තණ අග පිණිබිදුවක්වු ජීවිතය.


කඩුල්ල 2011 වසරේ ජනවාරි පලමුවෙනිදා පටන් දිනපොතක් ලියන්න පටන් ගත්තා සටහන් කිහිපයක් පලකිරීමෙන් ඒ වෑයම සිහිනයක් බවට පත්වුනා. ආයෙත් 2012 ජනවාරි මාසේ පලමුවෙනිදා සිට ලියන්න ඕනි කියලා  පටන් ගත්ත සටහන් පෙලටත් සිද්ධ වුනේ ඒ වින්නැහියමයි. කඩුල්ල දින පොත ලියනව නම්   පිටුවක  විශේෂයෙන් සටහනක් යෙදිය යුතු දවසක්  තමයි ඔක්තෝම්බර් විසි හත.

ඔක්තෝම්බර් විසි හත කඩුල්ලට ජීවිතයේ වැදගත් දවසක්. අවුරුදු හතක් අටක් තිස්සේ කඩුල්ල ඔක්තෝම්බර් විසි හත් වෙනිදා ගෙව්වේ කිසියම් ඥාතිවරයෙකුගේ දූ දරුවෙකුගේ විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගිවෙමින්. කඩුල්ලට මේ සිදුවීම පුදුම දෙයක්. එදාට නැකත් යෙදිලා ආරාධනාවකුත් ලැබීම ගැන.

ඒත් මේ අවුරුද්දේ  එවැනි ආරාධනාවක් තිබුනේ නැහැ.ඒ වෙනුවට හදිසි අණතුරකින් මියගිය හිතෛෂියෙක් ගේ අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් සහභාගී විය යුතු දිනයක් බවට ඔක්තෝම්බර් විසි හත්වෙනිදා පත්වුනා.කඩුල්ල හෝර්ටන්තැන්න  සහ බෙලිහුල්ඔය ගැන වියමන් කිහිපයක් පලකරලා තියෙනවා. කඩුල්ල ලියු https://kadulla.wordpress.com/2010/04/29/බෙලිහුල්ඔය මේ වියමනත් කියවන්න. සුන්දරත්වයෙන් පිරුණ හෝර්ටන් තැන්නත් බෙලිහුල්ඔයත් මරණයේ දොරටු බවට පත්වීම සංවේගාත්මක සිද්ධියක්.

බෙලිහුල්ඔය  පදිංචි ව සිටි පාසල් ගුරුවරියක වු අශෝකා 25 වෙනිදා තම නිවසට ත් නිවසේ පිහිටි ඉඩමේ එක්මායිමක් හරහා ගලා ගෙන යන බෙලිහුල්ඔයට නාන්න ගියේ සුපුරුදු දිනචර්යාවේ කොටසක් හැටියට. ඒත් ඈට ආපසු නිවසට එන්න බැරිවුනා. ක්‍ෂනිකව වේගවත්ව ගලා ආ දියපහරක වේගයට ඈ වාරු නැතිව දියට වැටී තම බාල දියණිය බලා සිටියදීම සුන්දරවු බෙලිහුල්ඔයට බිලිවුනා ඇගේ දේහය සොයා ගත්තේ කි.මි තුනක් පමණ ඈතින් සමනල වැව ඉස්මත්තේ තිබිලයි. හෝර්ටන් තැන්නට මිමී 90ක වර්ෂාපතනයක් ඇතිවීම මේ මරණයට හේතු වුනා.

කඩුල්ල මේ අවුරුද්දේ ඔක්තෝම්බර් විසි හත් වෙනිදා එම  අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් සහභාගි වුනා. මේ සටහන දුෂ්කරවු පලාතක දූ දරුවන් වෙනුවෙන් අකුරු කරවු   ගුරු මෑණියක  වෙනුවෙන් සංවේගය පලකරන්නත් ඇයට මතු කිසිම ආත්ම භවයක මෙවන් අකල් මරණයක් අත්නොවේවා !!  කියලා ප්‍රාර්ථනයක් එක් කරන්න වෙන් කරනවා.

කඩුල්ලට 65යි.

කඩුල්ලට මේ ඔක්කෝම්ර් 27  වෙනිදට වයස අවුරුදු 65ට ලබනවා.  ඉතින් වැදගත් දවසක් නේ. කඩුල්ලගේ සම වයසේ යාළු මිත්‍ර යෝ  ලොකු ගණනක් ජීවිතය අත්හැරලා ගිහින් . කඩුල්ල තවමත් නොදැවී තරග කරනවා. රහස මොකක්ද කියලා කවුරුත් ඇහුවොත්  ………………..දෙයියෝ දනී කියලා සැහැල්ලු උත්තරයක් තමයි දෙන්න තියෙන්නේ.https://kadulla.wordpress.com/2011/10/28/උපන්-දිනේ-කතාබහ ත් බලන්න ගිය අවුරුද්දේ අද ගැන කඩුල්ලට හිතුනදේ.  2012 ඔක්තෝබර් මස 28 වැනිදා වෙන කොට වෙනස් වෙලාද කියලා. පසුගිය දාක මිත්‍ර සමාගමේ සගයෙක් ජීවිතය අත්හැර ගියේ කටුනායක ගුවන් තොටු පලේදී !.තාත්තයි අම්මයි බලන්න ආ කැනඩාවේ පදිංචි දෙවෙනි පුතා දූ දරුවන් එක්ක ආපසු යන්න අරලවන්න ගුවන් තොටු පලට ගිහින් සමුගත්ත මොහොතේ. පුතාගේ උර හිසට හිස තබා ගෙන පුතාට තුරුල්වෙලා !.

ජීවිතය හිරු දුටුවම වියකී යන තණ අග පිණි බිදුවක් කියන්නේ ඇත්ත. අපිත් හිරු දකින තෙක් බැබලෙන පිණි බිදු වගෙයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )