අපි ඔක්කොම කෙලින්නේ පිස්සු.


පලාත් සභා මැතිවරණය එවරයි.

කඩුල්ල තිස්ස අත්තනායක මහත්තයායි ටිල්වින් සහෝදරයයි  පලාත් සභා මැතිවරණ්‍ය ගැන කියන්නේ මොකක්ද කියලා අහන්න ආසාවෙන් ඉන්නවා. කඩුල්ලගේ විරුපවාහිණිය කාර්මික දොෂයක් නිසා ගර්හිත වෙලා. හදාගන්න ඕන කමකුත් තිබුනේ නෑ .අර අමන්දා ද කොහේද කියන ටෙලි නාට්‍යය බැළුවට  පස්සේ විරුපවාහිණිය පැත්තේ යන අවස්ථාව මනසින් කපා හැරලා. ප්‍රවෘත්ති කියලා කියවන ඒවා වැදගත් කමක් නෑ.  ඊට වඩා හොදයි වල් පල් ලියන වෙබ් සයිට් කිහිපයක් ඇසුරු කරපුවම . හොද නරක බේරලා රට තොට ගැන අවබෝධයක් ගන්න පුළුවන්.

කතා කරන්න හිත්වුනේ පලාත් සභා මැතිවරණය ගැන. ඒත් පිවිසුමේ වල් පල් ටිකක් වැමෑරුවා. ටිල්වින් මහත්තලා ගාවා තියෙන්නේ බොහෝම ලාබේට ගන්න පුළුවන් සටන් පාඨ. දැන් රණිල් මහත්තයාගේ පාටියත් ඒ ක්‍රමයම අනුගමනය කරනවා. වැස්ස පෑවුම දෙකටම දෙගොල්ලෝම ආණ්ඩුවට විරුද්ධව ජනතාව පෙල ගස්සන් හදනවා. ඒවට රැවටෙන අය දැන් අඩුයි. කොන්ඩේ බැන්ද චීනුන්ට ගැලපෙන ඒවා දැන උගත් සමාජයකට ගැලපෙන්නේ නෑ.

රණිල් මහත්තය දන්නේ නෑ ඒයාගේ ධාර්මිෂ්ඨ මාමා අපිව රවට්ටපු හැටි. 1972 වගේ කාලේ ඉදන් 1977ට ලෑස්තිවුන උන්නැහේ අපිට කොකා පෙන්න ගෙන 1977 ඉදන් 1989 වෙනකම් හිටියා. ඒ ශිල්පය රණිල්ට මාමා දීලා නෑ.නැත්නම් හයියෙන් කටින් හුලං පිම්බත් මේ ආණ්ඩුවට එරෙහිව ඇතිවෙලා තියෙන ජන විඥාණය එක පේලියකට හිටවන්න පුළුවන්.

ඡන්දෙට ආවේ නැති පිරිසගෙන් දෙකෙන් පංගුවක් චණ්ද පොලට ගෙන්නා ගෙන හම්බුවෙලා තියෙන සියයට තිහ එකතු කර ගත්තා නම් යූඑන්පිය ගොඩ. ඒක කර ගන්න මේ ගොල්ලන්ට බෑ.සජිත් මහත්තයට එක රැයින් ජනාධපති වෙන්න ඔනි. රණිල් මහත්තයාට තපසට යන්න බෑ කවදා හරි ජනාධිපති වෙන්න ඕනී. වටුවෝ රැල දැල උස්සන්නේ එකාවන්ව නෙමෙයි. එක එක්කෙනාට හිතෙන වෙලාවට. මේවත් එක්ක ආණ්ඩුවට රජ මගුල්. වල් ඌරෝ කැකුන තලන කොට හබන් කුකුලන්ට මතුල් කියලා කතාවක් තියෙනවානේ..

උතුරුමැද, නැගෙනහිර සහ සබරගමුව පළාත් තුනේ මැතිවරණ ප්‍රතිඵල සාධාරණ සහ අපක්‍ෂපාතී ප්‍රතිඵල ලෙස පිළිගන්නේ නෑ. කියලයි  ලේකම් ටිල්වින් සිල්වා මහත්තයා කියන්නේ.  ජයග්‍රහණය කරපු ආණ්‌ඩුවේ අයට නම් වාහන සහ ඇමැතිකම් ලැබේවි. ජනතාව හෙට සිට තම ගැටලු සමඟ ජීවත් වෙන්න පටන් ගනීවි. අධ්‍යාපනයට වැඩිපුර මුදලක්‌ ගොවි ජනතාවට සහන, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සහ සෙසු ඉල්ලීම්වලට සහන නොලැබේවි. ඒ නිසා ජනතාවට සිද්ධවේවි ආණ්‌ඩුවට එරෙහිව පාරට බහින්න. මේ ප්‍රතිඵලය නොසලකා ජනතාව තම අයිතිවාසිකම් වෙනුවෙන් කරන සටනට ජනතා විමුක්‌ති පෙරමුණ නායකත්වය දෙනවා. කියලා ටිල්වින් මහත්තයා කියනවා. මේ ඔක්කොම වෙන්න පුළුවන්. ආණ්ඩුව උතුරුමැද, නැගෙනහිර සහ සබරගමුව පළාත් දැන් වැඩක් නැති නිසා තවත් පලාත් සභා දෙක තුනක් තෝරා ගෙන මේ වගේ මැතිවරණයකට යයි. ගිහින් ඒකත් දිනා ගනීවි. ටිල්වින් මහත්තයාලා සිහින දකිනවා ජනතාව පාරට බස්ස ගන්න. චන්දයකදී ජනතාව පෙල ගස්සා ගන්නා ශිල්ප ඥාණය ටිල්වින් මහත්තයලාට නෑ, බොරු බේගල් තර්ක ගොඩ නගා ගෙන මඩවන්න නම් පුළුවන්.

කඩුල්ලට මේ පලාත් සභා මැතිවරණයේදී සතියක් පමන ආණ්ඩු පක්‍ෂ යේ අපේක්‍ෂකයෙක් එක්ක ගම් කිහිපයකට යන්න පුළුවන් උනා. හමුවුන ජනතාව ගොවි සහ කම්කරු ක්‍ෂෙත්‍රය නියෝජනය කල අය. මේ අය නාගරික ජන කොටස් වලට වඩා හැත්පසින්ම වෙනස් විඥාණයක සිට ප්‍රතිචාර දක්වනවා කියලා කඩුල්ලට  හිතුනා. කේන්තිය තරහ විරෝධය තිබුනත් අවසානේ චන්දේට ඡණ්ද පොලට මේ අය යනවා. ගිහින් බැන බැන ආණ්ඩුවට ඡණ්දේ දෙනවා.

ඡණ්දේ දුන්න නොදුන්න ජනතාව විශ්වාශ කරන කාරනා කිහිපයක් තියෙනවා.

  1. ආණ්ඩුවට හැර වෙනත් චන්දේ දෙන්න පක්‍ෂයක් – කෙනෙක් නෑ.
  2. ආණ්ඩුවේ  ඇත්තෝ කරන වැඩ හැටියට දෙන්න හිතෙන්නේ නෑ.
  3. මේ ආණ්ඩුවේ ජීව කාලය සසදා බලපුවහම පාලාත් සභාව වෙනත් පක්‍ෂයකට දිනවා දීලා වැඩක් නෑ..
  4. ආණ්ඩුව සංවර්ධන වැඩ කලත් නාස්තිය හා දූෂනය ඉහලයි.
  5. ආණ්ඩුව ජීවන වියදම ගැන සැලකිලිමත් නෑ
  6. එජාපයේ  සෘජු නායකත්වයක් නැහැ.
  7. එජාපයේ  අනාගත සැලැස්මක් රටට කියන්නේ නෑ..
  8. ආණ්‌ඩුව ඡන්ද පවත්වන රටාව නිසා විශාල පිරිසක්‌ ඡන්ද කෙරෙහි තියෙන විශ්වාසයක් නැහැ.

මෙහෙම හිතන අය සමහරක් මැතිවරණ ප්‍රතික්‍ෂේප කරන්න පටන් අරන්.

රටක ප්‍රබල විපක්‍ෂයක් ගොඩ නොගැනෙන එක බලවත් පාඩුවක්. අපේ රටේ ආණ්ඩුව පිස්සු කෙලිනවා.  විපක‍්ෂයත් පිස්සු කෙලිනවා.ඒ මදිවට ජනතාව වන අපිත් පිස්සු කෙලිනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )