උන්ට හොද නම් අපිට මොකද ?


විශ්ව විද්‍යාල දින නියමයක් නැතිව වසා දමා තිබේ. විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන දූ දරුවෝ මාස කිහිපයක සිට තම අධ්‍යාපන කටයුතු කර ගැණිමට නොහැකිව නිවස්වලට වී සිටිති. වරෙක අනධ්‍යන කාර්ය මණ්ඩල වැඩ වරති. එය අවසන් වන විටම අධ්‍යයන කාර්ය මණ්ඩල වැඩ වරති.මේ කාටත් වෘත්තීය ප්‍රශ්න ඇති බව රහසක් නොවේ. වෘත්තීය ගැටළු හෝ වෙනත් ගැටළු ඇත්නම් ඒවා නිරාකරණය කිරීමට බැදී ඇති පාලණාධිකාරයක් හා නායකත්වය දෙනු ලබන දේශපාලනාධිකාරයක්ද තිබේ.එහෙත් මේවායේ රාජකාරී කරන පුද්ගලයින් ඇහුම් කන්දීමට ,ගැටළු හදුනා ගැණිමට, විසදුම් සෙවීමට දක්‍ෂ පුද්ගලයෝ නොවෙති. එසේ දක්‍ෂ පුද්ගලයෝ සිටින්නේ නම් මෙවැනි තත්වයක් නිර්මාණය නොවේ. මේ අදබාල චරිත කද පණුවෝ මෙන් ජාතික දේහය  කා දමමිනි විනාශ කරමින් තමන් පමනක් බැබලෙන්න , වැජඹෙන්න උත්සහා දරමින් රටට බයිලා ගසති.

විශ්ව විද්‍යාල භාර ඇමතිවරයා මෙන්ම සමහරක් ජන මාධ්‍ය සිසුන් මහ මගට බස්සවා මහ පෙරළියක් කරන්න ඇති අවශ්‍යතාවය ගොඩනගා ගැණීමට විශ්ව විද්‍යාල ඇදුරන් සත්භාවයෙන් තොරව කරනු ලබන වැඩ වැරීමක් ලෙස විශ්ව විද්‍යාල ඇදුරන්ගේ වැඩ වර්ජණය හදුන්වයි. මොන කෙහෙල්මලක් වුවත් තමන්ට ඒ තත්වය පාලනය කර ගත නොහැකිනම් අහවල් කෙන්ගෙඩියක් සදහා ඇමති ධුරය බදා ගෙන සිටින්නේදැයි අපට ප්‍රශ්ණයක් ඇතිවේ.

අපේ අධ්‍යාපනයේ පළමු අදියර භාර ඇමතිවරයාද විභාගයක් වත් හරි හැටි පවත්වා ගැණිමට නොහැකි දෙපාර්තමේන්තුවක් පාලනය කරමින් සිසුන් අපහසුතාවයට තොග ගණනේ පත් කරමින් පෙළහර පායි. මෙවැනි අදක්‍ෂ අපරික්‍ෂාකාරී මෝඩයින් පළවා හරින්නේ නැතිව දෙපාර්තමේන්තු ප්‍රධාණින් ලෙස ඔවුන් ආරක්‍ෂා කර තබා ගණිමින් සිසු දරුවන්ගේ අනාගතය අනතුරට පත්කරයි. අදක්‍ෂ  ප්‍රධාණින් පලවා හරින්න තමන් අදක්‍ෂ නම්  ජනතාවගේ දහඩිය මහන්සියෙන් සූරා ගන්නා 80% තරම් සාංඝික දේපලක් වැනි බදු මුදලින් නොයැපී වෙනත්කාරියකට යායුතුවේ. එහෙත් එසේ නොකරයි. අපිම කන්න උප්පරවැට්ටි කරමින්දවස ගෙවයි.

කඩුල්ල පසු ගිය දිනක රාජපාක්‍ෂික විද්‍යුත් මාධ්‍යයක පැවති සාකච්ඡාවකට ඇහුම් කන් දෙන ලදී. මෙම සාකච්ඡාවේදී කැලණි විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශ ප්‍රධානි අජිත් දිසානායක මහතා පවසා සිටියේ පසුගිය වසරේ ඔහුගේ වැටුප රු. 25,000  කින් 30,000 කින් වැඩි වූ බවයි. ඔහුට ඉහළින් හා පහළින් සිටින ඇදුරන්ගේ වැටුප් ද ඊට සමානුරූපීව වැඩිවී තිබෙන බව පවසන ලදී.
තමුන්ගේ ළමුන් පෞද්ගලික පාසලකට දැමීමට හෝ බෝඩිං ගාස්‌තු ගෙවීමට වෙනම දීමනාවක්‌  අවශ්‍ය බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ඉල්ලා සිටින බව සහ
දළ ජාතික නිෂ්පාදිතයේ අධ්‍යාපනයේ දායකත්වය 6% දක්‌වා වැඩි කරන්නැයි ඉල්ලීමත් එය ඉටු නොවීමත් මෙම වැඩවැරීමට තවත් හේතු පාදකයක්  වන බව  එම සාකච්ඡාවේදී කියෙවිනි.

මෙවැනි  ඉල්ලීම් ඉල්ලමින් අපේ දූ දරුවන් ගේ අනාගතය අදුරට පත් කිරීම කොතරම් සාධාරනදෑයි කඩුල්ලට සිතිනි.

දේශපාලකයින් විසින් සූරා කමින් විනාශ කරන රට මෙවැනි ඉල්ලීම් පාදක කරමින් වැඩවරන මහත්තුරුන් තවත් අගාධයට ඇදගෙන යමින් සීටී.ආදර්ශයක් විය යුතු  ජනනායකයින් යයි කියාගන්නා දේශපාලකයින් පටි තද කරගෙන ආදර්ශයක් දෙන්නේ නම් මෙවැනි අර්බුදයක් මතු වන්නේ නැතැයි කඩුල්ල  සිතයි.

අද කාගේත් රට ගැන තිබෙන හැගීම “උන්ට හොද නම් අපිට මොකද ? “ යන්න බවට පත්ව ඇති සෙයකි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )