එල්ලුම් ගහ.


 

එල්ලුම් ගහ කියනකොටම මතකයට එන්නේ මරණ දඩුවම. අපේ රටේ යම් යම් වරදවල් සදහා මරණ දඩුවම අධිකරණයෙන් පනවනවා. ඒත් බලාත්මක වෙන්න නම් රාජ්‍ය නායකයා විසින් තීන්දුව අනුමත කරන්න ඕනී. කඩුල්ලට මතක හැටියට 1956 බලයට ආ බණ්ඩාරනායක රජය මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම අත්හිටෙව්වා. අත්හිටෙව්ව දෑතම ඝාතනය කලාට පස්සේ සිරිමා බණ්ඩාරනායක රජය විසින් යලිත් මරණ දඩුවම ක්‍රියාත්මක කලා.ඉන් පස්සේ 1977 බලයට පත් ඡේ. ආර්. ජයවර්ධන රජය මරණ දඩුවම බලාත්මක වීම වැලක්වුවා. එදා ඉදන් අද වෙනකම් නීත්‍යාණුකූලව මරණ දඩුවම හිමිවීම බලාත්මක වෙන්නේ නැහැ.

කඩුල්ලට මේ කතාව මතක්වුනේ එක දවසක එල්ලුම් ගහ අළුත්වැඩියා කරනවා කියලා මාධ්‍යවල පලවෙනවා. තව දවසක පාකිස්ථානයෙන් කඹ ඇණවුම් කලා කියලා පලවෙනවා. ආයෙත් දවසක හොදම වර්ගයේ කඹ ගෙනාවා කියලා පලකරනවා. අළුත්ම නිවුස් එක අළුගෝසු තනතුර ඇබෑර්තුව පවතින නිසා බදවා ගැණිමට අයදුම් පත් කැදවු බවත්, ඒ සදහා  උපාධිධාරීන්ද අයදුම් කර ඇති බව සදහන් ප්‍රවෘත්තිය. කොහොම උනත් වැඩ නැති තනතුරු සදහා අපේ උපාධිධාරීන් කැමති බව ඇත්තක් නේ !.

කොහොම කොහොම උනත් එල්ලුම් ගහ තියෙනවා නම් හොදයි කියන පිරිසකුත් ඉන්නවා. රටේ වෙන ඒවා හැටියට වරදවල් ලෙස ගැනෙන අපරාධ අළුතින් නිර්ණය කරලා  (ඔය රාජ්‍ය දේපල ගසා කන ඒවා වගේ ) ඒවටත් එක්ක මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න ඕනී. එතකොට ඡන්දේ ඉල්ලන්න අයත් කැතිවේවි. දිනපතා ප්‍රකාශයට පත් වෙන ප්‍රවෘත්ති පත්‍රවල  පිටු පිරිලා  තියෙන්නේ රටේ වෙන මිණීමැරුම් , අපයෝජන , ස්ත්‍රී දුෂන වගේ දේවල් වලින්. වෙනත් ප්‍රවෘත්ති ඇත්තේම නැති තරම්.

 මේ ඔක්කොටම දොස් අහන රාජ්‍ය නායකයෙක් ඉන්නවා. එතුමා තමයි 1977 දී බලයට  පත් ඡේ. ආර්. ජයවර්ධන මැතිතුමා. ගෙදර තියෙන මුව හමට තලන්න වගේ හැම උන්නැහේම ඕන වරද්දකට එතුමා කේන්ද්‍ර කරගෙන බනිනවා.ඒත් එතුමාගේ කාලේ සිවිල් අපරාධ ප්‍රමාණය ආර් ප්‍රේමදාස යුගයේ සිවිල් අපරාධ ප්‍රමාණය සියෙයෙන් බෙදුවම එකකට සමානයි. 1970 දී පැවැති සමගි පෙරමුණ රජය කාලයට සමාන කරනවා නම් එකල ඇතිවු  සිවිල් අපරාධ මෙන් සිය ගුණයක අපරාධ 1977 දී බලයට පත් ඡේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ පාලන කාලයේදී සිදු වුනා.

ඡේ. ආර්. ජයවර්ධන මැතිතුමා පාලන කාලයට වඩා දහස්‌ ගුණයක අපරාධ ආර් ප්‍රේමදාස පාලන සමයේදී ඇති වුනා. 1977 න් පස්සේ මරණ දඩුවම සැර වැඩියි කියලා හිරෙන් එළියට ගත්ත මිණිමරුවන්ට සාමදාන විනිශ්චයකාර පදවි පවා ලබා දීලා පුනරුත්තාපනය කරලා සමාජ ගත කලා. 1994 චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පාලන කාලය ඇරඹීමත් සමග රටේ අපරාධ ප්‍රමාණය අඩුවුනා.

ඒ 1977 -1994 යුගයට සාපේක්‍ෂකව. ඒත් මේ යුගයේ සිවිල් සමාජය විසින් කරන අපරාධ අඩුවුනත් රාජ්‍ය පාලකයින් නඩත්තු කල දාමරිකයින් සිටි බවටත් සිටින  බවටත් සාක්‍ෂි මතුවෙලා තිබුනා. චන්ද්‍රිකා ජනාධිපතිතුමියගේ ප්‍රභූ ආරක්‍ෂක වළල්ලේ සිටි එක නිලධාරියෙක්‌ වූයේ බැද්දගානේ සංජීව නමැති මිනීමරුවා.අද වෙන කොට තත්ත්වය තවත් බරපතල වෙලා   දේශපාලනඥයන් වැඩි දෙනකු දාමරිකයෝ නඩත්තු කරන බවට විටින් විට ඇතිවන කතා බහ වලදී අපට එලිදරව් වෙනවා.

ඉතින් කොහොමද මරණ දඩුවම බලාත්මක කරන්නේ ?.

තුන්වන ලෝකය දිහා බලාගෙන  තුන්වන ලෝයේ සුබ සිද්ධිය උදෙසා පෙනී සිටින ඇමරිකා එක්සත් ජනපදය මරණ දඩුවම ක්‍රියාත්මකව පවත්වා ගෙන යනවා. වරදකරුවෙකු වෙලා මරණ දඩුවම හිමිවු අයෙකුට විදුලි පුටුව හෝ  වස එන්නතකින් මරණය කරා යන්න පහසුකම් ඇමරිකා එක්සත් ජනපදයේ ආණ්ඩුව විසින් සලස්වලා දීලා තියෙනවා.

එහෙම කරන ඇමරිකා එක්සත් ජනපදය තුන්වෙනි ලෝකයේ අපි වගෙ ණය ආධාර වලින් යැපෙන රටවල් වල මරණ දඩුවම ක්‍රියාත්මක වෙනවා නම් ණය දීමට තහංචි පනවනවා.  ප්‍රකට රාජ්‍ය නෙවෙන සංවිධානයක් වන “ඇමිනෙස්‌ටි ඉන්ටර්නැෂනල්” වගේ අයාතන හිරගෙවල් අස්සේ රිංගමින් අපරාධකාරයින්ට තවත් පහසුකම් ඇති කරන්නත් , මරණ දඩුවම ක්‍රියාත්වීමට ඇතිවන ඉඩ කඩ අහුරන්නත් ජාත්‍යන්තර ණය දෙන රටවල් සමග කටයුතු කරනවා. මරණ දඩුවම පනවන රටවල් වලට මානව හිමිකම් උල්ලංඝනය කරන රටවල් කියලා හංවඩු ගහලා ණය ලබා ගැණිමට  තියෙන ඉඩකඩට හරස් වෙමින් වාර්තා සපයනවා.

අපි ණය ආධාර මත යැපෙන නිසා ණය නොලැබෙයි කියන බයට අපේ පාලකයෝ මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න බය වෙනවා. නැත්නම් වෙනත් සත්භාවයක් මානව සදාචාරයක් ඇතිව කියලා හිතා ගන්න බැහැ. ඒ වුනත් අද වාර්තා වෙන අපරාධ ප්‍රමාණය දිහා බලාපුවම අපරාධ නීතිය සංශෝධණය කරලා හරි අපරාධ කරන්න බය හිතෙන දඩුවම් පැණවිම සිද්ධ කරන්න කාලය ඇවිත්.

එතුමාලට අවශ්‍ය වෙලාවට නම් නඩුත් නෑ. බඩුත් නෑ . ඒ වගේ අවස්ථාවල   ඕන තරම් මරණ දඩුවම හිමි වෙන අවස්ථා වාර්තා වෙන්නේ !.

 

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )