දුගී දුප්පත් කම .


පහ වසර ශිෂ්‍යත්‍ව  ප්‍රතිපල  නිකුත්විය. ශ්‍රී ලංකාවෙන් වැඩිම ලකුණු ලැබු දූ වරුන් දෙදෙනෙකුගේ ආර්ථිකය හා දුෂ්කරතා  ඔවුන්ගේ දරීද්‍රතාවය පිලිබදව මාධ්‍ය  අතර සාකච්ඡා විනි. මේ සමාජයේ ධනවත්ම වු සීමිත කොටස හා ගලපන විට මේ දරු පවුල් වල ආර්ථික පරතෙරය අගහරුලොවටත් – පෘතුවියටත් අතර දුරස්ථය.

මේ අතර කඩුල්ල  කියවු තවත් ප්‍රවෘත්තියක් වුයේ බේරුවල බුබලකන්ද කරන්නාගොඩ ප්‍රදේශයේ  වැන්දඹු මවක් තම  වසර පහ, නවය හා එකොළහ යන වයස් වල  පසුවන දැරියන් තිදෙනකු හදා වඩා පාසල් යෑවීමට නොහැකි බව පවසමින්   බේරුවල පොලිසියට පැමිණ තම දරුවන් භාර දුන් බවය.

තම දරුවන් හදා වඩා ගැණිමට  නොහැකිව  ඔවුන් වසදී මරා දමන  සමාජයක දරුවන් සමඟ ගඟකට පනින මව්වරුන් සහ පියවරුන්  සිටින සමාජයක මේ මව  යම් තරමක ඥානාන්විතව කටයුතු කර ඇතැයි සිතිය හැක.අප ජීවත්වන සමස්ථ සමාජය තුලම කැකැරෙමින් දැවෙන ගිණිකන්ද පුපුරා යන අවස්ථා මෙවැන ඛේදණිය සිද්ධීන්ගෙන් නිරූපනය වන්නේ යයි කඩුල්ල සිතන්නේය.
අපේ රටේ වේදිකා දෙදරවමින් පුරසාරම් දොඩන දේශපාලනඥයන්, විවිධ දැන්වීම් පුවරු එල්ලා ගෙන අප හමුවන සමාජ ප්‍රධානින් , බුද්ධිමතුන්  මෙවැනි සිද්ධින්  එක් එක් පුද්ගල ඛේදවාචක ලෙස හෝ තනි තනි සිදුවීම් වශයෙන් විග්‍රහ කිරීමට හෝ සැලකීමට නොමසුරුව කටයුතු කරන්නේය.අවසාන තින්දුව ලෙස මෙවැනි සිද්ධින්ට පාදක වන පුද්ගලයින් මත   සියළු වරද පටවා අත් සෝදා ගන්නේය. මේ සමාජ පන්තියේ  දරුවෝ අයහපත් ආර්ථිකය නිසා පාසල් නොයති. නැත්නම් නොයවති. නොයෙකුත් සමාජ අපචාරවල ගොදුරු බවට පත්වෙති. ඔවුහු කුසගින්නේ පසුවෙති.

රූපවාහිනියෙන්, ගුවන් විදුලියෙන් විග්‍රහ වන සමාජ සාරධර්ම පිරිහිම, වැඩිහිටි දෙමව්පිය භූමිකාව පිරිහිම තේමා කර ගත් වැඩ සටහන් වලදී පට්ට ගසන  අදහස්‌වලින් මේ ඛේදවාචකයේ සැබෑ යථාර්ථය හෙළිදරව් වන්නේ නැත. ඔවුන්ගෙනුත් කෙරන්නේ මතුපිට අතගා පුරසාරම් දෙඩීමය. කළ යුත්තේ ඔවුනට සදාචාරය ඉගැන්වීම හෝ බණ දේශනා කිරීමට යැම නොව ජීවත්වීම සඳහා මඟක්‌ පාදා දීමය.

අද එදා වේල සොයා ගෙන ජීවත්වන සමාජ පංතියට  මේ රටේ අහස උසට නැගෙන බඩු මිලට මුහුණ දිය නොහැක.මේ පන්තියට හිසට වහලක් ඉදි කර ගැණිමට, ඇගට වතක් ලබා ගැණිමට තබා එදිනෙදා කුසට අහරක් ලබා ගැණිමත් බලවත් ගැටළුවක්ව ඇත.

මේ සමාජ පන්තියේ ආර්ථිකය නන්වා ලීම සදහා පසුගිය රජයන් ජන සවිය, සමෘද්ධිය. වැනි වැඩසටහන් වැනි විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කලේය. ඒවායින් අළුත් පන්නයේ නිලධාරීන් කොටසක් බිහිවීමත් නඩත්තු වීමත් හැරෙන්න  දුගී දුප්පත්කම නැතිකිරිමේ අපේක්‍ෂිත ප්‍රතිඵල කිසිවිටෙකත්  ඉටු නොවූයේය.

සෑම ඡන්ද කාලයකටම මේ සමාජ පන්තිය සිහිපත් වන  දේශපාලනඥයන්හට ඡන්දය අවසන් වූවාට පසුව  ඔවුන් අමතක කරදෑමීම  සිරිතක්ව ඇත. විපක්‍ෂය බවට පත්වන දේශපාලනඥයන් හට මේ සමාජ පන්තිය මසුරන් වටින්නේ ඔවුන් විපක්‍ෂෙය් සිටින තාක් පමනය.

අපේ රටේ සියලුම සමාජ පංතීන්ගේ ආණ්‌ඩුව ලෙස වන පොත්  කරන  ජනතාව සුබ අනාගතයකට පත්කිරීමට සුදුසු ලෙස සකස් කල චින්තණයක ඇති ආණ්‌ඩුවකට දුගී දුප්පත් කම තුරන් කර මේ අසරණයන් සුඛි – මුදිත කිරීම සඳහා නිශ්චිත වැඩපිළිවෙළකට නොයන්නේ එම ජනතාවගේ කරුමයට විය යුතුය.

මේ සුන්දර රටේ සැණකෙළි  බොහෝය. මේ සැනකෙලි කීපයක්‌ හෝ නතර කිරීමෙන් ඉතිරිවන ධන කන්දරාව , දේශපාලනඥයන් පිරිවර සමගින් මහමග බියකරු සයිරන් හඩ නන්වා දවන ඉන්ධණ  කන්දරාව සීමා කිරීමෙන් පමණක්‌ දුගී දුප්පත් කම මේ රටෙන් තුරන් කළ හැකි බව කඩුල්ල සිතන්නේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )