පවුල් පන්සල්!.


පවුලක් පන්සලක් වෙන්න එහෙම අදහසක් නැද්ද ? ප්‍රශ්නයක් අහපුවම හම්බුවුනේ මේ වගේ උත්තරයක්.

පවුලක් වුනාම පන්සලක වගේ ඉන්න වෙයි. අවවාදත් ලැබෙනවා.

හැම පවුලක්ම පන්සලක් නෙමෙයිනේ ?. මේ කාලේ පන්සල් වගේ පවුල් හොයා ගන්න බැහැ. පන්සල් වගෙත් පවුල් තියෙනවා.

සාමකාමී පවුල් ජීවිතයක් තියෙන තැනක පන්සලක් තියෙනවා. පහන් + සලක් !.

ජීවිතේම පහන් + සලක ගෙවිලා මියෑදෙන්න පුළුවන් නම් වාසනාවක්.

මේ අප්‍රබංශ කතාවට එක්වුනේ අපේ මහ ගෙදරම වෙච්ච අවුලක් පත්තරේක දැකලා  හිතට ආපු එවා ලියලා දාන්න ගිහින්.. මහ ගෙදර ඉදන් කාන්තා හිංසනය යහ ජීවනය යහ පාලනය ගැන කතා කරන මහත්තැන් කෙනෙක් ගෙදර ඉන්න අඹු සිගිත්තට හක්ක පනින්න ගහලා. අඹු සිගිත්ත  කාන්තා හා ළමා පොලිසියට පැමිණිල්ලක් දාලා.

මහත්තැනත් පොලිසි ගිහින් තම අඹු සිගිත්ත ගහලා තුවාල වුනා කියලා රෝහල් ගත වෙන්නත් පොලිසියෙන් තුන්ඩුවක් ඉල්ලලා. මේ කාලේ කාන්තාවොත් ලේසි පාසු නෑ. එහෙම බලන කොට.

ලියන මටත් මේ සන්තෑතිය වෙයි කියලා මගේ කාමරේ දොර වහගත්තා. පරිඝණක සාක්‍ෂරාතා ඥාණය නැති හින්දා මගේ ඒකාධිපති පාළිකාව මේක දකින්නේ නෑ. මගේ සගයෙක් එක දවසක් අහනව උඹේ ගෙදර භූමිකාව කොහොමද කියලා. මම ගොළුයි. මම අන්ධයි. මට කන් ඇහෙන්නේ නෑ. ඒ මදිවට දිවට රස දැනෙන්නේත් නෑ. මම ඔක්කොටම හ්ම් කියනවා. ගෙදර පන්සලක් වගෙයි බණක් භාවනාවක් කර ගෙන වුනත් ඉන්න පුළුවන්.

මේක ඔක්කොටම කරන්න බැහැ. දෙන්න දෙමහල්ලෝම ඔක්කොටම හ්ම් කියනවා නම් ඒත් සද්ද බද්දයක් නෑනේ. මහින්ද මහත්තයයි රණිල් මහත්තයයි ඔය අගේට පවුල් කන්නේ !.

මහගෙදර ගැන කියන කොට නොබා බානාත් මතක් වුනා ටෙලි නාට්‍ය වල වගේ පවුල් පන්සල් රකින්නත් බෑ කියන්න තවත් සාධකයක් ඒ කතාව. අපේ මොන්ටිසෝරිය හදන්නත් ඔය වගේ ඇත්තෝ චන්දේ ඉල්ලනවා. උන්නැහේලාගේ කිරිපල්ල අත ගාන්න ගියාම දරුවොත් එක්ක නෝනා ගහල පන්නපු කතාත් එළියට එනවා.ඒක බලා ගෙන තක්කෙට තක්ක ඉන්න ප්‍රතිවාදී පලා බබෙක් මගේ පවුල නම් පන්සලක් කියලා පෝස්ටරයකුත් අලවලා.

ඒ පැත්තෙන් අපේ ගමේ බාර් එක පැත්තට හැරුනා. මතට තිත වුනාට ගිය අවුරුද්දේ මත්පැන් අළවියට වඩා මේ අවුරුද්දේ මත්පැන් අළවිය වැඩියි කියලා දත්ත සංඛ්‍යා ලේඛණ ගැන දන්න ඇත්තෝ මාධ්‍යයට කියනවා. ඉස්සර වගේ නෙමෙයි දැන් ගල් අරක්කු  කාලක් කටේ වක්කර ගන්න උනත් මූසල බාර් කාරයට රුපියල් 220/+ ක් ගෙවන්න ඕනී. කාලක් දා ගත්තම මදි ඒ වගේ දෙකක් වත් ඕනි ගෙදර යන්න. වැඩ ඇරිලා අතට හමුවුන රුපියල් 600/= න් බාර් කාරයට 440/=ක් පුදලා ඉතිරි රුපියල් 160/= ගෙදර ගෙනියන කොට පවුල පන්සලක් වෙලා තියෙයිද ?. ගෙට ගොඩ වෙන්නේම උදේ බත් එක ඔතලා දුන්න නන්දාට “ ඈ බන් නන්දාවතියෝ “ කියාගෙන. ගියේ නැත්නම් නන්දාවතී පරල වෙනවා. ඊට ඉස්සෙල්ලා ආරක්‍ෂන විධිවිධාන යොදා ගන්න සූර් එක ඉස්සර වෙනවා. සූර් පෙන්නගෙන නන්දාවති සරෙන්ඩර් කර ගත්තම ඔක්කොම හරිනේ නැත්නම් පන්සල මස් කඩයක් වෙනවා. රුපියල් එකසිය හැටකින් හතර දෙනෙක් කන්න ඕනී. නන්දාවතීට අපේ අධ්‍යාපන ඇමතිගේ පිහිටයි. උන්නැහේගේ තියරිය අනුගමනය කරලා කොල්ලෝ දෙන්නට මාන්දම කිය කිය ළමයි දෙන්නත් කර ගහ ගෙන නන්දාවතී ගමේ වෙද මහත්තයා පිටි පස්සේ බඩගානවා.

උඩ ඉදන් පහලටම පවුලට ආදර්ශය වෙලා තියෙන් ඔන්න ඔය විදියටයි.මහ කක්කුට්ටෝ ඇදේට යන ගමන් පුංචි එවුන්ට කියනවා කෙළින් වර කියලා. ආදර්ශය දෙන්න ඉන්න උත්තමයන්ගේ පවුල්වලත් පන්සල් නෑ. ඉතින් කොහෙන්ද පවුල් පන්සල් වෙච්ච උදවිය අපේ රටේ !.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )