සබරගමුවේ කටකතා.


 

රත්නපුර දිස්ත්‍රික්කයේ පලාත් සභා මැතිවරණ ප්‍රතිපල සම්බන්‍ධව පොදු පෙරමුනේ  අය අතර නොයෙක් මත වාද පැතිරෙනවා. මැතිවරණ ප්‍රතිපල අවසාන ගණනයේ දී ජිල්මාට් එකකින් පහල මනාප තීරුවක සිට සීග්‍ර යෙන්  ඉහලට ආ අපේක්‍ෂකයෙකු පිලිබදව කතා බහ එක් කතාවක් .

කඩුල්ල කම්පියුටර් ජිල්මාට්  මැතිවරණ වලදී සිදු වනවා කියන මතය පිලිගන්න අපහසු තර්කයක් යන මතය දරනවා.    ගණන් කරන මධ්‍යස්ථානයක් විසින් නිකුත් කරන ප්‍රතිපල මෙහෙයුම්  මධ්‍යස්ථාන ය වෙත  අවසාන ප්‍රතිපල ලැයිස්තුවක් ඉදිරිපත් කරනවා. එම ප්‍රතිපල ලැයිස්තුවේ  එක් පිටපත ක් එම ගණන් කරන මධ්‍යස්ථානයේ ඇති දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශණය කරනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ ඡණ්ද ගණන් කරන මධ්‍යස්ථාන විස්සක් පමණ තියෙනවා කියලා හිතුවොත්  මේ මධ්‍යස්ථාන විස්සේ දෑන්වීම් පුවරුවල ප්‍රදර්ශණය කරන ප්‍රතිපල ලේඛණවල තම මනාප සංඛ්‍යාව එකතු කලොත් තම තමන්ට පෞද්ගලික මැතිවරණ ප්‍රතිපලයක් සකස් කර ගන්න හැකිවනවා.

මෙයින් නිකුත් කරන මැතිවරණ ප්‍රතිපල පිලිබදව යම් සැකයක් ඇත්නම් එම සැක සංකා දුරු කර ගන්න හැකිවෙනවා. ඡන්ද ගණන් කරන මධ්‍යස්ථාන වලදී සිදුවනවායි කියන අක්‍රමිකතා පිළිබදව බොහෝ විට පරාජිත අපේක්ෂකයින් දරණ මතයන් නිවරදි නැහැ. 100%ක් නිවරදිව ගණණය නොවන්න පුළුවන් උවත් මැතිවරණ ප්‍රතිපල නිකුත් කරණ ක්‍රම වේදය 99 .9 % තරම් නිවරදි ක්‍රමවේදයක්.

රත්නපුර දිස්ත්‍රික්කයේ පලාත් සභා මැතිවරණයේදී ප්‍රබල අමාත්‍යවරයෙකුට තම සමීප ඥාතිවරයා මනාප අතර පලමුවෙනියා කරගැණිමේ අවශ්‍යතාවයක් මැතිවරණය ආරම්භයේ සිටම ප්‍රදර්ශණය කරමින් තිබුනා. නමුත් එහෙම උනේ නැහැ. ඒ වෙනුවෙන් කරන ලද අවසාන මෙහෙයුම ජිල්මාට් එකක් ලෙස හදුන්වන සබරගමුවාසීන්, කම්පියුටර් ජිල්මාර්ට්  කතාවලට තටු ලබා දීලා තියෙනවා. ඒත් ඒවා කටකතා විතරයි.

මේ අහිංසක අමාත්‍යවරයා ඒ වගේ ජරා වැඩක් කරයිද කියලා හිතන්න  තරම් කඩුල්ල සාහසික නැහැ. කඩුල්ල අපායට බයයි. ඒත් දේශපාලකයෝ  යම රජ්ජුරුවොත් මුදලට ගන්න තරම් වත් පොහොසත් කම් දෙශපාලනයෙන් එක්රැස් කරගෙන තියෙනවා.  කඩුල්ල වගේ ඡණ්දදායකයින්ට යම රජ්ජුරුවන්ට දෙන්න තියා එදා වේල සරිකරගන්න වත් වත් පොහොසත් කම් ඇත්තේ නැහැ.  නිකම්ම ගලා ගෙන එන මිල මුදල්  වලින් ටිකක් යම රජ්ජුරුවන්ට හරිදීලා මේ අහිංසක දේශපාලකයෝ   තමන්ගේ අරමුණු කර යනවා.

 

One comment on “සබරගමුවේ කටකතා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )