අපේ විනාශය ලගයි.


 

පසුගියදාක නස්රුදීන් යතුරු කැරැල්ල හොපු හැටි කිව්වානේ . ඒ වගේ නෙමෙයිද අපේ ජීවන වියදමත් බඩු  මිලත් ගැන කියන කතාන්දර.

මේ විනිමය තොරතුරු කඩුල්ල හොයාගත්තේ http://www.facebook.com/OldeCeylon මෙන්න මෙතනින්. මේක දැක්කම කඩුල්ලට හිතුනේ මේ වගේ  මනස්ගාත ටිකක්. මේවා මනස්ගාත කියලා  හදුන්වන්නේ චින්තනය උගන්වන අයයි. චින්තනය හදාරන අයයි විතරයි.

බඩුමිල අඩු වෙලා අපේ ආදායමත් සරුවෙලා යහපත් ජීවිතයක් දකින්න අපි පෙරුම්පුරනවා. අයවැයෙන් අයවැයට හීන දකින අපි බයවෙලා අවදිවනවා. අයවැයට සතියක් දෙකක් ඉස්සරහට තියෙලා. ඔය අරක්කු සිගරට් වගේ දේවල් වැඩි කරලා –  වැඩිකරලා බජට් එක පියෙව්වා ට අපි බයංකර හීන දකින්නේ නැතිවුනත්  සීනි ටිකට ,අර්තාපල් වලට පරිප්පු වලට බදු වදින කොට අපි දකින හීන භයංකර වෙනවා.

යාන්තම් වේල කාලා කීයක් ඉතිරි කර ගෙන ගෙයක් දොරක් හදන්න හිතන අපිට දැන් දැන් කාගේවත් අගුවක වත් වැටිලා ඉන්නවත්  පුළුවන් වෙයිද කියලා හිතන්න වෙලා.  රුපියල් අසූවට සිමෙන්ති හොන්ඩරයක් අරන් මීට අවුරුදු තිහකට ඉස්සෙල්ලා ගෙයක් හදා ගත්ත අල්ලපු ගෙදර සිරිසේන අයියා පුංචි රෙපයාර් එකකට සිමෙන්ති කිලෝ පනහක් ගෙනාවේ රුපියල් නවසිය පනහට කියලා කියනවා.

ඉතින් මාසයක් ආණ්ඩුවේ කන්තෝරුවක කඹුරලා මාසෙකටම  රුපියල් 16000/=ක්  විතර මුදලක්   ගන්න අපිට  ගෙයක් හදන හීනයක් නෙමෙයිද ?. සිරිසේන අයියා අතීතයට ගිහින් ඒ කාලේ මිළ ගනන් කියනවා . කුකුල් මස් කිලෝ එක රුපියල් තිහට ගත්ත හැටි. ශත පනහක් ගෙවලා හැතැම්ම දහයක් බස් එකේ ගිය හැටි. අපිට සුරංගනා කතා වගෙයි.රුපියල් විසිහත්දහස් පන්සීයයක් දීලා අක්කර තුනක් ගත්ත සිරිසේන අයියා  තව රුපියල් පහලොස් දාහක් වියදම් කරලා සාලෙකුයි නිදන කාමර තුනකුයි කුස්සියයි. ඒ කාලේට ගැලපුන ජල මුද්‍රිත වැසිකිලියයි තියෙන ගෙයක් හදපු හැටි අහන  කොට සිරිසේන අයියා  පුදුම වාසනාවන්තයෙක් කියලා හිතුනා.

ඒ කාලේ ඩොලරයක රුපියල් වටිනාකම. රුපියල් 4ශත 36යි.

අද කොහොමද ඩොලරයක  අද වටිනාකම.අපේ රටේ මුදලේ  බාල්දුවීම හිතා ගන්න පුළුවන් නේද ?.
බඩු මිල ඉහළ යන විදිය ගැන හිතන කොට  තුන්වේලක් බඩ පිරෙන්නට කාලා  ගෙයක් දොරක් හදාගෙන වාහනයක් එහෙම අරගෙන ඉන්න පුළුවන් විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ටත්, වෛද්‍ය වරුන්ට  නීතිඥයින්ට ඉංජිනේරුවරුන්ට වැනි වෘත්තිකයින්ට , ලොකු ව්‍යාපාරිකයන්ට, සල්ලි උනන දේශපාලනඥයන්ටත්  විතරක් කියලා කඩුල්ලට හිතෙනවා.

ජීවන වියදමේ වැඩිවීම් ප්‍රමාණයට අනුව ආදායම් වැඩිවීමක්‌  වෙන්නේ නෑ නේ. අපේ රටේ ජීවන වියදම ඉතාම භ්‍යානක ලෙසින් ඉහල යනවා. කාටුන් ශිල්පීන් ජීවන වියදම සමාන කරන්නේ වේගයෙන් ඉහල යන රොකට් එකක් තේමා කරගෙන. හිතා ගන්න පුළුවන්නේ වේගය.

ආණ්‌ඩුව නම් හිතන්නේ ලෝක විනාශය ලගයි කියලා. දෙසැම්බර් 21 වැනිදා ලෝක විනාශය වෙනවා නම් අපේ ආණ්ඩුව තවත් කැමති වෙයි. ලෝක විනාශයක් වුනොත්  ඊළඟ ඡන්දයකට යන්න  ආණ්‌ඩුවයි අපියි දෙගොල්ලම ඉතිරිවෙන්නේ නෑ නේ.

 

One comment on “අපේ විනාශය ලගයි.

  1. ලෝකයේ එකම ආණ්ඩුවක් වත් විනාශය ළඟයි කියලා හිතන පාටක් නම් දකින්න නැහැ. ලෝකයේ හැම ආණ්ඩුවක් ම, මේ වැරදි ඔක්කොම වෙන කවුරු හරි කරපු වැරදි නිසා යැයි කියා බිය උපදවලා විනාශයෙන් බේරගන්න ඔවුන් දන්නවා යැයි කියමින් තවත් සැලසුම් ගහනවා විතරයි පෙන්න තියෙන්නෙ!!!!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )