළු වෙලාවක් තැම්බෙන්න ඉඩ හැර පොල් තෙල් එකතු කර තෙම්පරාදු කර ගන්න.

මීට වඩා වෙනස් ආකාරයට ද කුකුල් මස් කරිය සකස් කර ගන්නා සූපවේදීන් සරල මෙන්ම කෘතිම රසකාරක එකතු කරගන්නා අවස්ථා එමටය. එක් අයෙකුට මස් ග්‍රැම් 100ක් වන අන්දමට මෙම අනුපාතය අනුව අනෙක් ද්‍රව්‍යයන් වෙනස් කර ගත හැක.

Advertisements

2 comments on “කුකුල්මස් ව්‍යාංජනයක් .

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )