උදෘතය

(අ) ප්‍රසන්නවු පේරාදෙණිය රාජකීය උද්භීද උද්‍යානය 

පසුගිය සතියේ දිනක මහදැනමුත්තාත් ගොලයෝ රොත්තත්  මහනුවර සංචාරයක නිරත විය. මේ සංචාරය අතරවාරයේ  මේ රොත්ත පේරාදෙණිය රාජකීය උද්භීද උද්‍යානය නැරඹීමටද ගියේය.මේ කණ්ඩායමට මුලින්ම රාජකීය අත්දැකීමකට මුහුණ දීමට සිදුවීමෙන් පසුව උද්භීද උද්‍යානයයේ රාජකීයත්වය නැරඹීමට අවස්ථාව ලැබිණි.

අද වාර්තාව නඩයට සිදුව මේ අවනඩුවය.

මුලින්ම අපේ කන්ඩායම් නායකයා නොහොත් පන්ඩිතයා ටිකට් කවුළුවෙන් රුපියල් පනහ බැගින් ගෙවා ටිකට් ලබා ගෙන තිබිණි.  මා කණ්ඩායමේ මහදැණමුත්තා විය. මහදැනමුත්තා හට  ගරු ගාම්භිරත්වයෙන් නිහඩව කණ්ඩායමේ වැඩ කිඩ අසා බලා සිටිනවා හැරෙන්න මේ සංචාරයේ වෙනත් වැදගත් රාජකාරියක් පැවරී තිබුනේ නැත.සැම විටම ගෝලයෝ රොත්ත ඉදිරිපෙල ගමන් ගත් අතර මහදැනමුත්තාට සිදුවුයේ මහ පෙරහැරේ දියවඩන නිලමේ ගමන් කරන්නාක් මෙන් ගරු ගාම්භිරත්වයෙන් බර අඩි තබමින් ගමන් කිරීම පමණි.

ගෝලයෝ රොත්ත පිලිවෙලින් හැමදාමත් වසා ඇති විශ්ව විද්‍යාල ඇති රටක විශ්ව විද්‍යාල සිසුවියක, විදේශිය රටක ඉගනුම ලබන ලාංකීක විශ්ව විද්‍යාල සිසුවියක සහ සිසුවෙක්, ඉසෙඩ් ස්කෝර් හුටපටයෙන් මඤ්ඤං වු සිසුවෙකු සහ මහනුවරදී අපිට සෙට් වුන ජපන් ජාතික සංචාරක සිසුවෙකුගෙන් සමන්විත  විය. අපේ කණ්ඩායමට විදේශිකයින් වෙනුවෙන් නිකුත් කරනලද   මල්ටි කලර් පත්‍රිකාවක් සමග ටිකට් පතක් සහ  රුපියල් එක් දහස් එකසීයයක් වු ටිකට් පතක් සහ කහපාට තුන්ඩු කෑල්ලක්වු රුපියල් පනහක්වු  ටිකට් පත්  ලබාගෙන තිබිණි.

පේරාදෙණිය රාජකීය උද්භීද උද්‍යානයට පිවිසීමට ප්‍රධාණ ද්වාරයට රජ ගමනේ පැමිණි මහදැනමුත්තයි ගෝලයෝ රොත්තට ද්වාර රැකවල්ලා සිටි රාජකීය ආරක්‍ෂකයින් තමන්  ගත් ටිකට් පත් දිගු කල විට තමන්‍ ගේ අනන්‍යතාවය තහවුරු කිරීම සදහා ශ්‍රී ලංකාවේ පිලිගත් හැදුනුම් පතක් නොමැතිව ඇතුල්වීමට නොහැකිබව ප්‍රකාශයට පත් කෙරිනි.

කණ්ඩායමේ මහදැනමුත්තට සහ ඉසෙඩ් ස්කෝර් හුටපටයෙන් මඤ්ඤං වු සිසුවාට හැර අන් අයට ජාතික හැදුනුම් පතක් හෝ රියදුරු බලපත්‍රයක් හෝ ශ්‍රී ලංකාවේ පිලිගත් වෙනත් හැදුනුම් පතක් අත තිබුනේ නැත. විදේශික සිසුවාට ගමන් බලපත්‍රය තිබිණි.

මේ 2012 වසරයි. යුද බිය නැති සාමකාමී පරිසරයක් ඇති සුබ අනාගතයක සෙවනැල්ලේ ජීවත්වන වැසියෝ තමන් රිසි රිසි තැන් වල අපල උපද්‍රව වලින් තොරව ගමන් බිමන් යති. රිසි නිසිදේ කරති.නිතර නිතර පරීක්‍ෂා කරන ආරක්‍ෂක අංශයක් තැනින් තැන ක්‍රියාත්මකව ද නැත.ඉතින් එකල වැසිකිලියට යතත් සාක්කුවේ දමාගෙන  තිබු අනන්‍යතා බලපත්‍ර දැන් නිදන කාමරයේ අල්මාරියේ නිදා ගෙන සිටී.

විදේශික සිසුවාට ගමන් බලපත්‍රයත් ඉසෙඩ් ස්කෝර් හුටපටයෙන් මඤ්ඤං වු සිසුවාට සහ මහදැනමුත්තාට  ජාතික හැදුනුම් පතත් තිබු නිසා ද්වාරයෙන් ඇතුල්වීමටත් අනෙක් අය අප උද්‍යානය නරඹා එන තෙක් පිටත රැදී සිටිය යුතුයැයි නියම විනි. අපට එසේ කල නොහැකිය.

ආරක්‍ෂකයිනුත් ගෝලයෝ රොත්තත් බරපතල අරගලයකය. මහදැනමුත්තා නිහඩව සාධාණව අසාගෙනය.

විදේශිය අධ්‍යාපන ලබන සිසුන් දෙදෙනාට සහ හැමදාමත් වසා ඇති විශ්ව විද්‍යාල ඇති රටක විශ්ව විද්‍යාල සිසුවියට මල පැනලාය.

අංකල් අපි දෙන්නා ඉගන ගන්න එහේ ගිහිල්ලා තියෙන්නේ ……සුද්දෝ නෙමෙයි. බලන්නකෝ සිංහල පැටලෙන්නේත් නෑ නේ ?.

යුද්දෙත් ඉවරයි. යන යන තැන් වල අපි වගේ අය අයි.ඩී එක අරගෙන යන්න ඕනිද? මෙ අපේ මහදැනමුත්තා (තාත්තා) ගේ අයි.ඩී එක තියෙනවානේ ? . පුශ්න පැහැදිලි කිරීම්  වැලයි.

රැකවල්ලාකරන කට්ටියගේ ඉන්න කට්ටිය රොබෝලා වගේ දීලා තියෙන දත්ත විතරයි වැඩ කරන්නේ. අනිත් අය බොහෝම අමාරුවෙන් නිශ්සබ්ද කරගෙන පැත්තකට වෙලා හිටපු මහදැනමුත්තාත් ප්‍රශ්න කිපයක් අහන්න අවසර ගත්තා

මේ බව ජනමාධ්‍ය වලින් එහෙම ප්‍රසිද්ධ කරලද?.

උත්තරය. නෑ මේ බොර්ඩ් ගහලා තියෙන්නේ.

බෝර්ඩ් පේන්නේ මෙතනට ආපුවහම විතරයි නේ. මේ රටේ හැම තැනම බෝර්ඩ් ගහල තිබුනන් අපි අයි.ඩී එක අරන් එනවානේ?.

උත්තරය. ලොකු කට්ටිය දෙන ඕඩර්ස් නේ අපිට කරන්න දෙයක් නෑ.

මේ අස්සේ ලැප් එක දිගාරෙගන එක ගෝලයෙක් පේරාදෙණිය රාජකීය උද්භීද උද්‍යානය වෙබ් සයිට් එකට ගිහිල්ලා. ඒකේ තියෙන්නේ

  • අවසරයකින් තොරව වාහන ඇතුල් කිරීම තහනම්.
  •  සපයා ඇති කුණු භාජන වලට කුණු දමන්න. නැතහොත් ප‍්‍රතිචක‍්‍රීකරණය සඳහා
  • ගෙදර රැගෙන යන්න.
  • කරුණාකර අනුනට හිරිහැරයක් වන ලෙස හෝ අශෝභන හා අවිනීත ලෙසහැසිරීමෙන් වලකින්න.
  •  සංගීත භාණ්ඩ, රේඩියෝ, ඉලෙක්ට්‍රොනික උපකරණ හා අවිආයුධ රැගෙන යාමතහනම්.
  • මල් කැඩීම, අතු ඉති කැපීම හෝ පැළෑටි ඉගිල්ලීම නොකල යුතුය. එසේ කිරීමදඩුවම් ලැබීමට හේතු වේ.
  • සතුන්, පැලෑටි, ශාක, මල් පාත්ති, ලේබල් හා ආසන යනාදී උද්‍යානයට අයත් දේපලකිසිවකට හානි නොකල යුතුය. එසේ කිරීම දඩුවම් ලැබීමට හේතු වේ.
  •  ම‍ධ්‍යසාර හෝ වෙනත් මත්ද්‍රව්‍ය රැගෙන ඒම හෝ ඒවා පාවිච්චි කර උද්‍යානයටඇතුළුවීමට නරඹන්නන්ට අවසර නැත.
  • පාපන්දු, රගර්, හොකී,ක‍්‍රිකට්, වොලිබෝල් හෝ උද්‍යාන අධිකාරී වරයා විසින්තහනම් කර ඇති වෙනත් කවර හෝ ක‍්‍රිඩාවක් කිරීමෙන් වැළකිය යුතුය.
  • අවසරයකින් තොරව උද්‍යානය ඇතුළත කිසිවක් විකිණීම හෝ විකිණීම සඳහාප‍්‍රදර්ශනය කිරීම නීතිවිරෝධීය.
  • මෙන්න මේ උපදෙස් විතරයි.  මේ වෙබ් සයිට් එකේ තියෙන්නේ

  • . ගෝලයා කියනවා.ඒකේ නෑනේ අයි.ඩී එක ගේන්න කියලා?.

මේ කතාවට උත්තරයක් නෑ.

අයි.ඩී එකක් නැත්නම් යන්න දෙන්න බෑ . එච්චරයි.  හේතු නෑ තිරණයක් විතරයි.

වෙලාව පස්වරු එකයි.

ගෝල රොත්තට බඩගිණිය. ප්‍රශ්ණය එතනමයි.

මහදැනමුත්තා අදහසක් දැම්මා. ඔයගොල්ල කාලා එන්න. මට පාර්සලයක් අරන් එන්න. කට්ටිය ආපහු ඇරලා ටිකට් එකත් දිග් කරගෙන

“මට ඇතුලට යන්න දෙන්න පුළුවන්?. ප්‍රශ්ණයක් දැම්මා.

උත්තරය. හා.

මහදැනමුත්තා උද්‍යාණ චාරිකාවේ නියලෙන නියාවෙන් ඇතුලට ගියා. ඇවිද ගෙන ගිහින් නතරවුනා නියෝජ්‍ය අධ්‍යක්‍ෂතුමියගේ කාර්යාලයේ වවුල් දොර ඉස්සරහ. එතුමියගේ ලන්ච් අවර එක!.එතුමිය සීට් එකේ නෑ.

මහදැනමුත්ත වවුල් දොරෙන් එලියේ. අතේ තියෙන ඔරලෝසුවේ කටු නතර වෙන්නේ නෑ දුවනවා. ඔරලෝසුව බලනවා උද්‍යානයේ තස් අස්සෙන් අහස බලනවා. දැන් වෙලාව පස්වරු 2.10යි.

ඔන්න ප්‍රධාණ රැකවලෙක් වගේ එකෙක් ඇවිත් අහනවා

මොකක්ද මහත්තයා ප්‍රශ්නේ ?.

මම . මුල ඉදන් අගට කියනවා. ගිරවා වගේ.

“යන්  මහත්තයා බලන්න.”

ආයෙත් ගෝලයෝ රොත්ත බලනවා. පැය දෙක හමාරකට පස්සේ ගෝලයෝ රොත්තම ශ්‍රී ලාකිකයෝ කියලා හදුනා ගෙන පේරාදෙණිය රාජකීය උද්භීද උද්‍යානයට ඇතුල් වෙන්න දෙනවා.

විදේශික සිසුවා අහනවා   Sri Lankan style ? .

මහදැනමුත්තා ගෙදර ඇවිත්  එදා හමුනොවුන නියෝජ්‍ය අධ්‍යක්ෂක (රාජකීය උද්භිද උද්‍යානය)තුමියට කතාකරන්න උත්සහා කරනවා අඩුතරමේ වෙබ් සයිට් එකවත් යාවත්කාලීන කරන්න කියන්න. ඒත් තාම ඒ කාරනේ ඉටුවුනේ නෑ. එතුමිගේ ටෙලිපෝනය ‘බිසී’

 ඕගොල්ලන්ට වත් පුළුන්නම් කියන්න  මේ තියෙන්නෙ එතුමියගේ දුරකතන අංකය.

නියෝජ්‍ය අධ්‍යක්ෂක (රාජකීය උද්භිද උද්‍යානය)

081-2388088 (Official)

අයි.ඩී එක නැත්තම් පේරාදෙණිය රාජකීය උද්භීද උද්‍යානයට එන්න එපා කියලා.

අඩුතරමේ දැන්වත් මාධා මගින් ප්‍රචාරය කරන්න කියලා. මිනිස්සු ගේට්ටුව ගාවා රස්තියාදු කරලා ආපහු එවන්නේ නැතිව.

(අ) ප්‍රසන්නවු පේරාදෙණිය රාජකීය උද්භීද උද්‍යානය

Advertisements

3 comments on “(අ) ප්‍රසන්නවු පේරාදෙණිය රාජකීය උද්භීද උද්‍යානය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )