Quote

 

ආදීවාසීන් හමුවන්න දඹානට ගියෙමි. 

මයියංගණයට යන ඔබට මයියංගණය – පදියතලාව  මාර්ගයේ මයියංගණය දෙසින් කිලෝමීටර් 17 දුර ගෙවන විට දඹාන මුණගැසේ. දඹාන ප්‍රසිද්ධ අප ආදීවාසී ජනතාවගේ ජනාවාසය ලෙසිනි. දඹානේ දී මයියංගණය – පදියතලාව  දෙසට දිවෙන මාර්ගයේ  වම් අතට හැරී කිලෝමීටර් දෙකක් පමණ දුර ගෙවන විට දඹාන ආදීවාසී ජනාවාසයට යා හැකිවේ. මෙම ජනාවාසය  වන්නියල ඇත්තෝ ඇතුළු ආදීවාසීන් පදිංචි ගම්මානයයි.

ඉතා පිරිසිදුවත් අලංකාරවත් පවත්වා ගෙන යන ගොඩනැගිලි කිහිපය නිසාවෙන්  මා මුලින්ම දුටු  දඹාන කනිෂ්ඨ පාසල මගේ සිත් ගත්තේය. ආදීවාසී දිනය සැමරු දිනයට පසු දිනයක දඹානට ගිය බැවින්  “ආදී වාසී දිනය සමරමු“  යන පාඨය  සහිත ස්වභාවික තුරුලතා භාවිතයෙන් ඉදිකරන ලද  තොරනක් දකින්ට ලැබිනි එම තොරන අසල  අබියස වාහන අංගනයේ නතරවු අපි තොරන යටින්  ගමට පිවිසියෙමු.

අපට පලමුව එහි පිහිටුවා ඇති ආදී වාසීන්ගේ ජන උරුම කේන්‍ ද්‍රයේ  සංස්කෘතික මධයස්ථානයටත් , තවත් ගොඩනැගිල්ලක පවත්වා ගෙන ගිය දඹානවාසී දූ දරුවන්ගේ චිත්‍ර ප්‍රදර්ශණයක් නැරඹිමට අවස්ථාව ලද්දෙමු. සංස්කෘතික මධ්‍යස්ථානයේ ආදීවාසී ජනතාව විසින් භාවිතයට ගන්නා ගෘහ උපකරණ ගොවිතැන් සදහා යොදා ගන්න කෘෂි උපකරණ සහ දඩයම් සදහා යොදා ගන්න ආයුධ ප්‍රදර්ශනය කර තිබිනි. ආදීවාසීන් විවිධ අවස්ථාවල ගන්නා ලද ඡායාරූප එකතුවක්ද පිලිවෙලට ප්‍රද්ර්ශණය සදහා පෙළගස්වා තිබිණි. ඒ අතර තිසාහාමිගේ වන්නියල ඇත්තන්ගේ පින්තුරද වැදි පවුල් කිහිපයක ඡායාරූපද අප දුටුවෙමි.

දඹානවාසී දු දරුවෝ  අධ්‍යාපනය සදහා දඹාන , මහියංගනය පාසල් වලට යති සා.පෙල, උසස් පෙල හදාරති විශ්ව විද්‍යාලයට යාමට නොහැකිවු දරුවෝ බාහිර උපාධි පාඨමාලා, කාර්මික පාඨමාලා හදාරති. ඔවුන්ගේ ඇගළුම් සාමාන්‍ය දරුවන් ගේ මෙනි. ඇදුම් පැලදුම් පිරිසිදුවටත් , කාලීන මෝස්තරත් ඇගළුම් වල දක්නට ලැබේ. සාමාන්‍ය ජනසමාජය හා මුසු වීමේදී ආදීවාසී ගෝත්‍රික බව ඔවුන්ට ගැටළුක් නැති බවත් එය ඔවුන්ට ආඩම්බරයක් බව චිත්‍ර ප්‍රදර්ශණ ශාලාවේ දී හමුවු ආදීවාසී දරුවන් කිහිප දෙනෙක් හා කතාබහින් ඔවුන්ගේ නුතන ජීවිතය හෙලි කරගත හැකිවිය.

ගුණබණ්ඩියා ඇත්තෝ.

අප කන්ඩායමට වන්නියලා ඇත්තෝ මුණ ගැසීමට නොහැකිවුවත් ඒ ඇත්තන්ගේ පුතෙකු වු ගුනබණ්ඩියලා ඇත්තෝ මුණ ගැසීමට හැකිවිනි. පොඩ්ඩක් තොරතුරු කතා බහ කරන්න අවසර දැයි විමසමින් ඔහුගේ ආරාධනයෙන් පැදුරු ලා සකස් කර තිබු දිග ආසනයේ වාඩි වී කතා බහකට එක්වු අපට ඕනෑම ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නයයි එතුමාගේ භාෂාවෙන් ආරාධනා ලැබිනි.

කැකුළු කැකිලියන්ගේ වර්තමාන සමාජ ගත වීම වනයේ දුෂ්කර ජීවිතයෙන් බැහැර වීම ඔහු අගේ කරයි. එය වලක්වා ගත නොහැකි බවද පවසයි. ගොවිතැන් බත් කර ගැණිමට මේ පෑවිල්ල ඔවුන්ට හරස් වී තිබේ. මාදුරු ඔය රක්‍ෂිතය ඔවුන්ගේ නිජ බිමි වට කොට මායිම්  ඉදිකර සීටි. වනාරක්‍ෂක නිලධාරීන් ඔවුන්ට හිරිහැරයකි. මහවැලි ඉඩම් වල පදිංචිවු බොහෝ ආදී වාසී පවුල් ජනපදවාසිව ගෙවල් දොරවල් ඉදි කරගනිමින් ගොවිතැන් බත් කර ගනිමින් ත්‍රීවිලර් ,මෝටර් සයිකල් හිමි කරුවෝව යහපත් ආර්ථිකයක් ගොඩ නගා ගෙන  ජීවත්වේ.දඹානේ පාසලේ ඔවුන්ගේ දු දරුවෝ උසස් අධ්‍යාපන ලබා පැමින ගුරුවර ගුරුවරියන් ලෙස රැකියාව කරයි.

අපි ආදීවාසී පවුල් කොපමණ මේ පියසේ ජීවත් වෙන්නේදැයි විමසුවෙමු අවට ගම් හතරක් ඇති බවත් පවුල් තුන්සීයයකට අධික පවුල් ප්‍රමාණයක් ජීවත් වෙන බවත් පැවසිනි. ආදීවාසීන් තම ජනතාවට කුලයන් පහලොවක් බව පැවසේ .

ඒ බණ්ඩාර වරිගය ,මොරාන වරිගය,උනාපාන වරිගය වරිගය,ඌරු වරිගය, තොවිල් මනමේය වරිගය, නබුදෙන වරිගය,කලා වරිගය, ඇඹලාන වරිගය, රූගම වරිගය, කබැල්ලා වරිගය, කුරුවේණි වරිගය,කිරි දැක්වු වරිගය, කට්ට කුලම් වරිගය,අනුරාධපුර වරිගය, සහ මුදුකර වරිගය, යනුවෙනි.

ආදීවාසීන් දඹාන හැර වෙනත් ප්‍රදේශ කිහිපයකද ජීවත් වෙති . ඔවුන් ගැන තවත් දවසත කතා බහට කඩුල්ලෙන් එක්වෙමු.

ආදීවාසීන් හමුවන්න දඹානට ගියෙමි.

2 comments on “ආදීවාසීන් හමුවන්න දඹානට ගියෙමි.

  1. ලෝකය පුරා සිටින මෙවැනි ආදිවාසී ජන කොට්ඨාශ, ඉතා ශීග්‍රයෙන්, නවීන සමාජයට අනුගත වෙමින් තිබෙන බව පෙනෙනවා. මා හිතන්නේ, එය නොවැලක්විය හැකි මානව, සමාජ, සංස්කෘතික, සංසිද්ධියක් බවයි. ආදිවාසියා, කියන නිර්වචනය දෙන්නේ, කිසියම් රටක දැනට සිටින ප්‍රධාන ජාතිය, වෙනත් පෙදෙසකින් පැමිණ, ඒ රටේ පැලපදියම් වීමට පෙර, ඒ රටේ මුලින්ම විසු ජන කොට්ඨාශයටයි. ඒ අනුව අපේ රටේ ‘වැදි’ යන වර්ගීකරණයේ සිටින ජාතිය, ආදිවාසීන් ලෙස සැලකිය හැකිද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )