සියළුම ඡන්ද අපේක්ෂකයින්ගේ දැන ගැණිම පිණිසයි.


 සබරගමුවේ අපිට මැතිවරණයක් ඇවිල්ලා. නාමයෝජනා දෙන්නත් කලින් තාප්ප පුරා පාප්ප නා ගත්ත පාප්පයින්ගේ මුණ ඉඹලා දඩාවතේ යන හරක් එළුවෝ පාප්පයින්ට අචාර සමාචාර කරනවා. අප්පෝ මේ පාප්පයින්ගේ පුරාජේරුව. එකෙක් රම්ය වු සද ලු. තව එකෙක් සබරගමුවේ අනාගතය ලු. තව එකෙක් සබරගමුවේ හෙන ගෙඩිය ලු.
මාර්ග සංවර්ධණ අධිකාරිය ලස්සනට නඩත්තු කරලා තිබුන පාර “ දැන්වීම් ඇලවීම තහනම්. මෙය මාර්ග සංවර්ධණ අධිකාරිය සතු දේපලකි ” කියලා ගහලා තිබුනත් මේ පාප්පයින්ට ඒවා මායිම් නෑ . ඒ උඩිනුත් පාප්පයෝ උන්ගේ මූනත් තහඩුව අලවා ගෙන.

අකුරු වත් දන්නැති මුන්ට නේ අපිට චන්දේ දෙන්න වෙලා තියෙන්නේ.
අපේ බෙනඩික් අයියට මල පැනලා. බෙනඩික් අයියාට දැන් වයස අසූවක් විතර ඇති. දැන් වල පයයි ගොඩ පයයි. උදේ ඉදන් හවස්වෙන තුරු විටින් විට ගල් කාල් දෙකක් විතර උගුරෙන් පහලට බස්ස ගෙන නිතරම ට්‍රිම් එකේ ඉන්නේ. අපේ ගමේ සුසාන භුමියට හරි පාරක් නෑ. කන්දක අංශක හැටක  බෑවුමක  තියෙන සූසාන භුමියේ අඩි හයක වලක් කපා ගන්න ගෙපල කපා ගන්න විතරක්  ලොකු සටනක් දෙන්න ඕනි.

මේ සුසාන භූමිය වෙනුවට විකල්ප ඉඩමක් ඉල්ලන්න වෙලා දැන් අවුරුදු හතලියක් පනහක් වෙනවා. තාම ඉඩමක් නෑ. මේ සුසාන භූමියට ඉඩමක් ඉල්ලන කණ්ඩායමේ පෙරමුනේ ඉන්න බෙනඩික් අයියට අඩි හයක වලක් කපා ගන්න විකල්ප ඉඩමක් තාම හමුවෙලා නෑ. සූසානභුමිය ඉල්ලන ධජය පරම්පරා දෙකක විතර අතින් අත ගිහිල්ලා . ගම්මුන්ට තියෙන එකම ප්‍රශ්නේ මේක විතරක්  නොවුනත් බෙනඩික් අයියලා වගේ අය මැරුණහම වත් අනික් අයට තියෙන කරදර අවම කරන්න විකල්ප ඉඩමක් ඕන වෙනවා කියලයි බෙනඩික් අයියා නිතර නිතර කියන  අදහස.
අවුරුදු හතලිහක – පනහක කාලේ මැතිවරණ කොච්චර තියෙන්න ඇද්ද ?. මැතිවරණ කාලෙට වේදිකා පිපිරෙන්න පොරොන්දු දෙන අය බෙනඩික් අයියගේ සුසාන බූමි සිහිනේ යථාර්තයක් කරන්න දුන්න පොරොන්දු ටොන් ගානක් වෙන්න ඇති.  බෙනඩික් අයියා මේ පාර අයිනේ තාප්ප වල විරිත්තගෙන ඉන්න පාප්පයින්ට අම්මා මෝ නැතිව තිත්ත කූණු හරුපෙන් බණිනවා. මුන්ගේ බඩකද මහත් කරගෙන යාන වාහන ,මාළිගා හදාගන්න අපි පෝලිමේ ඉදලා කතිරේ ගහන්න යන්න ඕනි -අපිට වැලලෙන්වත් ඉඩම් කෑල්ලක් වෙන් කරලා දෙන්න බැරි එකේ කියලා?.

මේ අලකංචිය මැද්දෙන් ගිය රොමාණිස් අයියා යමු යමු අපි ගෙදර කියලා බෙනඩික් අයියාව කැදවා ගෙන යන්න ට්‍රයි කරන  ගමන් මම නම් මුන් එක්ක තියන  ගණුදෙණුව මේ පාර ගෙදරින්ම එවර කර ගන්නවා කියලා අතේ රෝල් කරගෙන හිටපු ඩිජිටල් වර්ණයෙන් අලංකෘත බැනරයක් දිගා අරිනවා.
ඔන්න ඕක කියවමුකෝ.  කියලා රොමාණිස් අයියා කියනවා.
එහාට මෙහාට විසිවෙන ගමන් බැනරය දිග හැරගත්ත බෙනඩික් අයියා අසූව පැන්නත් තවමත් හොදට පේන ඇස් දෙක ලොකු කරලා  බැනරය කියවනවා.

දැන්වීමයි.
සියළුම ඡන්ද අපේක්ෂකයින්ගේ දැන ගැණිම පිණිසයි.
• ප්‍රාදේශීය සභා මනාපයක් ඩොලර් විසිපහයි. මනාප තුනම එක් අයෙකුට ඕනි නම් ඩොලර් පනහයි. දේශපාලන පක්ෂ‍ය සදහා ඩොලර් පනහයි.
• පලාත් සභා මනාපයක් ඩොලර් පනහයි. දේශපාලන පක්ෂය සදහා ඩොලර් සීයයයි.
• පාර්ලිමේන්තු මැතිවරණ සදහා දේශපාලන පක්ෂය සදහා ඩොලර් දෙසීයයි. එක් මනාපයක් ඩොලර් සීයයයි.
• ජණාධිපතිවරනය සදහා පමනක් නොමිලේ !.
අපේ ගෙදර ලියාපදිංචි ඡන්ද පහයි.
විමසන්න
කේ.ඩී රොමාණිස්.

මොකද මළයා මේ ඩොලර් වලින් ගණන් දාලා තියෙන්නේ වැනී වැනී බෙනඩික් අයියා අහනවා.
රොමාණිස් අයියා මේකනේ බෙනඩික් අයියේ – අපේ රුපියල් වගේ නෙමෙයි නේ ඩොලර් දවසින් දවස අගය ඉහල යනවා නේ. හැමදාමත් චන්ද තියෙන රටේ හැමදාමත් බෝර්ඩ් ගහන්නත් බෑනේ මම අවුරුදු ගානකට හරියන්න තමයි ඕක ගහගත්තේ.
ආර්ථිකේ තේරුම් ගන්න වෙලාවක නෙමෙයි බෙනඩික් අයියා ඉන්නේ – ඒකත් එහෙමද අහන ගමන් ඇයි මළයා මේ බෝර්ඩ් එකක් ගහන්න හිතුවේ කියලා තව ප්‍රශ්ණයක් දැම්මා.
තේරෙන්නේ නැද්ද ?. ඔය යක්කු අපේ මනාපේ අරන් ගිහින් කරන දේවල් !. මගේ ගණුදෙණුව දැන් මම බේර ගන්නවා . උන්ට ඕන කුදයක් ගහගන්න කියලා !. රොමාණිස් අයියා උත්තර බැන්දා..
ඇයි මළයා ජණාධිපතිවරනේ නොමිලේ ?.  බෙනඩික් අයියට තවත් ප්‍රශ්ණයක් ඇතිවෙලා !.

මොකෙක් හරි රට කරන්න එකෙක් ඉන්න එපාය. රට කෑවත් එකයි නේ කන්නේ. දැන් කියලා බලමු ජණාධිපතිතුමා විතරයිනේ වැඩක් කරන්නේ. අනිත් එවුවෝ වැඩ අනනවා විතරයිනේ ?..
ඒ කතාවට බෙනඩික් අයියත්  එකග වෙනවා.
හැබෑ නේන්නම්.
“යමන් මළයා මා ලග තව රුපියල් දෙසීයක් තියෙනවා . උඹත් දීපන් තව තිහක් .

අපි සීය සීය දෙසියක් දා ගෙන ගෙදර යමු”
බෙනඩික් අයියා – රොමාණිස් අයියාත් ඇදගෙන ආයෙත් බාර් එක පැත්තට හැරුනා .

5 comments on “සියළුම ඡන්ද අපේක්ෂකයින්ගේ දැන ගැණිම පිණිසයි.

  1. හැමතැනම පෝස්ටර අලවපුවම ගොඩ ලොකු වෙයි කියලා නේ හිතන්නේ.
    පරිසරයට තියා මොකකටවත් ආදරේ නැති තමන්ට විතරක් ආදරේ ඇති මැට්ටෝ නේ චන්දේ ඉල්ලන්නේ.

  2. තෝලංගමුවෙ පන්සල ඉස්සරහින් යන පාරෙ “අපේ පාර හැදුවෙ නැත්නම් මෙදා පාර ඡන්දෙ නෑ” කියල බෝඩ් එකක් ගහල. ඒ පැත්තෙ එකෛක්ගෙන් ඇහුවම කවුද ගැහුවෙ කියල ඡන්දෙ ඉල්ලන කෙනෙක්මලු. පොරම බෝඩ් එක ගහල පොරම පාර හදනව.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )