මස්සිනාටත් වරද්දලා !.


ජාතික තරුණ සේවා සභාවේ වෘත්තීය සමිති, ආයතනය ගැන සිතා කරන ලද මැදිහත්වීම පිළිබඳව ස්‌තුති වෙනවා.

ජාතික තරුණ සේවා සභාව නැවුම් ගමනකට අවතීර්ණ වූ වෙලාවකයි, ඔබ මේ උසස්‌වීම් ලබන්නේ. අපේ අමාත්‍යාංශය තුළ ආයතන ප්‍රධානීන් 14 ක්‌ ඉන්නවා. මේ 14 අතර ඉතා ජනප්‍රිය බැඳීම් තිබෙනවා. මොවුන් අතර මාතර අය කවුරුවත් නෑ. මට ඡන්දය දීපු අය, මා වෙනුවෙන් දේශපාලනය කළ අය නැහැ. එක්‌ අයෙක්‌වත් මගේ ඥාතීන් නොවෙයි. මෙය අපේ රටේ දේශපාලනය තුළ විය හැකි දෙයක්‌ද? මේ වෙනස්‌වීම් ඔබේ ආයතනය තුළත් දකින්න ලැබෙන්න ඕනෑ.
උසස්‌වීම් ලබන්නේ වෘත්තීය ජීවිතයේදී කැප කිරීම් කරපු අයයි. ඒ නිසා ඔබ අලුත් තරුණ පරම්පරාව ගැන සිතා සැලසුම් සකස්‌ කළ යුතුයි.

මෙහෙම කියන්නේ  ඇමැති ඩලස්‌ අලහප්පෙරුම මහත්මයා.කොයිතරම් අපූරුද මෙය සත්‍යයක්නම්. ඇමතිතුමා කියන නිසා ඇත්තයි කියලා පිලිගමුකෝ.

අපේ රටේ හැම  අමාත්‍යාංශයකම අස්සක් මුල්ලක් නෑරම ප්‍රධාන තනතුරු දරන්නේ නම් ඒ අමාත්‍යාංශයේ ඇමතිවරයාගේ කිසියම් කිට්ටු සම්බන්‍ධයක් තියෙන ඇත්තෙක්මයි. ප්‍රධාන නැත්නම් උල්පතකනම් ඇමතිවරයාටත් ඉහලින් ආපු කිට්ටු සම්බන්‍ධයක් තියෙන ඇත්තෙක් එතන මුල්පුටුවට බර දෙනවා.මෙහෙම නැතිව බෑ නේ වැඩේහරියට කරන්න නම් සමීප හිතවතෙක් ඉන්න එපාය.අර කතාවක් තියෙනවා අහල තියෙනවද ? කිමිදෙන කොට ආධරක කඹය දෙන්නෙත් මස්සිනාට කියලා.

ඒක ජාතික තරුණ සේවා සභාවෙදී ඩලස්‌ අලහප්පෙරුම ඇමැතිතුමා වෙනස් කරලා තියෙනවා නම්  එතුමාට ප්‍රශංසා කරන ගමන් ඔය තරම් අවධානමක් ගන්න හිතුවේ මොකද කියලා අහන්න කඩුල්ලට හිතුනා.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )