කඩුල්ල නීරස වෙන්න පෙර……………


හාරසිය වෙනි කඩුල්ල යි.

 

මධ්‍යම කදුකරයේ බස්නාහිර බෑවුමේ ජීවත් වන අපට නොමදව වැස්ස ලැබෙන මේ වැහි කාල ගුණය පෙබරවාරි මැද දක්වා පවතී. ජුනි මාසයේ සිට සැප්තැම්බර් දක්වා පවතින නියගය ඇතිවු විට ඉරිතලන පොළව දෙස බලා ගෙන දෙස් දෙවොල් තියන අපි මේ වැස්සටද දෙස් දෙවොල් කීම සිදුකරයි.මේ වැස්ස හින්දා කීයක්වත් හොයාගන්න විදියක් නැහැ කියන උදවියට හවස් යාමයේ හීතල මකා ගන්න පුංචි අඩියක් ගහන්න හැඹිලියේ මුදල් තිබෙයි. මේ ලෝක ස්වභාවයයි.

මට අතීතයේ දිනක හමුවු අපුරු චරිතයක් සිහියට එයි. ඔහු 1971 දී මට හමුවන විට තදබල විප්ලවාදියෙකුව සිටියේය.එවකට විජේවීරයන්ගේ අනුගාමියෙකුවු ඔහු කියුබාව රුසියාව සහ චීනය ආදි වාම දේශපාලනය රජ කල රටවල් වර්ණනා කරමින් එම රටවල දේශපාලනය ගැන ලියු පත පොත ගුරු කරගත්තෙකි.2012 වන විට ඔහු මහා බ්‍රිතාන්‍ය යේ තම දු දරුවන් හා පදිංචිව මාක්ස්ලාට ලෙනින්ලාට අමුතිත්ත කුණුහරුපයෙන් ආමන්ත්‍රණය කරන සුද්දන්ගේ දේශපාලන රටාව වර්ණනා කරන්නෙක් බවට පරිවර්තණය වී තිබේ. මේ ශ්‍රිලාංකිකයන්ගේ මොඩලයයි. මට සිතෙයි.තරුන ආවේග විප්ලවය හරහා මුදා හරින මැදිවියට එල‍ඹෙන විට ධනවාදය නැතිව ජීවත් වෙන්න බැරි යයි ප්‍රත්‍යක්‍ෂ කරගන්නා බොහෝ දෙනා අප අතර සිටී.

කිරිපැණිවුවද කා ගෙන කාගෙන ගියහොත් අප්පිරියා වේ. මහින්ද චින්තනයටද එවැනි කාලණුරූප නීරසවීමක් ඇතිවෙමින් පවතී.එකට නිදාගත් අයගෙන් මැක්කන් ආවක් මෙන් කසන්න පටන් ගන්නා අවස්ථා නිර්මාණය වෙමින් පවතී.අළුත්විය යුතුව ඇතත් අළුත් කරන්ට ක්‍රමයක් ජනතාවට නොමැතිවීමෙන් තිත්ත වුවත් කරන්න දෙයක් නොමැති බව දකින්නට ලැබෙයි.විකල්ප නායකයෝ රොත්තක් වී මගේ වෙනස ගැන කතා කරයි. එක නායකයෙක් නිර්මාණය නොවී මේ වෙනස ඇති නොවන බව තේරුම් ගන්නෙක් මේ අය අතර නිර්මාණය නොවේ. පරණ අරක්කු අළුත් බෝතල වලට දමා මැතිවරණයකට ගියහොත් මහින්ද චින්තනයේ නීරස බව සමනය  වෙයි.

මේ   හාරසියවන වියමනයි.

හාරසිය එකේ සිට කඩුල්ල අළුත්වන්න සිතයි.

නැත්නම් කඩුල්ලත් නීරසව කාගේවත් අවධාණය නොලබන ලියවිල්ලක් බවට පත්වේ.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )