පොලිස් කතාවක් .


 

 

 

 

මේ සිද්ධිය සිද්ධ වෙලා දැන්  අවුරුදු තුනක්  විතර  වෙනවා. ඉතින් දැන්  වන කොට මේ කතාවේ පාත්‍රවර්ගයා විශ්‍රාම ගිහින් තවත් සමහරු ස්ථාන මාරුවීම් ලබලා ගිහින්. ඉතිරි වෙලා තියෙන්නේ භෞතික සම්පත් විතරයි. ඒ කියන්නේ පොලිස් ස්ථානය විතරයි.රථවාහන පොලිසිය අපිට නීති ගරුකව රථවාහන පැදවිය යුතු ආකාරය පෙන්වන ආයාතනයක්.   අපි නීති ගරුක නම් අනතුරුත් අවම වෙනවා. ඒත් ඔක්කොම රියදුරෝ නීති ගරුකව රිය පදවන්නේ නෑහැනේ. ඒ වගේම පදිකයෝත්  මාර්ග නීතී පිලිපදින්න ඕනී. නොසැලකිල්ල නිසා අපේ රටේ සිදුවන අනතුරු බොහෝමයි. පාරවල් කාපට් වෙනවා. අළුත් වෙනවා. ගැස්සෙන්නේ නැතිව  හෙල්ලෙන්නේ නැකිව වලවල් වල වැටෙන්නේ නැතිව යන්න තියෙන හින්දා වාහන පදවන අයට රතු කට්ට පනිනවා තේරෙන්නේ නෑ. කඩ ඉරි දකිනකම් ඉන්නේ නෑ. ඉස්සර කරන්න පුළුවන් තැනදී සුරුස් ගාලා ඉස්සර කරනවා.

 

පොලිසියේ ඇත්තොත් තමන්ගේ වසමේ පාරවල් වල මේ වගේ වැරදි සිද්ධ වෙන තැන් හරියටම දන්නවා. ඉතින් ඒ වගේ තැන් වල රැකවල් දාගෙන පාරේ අයිනේ නොපෙනෙන්න ඉදලා නලාව පිඹින්නේ හරියට දඩයමක් කර ගත්ත සිංහයෙක් වගේ.මේ වැල්වටාරම් අස්සේ මට මුහුණ පාන්න උන සිද්ධිය කියන්න අමතක වුනානේ.

 

ඔන්න දවසක් අපේ අම්මා වෛද්‍යවරයෙකුට පෙන්නන්න ඕන වුනා. වේල පහින්ම චැනල් සෙන්ටර එකට ටෙලිපෝනයෙන් කතා කරලා වෛද්‍යවරයා හමුවීමට පොරොත්තු අංකයක් ලබා ගත්තා. වාහනේ පදවා ගෙන යන්න අල්ලපු ගෙදර ඉණ්දික ආවා. මට හෙට වැඩට යන්නත් තියෙනවා පාන්දර පහයි කාලේ බස් එකේ කියාගෙන. අංකය දෙන ගමන්ම එන වෙලාවත් කිව්ව හින්දා අම්මත් එක්ක වේලපහින් පිටත්වුනා.ඔන්න ටික දුරක් යන කොට රාළහාමි කෙනෙක් අත දාලා වාහනේ නවත්වන්න කිව්වා. වැඩි වේගයකින් ආවෙත් නෑ. මම ආදායම් බලපත්‍රයයි. රක්ෂණ සහතිකයයි දීලා ඉණ්දිකව  රාළහාමි ගාවට ඇරියා. කොල්ලාගේ වාහන පැදවීමේ බලපත්‍ර අත් අඩංගුවට අරගෙන දඩ කොළයක් ලියනවා . හෙට දඩ මුදල බැදලා බලපත්‍රය ගන්න පොලිසියට එන්න කියලා නියෝගයකුත් එක්ක.. වරද වෙලා තියෙන්නේ කඩ ඉරක් නැතිව වාහනේ ඉස්සර කරලා වෙනත් වාහනේකට.

 

මට ප්‍රශ්ණයක් ?. හෙට වැඩට යන කොල්ලා හෙටත්  නිවාඩු ගන්නේ කොහොමද ?. හෙමින් සැරේ මාත් කිට්ටු වුනා රාළහාමි ගාවට.අම්මා චැනල් සෙන්ටර් එකට එක්ක යන කතාවෙන් පටන් අරන්  කොල්ල හෙට වැඩට යන තැන එනකම්ම ආලපිල්ලක් කොමාවක් තිතක්  නෑර රාළහාමිට කතාව කිව්වා. ඒ අතර උදව්වක් හැටියට රාළහාමිම දඩ මුදල ගෙවා ගන්න මම මුදල් දෙන්නම් කියලා පොඩි ඉල්ලීමක් දැම්මා.රාළහාමි වාහනේට එබිකම් කරලා අපේ අම්මා දිහාත් බලලා මගේ කතාව හරි කියලා නිගමනයකට ඇවිත් වගේ  දඩ මුදලයි ඊට අමතරව  මුදල් ඇනවුම් ගාස්තුත් අරගෙන කොල්ලගේ රියපැදවීමේ බලපත්‍රය ආපහු දීලා අපිට යන්න අවසර දුන්නා.

 

මම පහුවෙනිදා උදේ පාන්දරින්ම අදාල පොලිසියේ ස්ථානාධිපතිට කතා කලා.  ඊයේ සිද්ධිය අකුරක් නෑර වාර්තා කලා.  ඊටත් පහුවෙනිදා පාන්දර ආයෙත් ස්ථානාධිපතිතුමාට කතා කරලා ඇහුවා මොකද වුනේ කියලා ?. එතුමා පහුවෙනිදා  හවස් වෙනකම් බලා ගෙන ඉදලා . මම දඩ මුදල ගෙව්ව නිළධාරියා කැදවලා ප්‍රශ‍්න කරලා වෙච්ච සංගදිය. තාමත් මම ගෙව්ව  දඩ මුදල නිලධාරියාගේ සාක්කුවේ. වහාම ස්ථානාධීපති වරයා ක්‍රියාත්මක වෙලා මම ගෙව්ව මුදල අත්අඩංගුවට අරන්.එතනින් එහාට වෙච්ච දේ හොයන්න  මට තාමත් බැරිවුනා. මම සහකාර පොලිස් අධිකාරිවරයෙක් හොයා ගන්න තාමත් උත්සහා කරනවා. දඩ මුදල කාගේ සාක්කුවේද කියලා දැන ගන්න..ඒත් තාම බැරිවුනා.

 

 

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )