බණ්ඩක්කා වලට සේවය නොකරමි. – නස්රුදීන්.


නස්රුදීන්ගේ තනතුර මාරුවුනා. මෙවර ලැබුනේ පෝෂණය සහ  ආහාර  තාක්‍ෂනය විෂය කරගත් උපදේශක තනතුරක්. නස්රුදීන් අනුමත කලොත් තමයි රජ්ජුරුරුවෝ ආහාර අනුභව කරන්නේ.මේ තනතුරට  රජතුමාගේ ආහාර පිලියෙල කිරීම සහ එදිනෙදා අහාර වේලට ඇතුලත්විය යුතු දේවල්, එදිනෙදා වැය වෙන කැලරි ප්‍රමාණයට අනුරුපව රජ්ජුරුරුවන්ට        ලබා දිය යුතු ආහාර  අරක්කැමියාට නස්රුදීන් ඇනවුම් කරන්න ඕනී.   ඊට අමතරව සුදුසු ආහාර නොකඩවා ලබා ගන්න වැඩ පිලිවෙලක් ඇති කරන්න ඕනී. රස ගුණ සපිරි ආහාර වේලක් සැපයීම නස්රුදීන්ගේ රාජකාරිය බවට පත්වුනා.

රජ්ජුරුරුවන්ට ඕන ආහාර සැපයීමට සමගාමිව රටේත් ආහාර බෝග වගා කරන්න ඔනි නිසා නස්රුදීන්ට රටේ වගා කටයුතුත් අයිති වුනා.

දවසක්දා රජතුමාගේ දිවා ආහාර වේලට බන්ඩක්කා බැදුමක් තිබුනා. මේ බැදුම රජතුමාට අල්ලලා ගියා. නස්රුදීන් කැදවපු රජතුමා බන්ඩක්කා බැදුම අගය කරලා නස්රුදීන්ගෙන් ඇහුවා කොහොමද බණ්ඩක්කා කියලා.

 “ෂා හරිම අගෙයිනේ දේවයන් වහන්ස ”කියලා නස්රුදීන් උත්තර දුන්නා.

බණ්ඩක්කා රසට ඉහ වැටුන රජ්ජුරුරුවෝ දැන් තුන්වේලටම බණ්ඩක්කා ඕනි. ඒ මදිවට රටවැසියන්ටත් බණ්ඩක්කා කවන්න වගා ව්‍යාපාරයක් පටන අරන් මාධ්‍ය කට්ටියට කියලා ලොකු සද්දයක් දාලා රටටම බණ්ඩක්කා සංග්‍රාමයක් පටන් ගත්තා.දැන් රට පුරාම බණ්ඩක්කා. බණ්ඩක්කා වලින්ම රටේ පාලන කටයුතුත් පවත්වා ගෙන යනවා.

කාලයක් ගියා. රජ්ජුරුරුවන්ට කාලා කාලාම බණ්ඩක්කා එපාවුනා.

උපදේශයක් ගන්න  රජ්ජුරුරුවෝ නස්රුදීන් කැදවුවා. කැදවලා බණ්ඩක්කා සෙමට අගුණයි. සිතල ආහාරයක්. සෙවල ගතියයි. මොන ජරා කෑමක්ද ? කියලා රජ්ජුරුරුවෝ නස්රුදීන්ට කිව්වා.

නස්රුදීන් “ ඔව් ඔව් දේවයන් වහන්ස මහා ජරා කෑමක්නේ බණ්ඩක්කා ” කියලා උත්තර බැන්දා.

රජ්ජුරුරුවන්ට මතක් වුනා නස්රුදීන් බණ්ඩක්කා අගේ කරලා ඉස්සර කියාපු  “ෂා හරිම අගෙයිනේ දේවයන් වහන්ස ”කියලා කියාපු කතාව.

රජ්ජුරුරුවෝ නස්රුදීන්ගෙන් “එහෙනම් එදා එහෙම කිව්වේ ඇයි කියලා”  ඇහුවා .

 “ දේවයන් වහන්ස මම සේවය කරන්නේ බණ්ඩක්කා වලට නෙමෙයිනේ.” කියලා බය පක්‍ෂපාතව ට්කක් ඈතින් ඉදගෙන  “ඔබතුමාට නේ ” කියලා නස්රුදීන් උත්තර දුන්නා.

දැන් කාලේත් එ තරම් වෙනසක් නෑ නේ.

Advertisements

3 comments on “බණ්ඩක්කා වලට සේවය නොකරමි. – නස්රුදීන්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )