මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා


 

මැතිවරණයක් එවර වෙන කොටත් මැතිවරණයට පෙරත් ප්‍රචණ්ඩව හැසිරෙන පිරිස් අපේ ගම්වල මීට දශක හතර පහකට ඉස්සර හිටියා. ඔය ආරච්චිලා , ගම්සභාපතිවරු ගම්වලට අරක් ගත්ත කාලේ. 1956 පස්සේ ඔය තත්වය මග හැරිලා ගිහින් 1970දී සිරිමා මැතිණිය බලයට ආපු ප්‍රීතිය  බුක්ති වින්දේ ගම්වල හිටිය එජාපයට උදව් කරපු අයට පොඩි පහේ සද්දයක් දාගෙන. 1977 ඒ වැඩේ ඩබල් කරලා අපේ ධාර්මිෂ්ඨර්තුමා දවස් ගාණක් පොලිසියට නිවාඩු දුන්නා. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කියලා සිංහලවහරට වදන් දෙකක් එකතුවුනා.

මේ ප්‍රවෘත්තිය එන්නේ උතුරු මැද පළාත් සභාවෙන්.  අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයෙන් තරග කරපු  වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාවක්‌ ලබාගත් එස්‌. එම්. රංජිත් මහතාගේ ආධාරකරුවකු වූන, තිදරු පියෙක් වන  එස්‌. අනුර කුමාර මහතා පෙරේදා (12)  දහවල් අනුරාධපුර රෝහලේදී මියගියේය.එස්‌. අනුර කුමාර මහතා  මියගියේ, ඔහුගේ  දේශපාලන පක්‍ෂයේම වෙනත් අපේක්‍ෂකයකුගේ ආධාරකරුවන් පිරිසක්‌ විසින් පොරවකින් කෙටීම නිසා ලත් බරපතළ තුවාල නිසා. මේ එක සිද්ධියක්. අනෙක් සිද්ධිය වාර්තාවන්නේත් අනුරාධපුරයෙන්. මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායක ලලිත් එදිරිසිංහ මහතාගේ නිවසට පසුගියදා කඩාවැදුණු ඔහු නියෝජනය කරන එක්‌සත් ජාතික පක්‍ෂයටම අයත් අරුණ බුද්ධික ගුණසේකර ඇතුළු කණ්‌ඩායමක්‌ විසින් සිදු කරනු ලැබූ පහරදීමක්‌ නිසා රියෑදුරකු වූ ප්‍රියන්ත කුමාර දිසානායක මහතා  මිය ගියා.

මේ මිනීමැරුම්  දෙකම බරපතල වචනයෙන් කියන්නේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කියලා. මේවා දේශපාලන ගැටුම් නිසා ඇතිවන නිකරුනේ සිදුවන මිණිමැරුම් .මේවයින් අසරන වෙන්නේ මැතිඇමතිවරු නෙමෙයි. එයාලාට රැවටිලා පිටි පස්සේ යන අසරණයින්. . ඒ අසරනයින්ගේ දූ දරුවන් බිරින්දෑවරුන්. මව් පියෝ. දේශපාලනඥයින්ට  මේවා සතියක දෙකක මතක සටහන් විතරයි..

මේ රටේ දේශපාලන ප්‍රචණ්ඩත්වයට නව ජීවයක් ලැබුනේ පොලිසියට නිවාඩුදී ආරම්භ කල 1977 ධාර්මිෂ්ඨ සමාජයට පස්සේ. ඉස්සර දේශපාලනපක‍්ෂ වලට මරා ගත්ත උදවිය අද වෙන කොට එකම දේශපාලන පක්‍ෂෙයන්  තරග කරන අය අතර        මනාප සදහා මරා ගන්නවා. ඉස්සර ඡණ්දේ එවරවුනාට පස්සේ සිදුවුන ප්‍රතිවිරුද්ධ දේශපාලන කණ්‌ඩායම් අතර සිදුවු  දරුණු අපරාධ දේශපාලනයේ නාමයෙන් ඉවසා සිටියා. වර්තමානය වන විට  මනාප පොරයේ දේශපාලන ප්‍රචණ්ඩත්වයත් ඉවසා සිටින්නට ජනතාව පුහුණු කරමින් සිටින බවයි කඩුල්ල සිතන්නේ. කොහොමටත් පණ ඇති ප්‍රතිවිරුද්ධ දේශපාලනයක් අද අපේ රටේ නැහැනේ.

පාර්ලිමේන්තුවට , පලාත් සභාවට  නැත්නම් ප්‍රාදේශීය සභාවට  කියන පාලන ආයතනවලට   දේශපාලන පක්‍ෂ විසින් ඉදිරිපත් කරන අපේක්‍ෂකයින්ට යම් කිසි ප්‍රමිතියක් තිබිය යුතුයි. ඒ වුනත් එහෙම තත්වයක් අද නෑහැ. තාත්තාගෙන් පුතාට අයිගෙන් මල්ලීට ඥාති උරුමය පවරනවා  මිසක් දේශපාලන පක්‍ෂ වලින් අවශේෂ පුද්ගලයෙකුට නාම යෝජනා පත්‍ර ලබා ගන්න අපහසුයි.  අංක එකේ සුදුසුකම මිල මුදල්. මේ මුදල් ලැබුනේ කොහොමද කියලා හොයන්න ඕනි කමක් නැහැ. අධ්‍යාපනය ගැන නම් බලන්නේ නැතිම තරම්. රාජ්‍ය පරිපාලන අධ්‍යාපන පරිපාලනය, වෛද්‍ය වෟත්තිකයන් ගණකාධිකාරීවරුන් වැනි විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලත් පිරිසක් පාලනය කරගෙන ඔවුන් ලවා රට හදන්න නායකත්වය ගන්න එන්නේ   ඊටත් වඩා පහල මට්ටමක අධ්‍යාපනය ලත් පිරිසක්.

යහපත් අධ්‍යාපනයත් එක්ක ලැබෙන දෙයක් තමයි හික්මීම. අධ්‍යාපණික හික්මීමක් ඇති අයෙක් අධිකරණයක් ඉදිරියේ චෝදනා ලබනවා නම් කලාතුරකින් වන සිද්ධියක්.  කුඩු කාරයෝ කළු සල්ලි කාරයෝ කප්පම් කාරයෝ මිණිමරුවෝ  මෙ මැතිවරණ නාමයෝජනා පත්‍රවල පිරිලා. බලය ලබා ගන්න උත්සහා කරන්නේ මේ දහජරා වැඩවලට ආවරණයක් සලස්වා ගන්න. මේ අයට අධ්‍යාපන හික්මීමක් ඇත්තේ නැහැ.  බලය ලබා ගැණිම සදහා ඕනම ජරා වැඩක් කරන්න ලැජ්ජා බියක් නැහැ.

රජයේ රැකියාවක් ලබා ගන්න තියෙන අවම සුදුසුකම්වත් නැති ඕන තරම් උදවිය අධිකරණයේ විවිධ චෝදනා ඇති උදවිය දේශපාලන පක්‍ෂ වලින් නාමයෝජනා ලබනවා. අපිට ඇත්තේ මින් හොදම එකාට ඡණ්දය භාවිතා කරන එක.මේ ක්‍රමය දැන් වෙනස් විය යුතුය.

සෑම ප්‍රධාන දේශපාලන පක්ෂයක් විසින්ම මැරයින්ට නාමයෝජනා නොදිය යුතුය. සුදුසු අධ්‍යාපනයක් ඇති අයට නාමයෝජනා දිය යුතුයි. මැතිවරණ නීති පොතට වත්කම් බැරකම් ප්‍රකාශය ඉල්ලනවා වගේම  යහපත් කල්ක්‍රියාව තහවුරු කරන පොලිස් සහතිකයක්ද ලබාගත යුතුය. මානසික වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කර  මොහු යහපත් මානසික සෞඛ්‍යයකින් යුත් පුද්ගලයෙකු බව තහවුරු කර ගත යුතුය.

එහෙම උනොත් මේ වගේ මිණිමැරුම් ජඩක්‍රියා නතරවේවි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )