නස්රුදීන්ගේ කිරිපිටි.


ඔන්න එකමත් එක රටක රජ කෙනෙක් හිටියා. රජ්ජුරුවන්ට තනියෙන් රට පාලනය කරන්න බැරි නිසා නා නා පදවි තානාන්තර ඇති කාර්ය මණ්ඩල පත්කර ගන්නවානේ.  උගත් නස්රුදීන් ට මෙවර ලැබුනේ ආර්ථික කටයුතු පිළිබදව උපදෙස් දෙන්න නස්රුදීන්ට නියමවෙලා තිබුනා.

මේ රටේ මීට අවුරුදු හතලිහකට  පනහකට ඉස්සර කිරි පිටි කියලා ජාතියක් තිබුනේ නෑ. හැම ගෙදරකම කිරි හරකෙක් දෙන්නෙක් හිටියා. ඉතින් අවුරුද්දේ වරින් වර ගැබ් ගන්නා මේ කිරි දෙන්නු පැටවු දාපුවම පැටවාට දෙන්න තියෙන කිරි ටිකෙන් ගෙදර උදවියටත් කොටසක් දෙන සිරිතක් තිබුනා. ගෙදර උදවියත් කිරිබීලා . සමහර අය කොටසක් අසල්වාසින්ටත් අළවි කලා.

මේ වැඩේ ඒතරම් හොද නෑ කියලා හිතපු ඒ කාලේ හිටපු රජවරු  පිටි කරලා සුද්දන්ගේ  රටින් කිරි ගෙන්නලා ජනතාවට බොන්න දුන්නා. මේ පිටි බීපුවම සෙම හැදෙන්නේ නෑ පණු අමාරු හැදෙන්නේ නෑ අතිරේක පෝෂනය සහිතයි විටමින්, කැල්සියම් අඩංගුයි වගේ නානාප්‍රකාර කතා කියලා රටේ වැසියෝ ඔක්කොටම රට කිරිවලට  පත්තියම් කලා. පස්සේ පස්සේ කිරි හරක් සාත්තු කිරිල්ල ටිකින් ටික නතරවුනා.  කඩේ කිරි ලාබෙට තිබියද්දී මොනවටද කරදර වෙන්නේ ?. ජනතාවට මේ කල්පනාව ජාන ගතවුනා.

කාලයක් ගියා . ඉස්සෙල්ලා නිකම් දුන්න කිරිපිටි ටික ට මිලක් ඇතිවුනා. ක්‍රමයෙන් මේ මිල වැඩිවෙලා දැන් ඉන්න රජ්ජුරුවන්ගේ කාලෙ වෙන කොට මිල ඉහටත් උඩින් ගලලා රටේ ජනතාවට කිරි ගෙනත් දෙන්න පිටරට සුද්දන් ට  දෙන්න සල්ලිත් නෑ. ජනතාවට කිරිවල මිළ දරා ගන්නත් බෑ.

නස්රුදීන්ගෙන් මීට අවුරුදු පහකට හයකට කලින් රජ්ජුරුවෝ ඇහුවා  “ මෙකක්ද කරන්නේ මේ අවුලට කියලා. ?. නස්රුදීන් කිවුවා කිරි හරක්  හැම ගෙදරකම හදන්න  නියෝග කරමු . ඒත් එක්කම කිරි පිටි  අප්පිරියා කරවමු කියලා.

දැන් ඔන්න මීඩියා කට්ටියත් එකතු කරගෙන  මාර යුද්ධයයි. හැම ගෙදරකම කිරි හරකෙක් හදන්න ඕනී කියන ගමන් රට කිරි  හම ගහන්න පටන් ගත්තා. රට කිරිවල කිරි මේදය බටර් චීස් හදන්න ඉවත් කරගෙන ඒ වෙනුවට  ඌරන්ගේ බැටළුවන්ගේ හරක්ගේ සත්‍ව මේදය  එකතු කරනවාලු.කිරි වෙනුවට අපි බොන්නේ කිරිපාට දියරයක්. මේ රටේ කොලොස්ටරෝල් , පිලිකා, සෙම් රෝග වගේ   රෝග වැඩිඩෙලා තියෙන්නේ මේ කිරිපිටි බිව්වම. මීඩියා කට්ටිය පෝෂණ විශේෂඥයෝ , වෛද්‍යවරු වට කරගෙන රටට කිරිපිටි අප්පිරියා කරන්න මර යුද්ධයයි.

ඒත් එක්කම රජ්ජුරුවන්ගේ සත්ව නිෂ්පාදන අමාත්‍යාංශයයි, කෂිකර්ම අමාත්‍යාංශයයි රටේ මිනිස්සුන්ගේ ආර්ථිකේ සංවර්ධණය කරන අමාත්‍යාංශයයි “හැම ගෙදරකටම හර‍කෙක්” කියලා තේමා කර ගෙන හරක් හදන්න ව්‍යාපෘති පටන් ගත්තා. මේ තේමාව නම් අපූරුයි කියලා ජනතාව තේරුම් ගත්තා.ඇයි ඉතින් ජනතාවටත් හේතු තියෙනවානේ එහෙම හිතන්න.

දැන් රටම කිරියෙන් ඉතිරිලා. කිරි වලට කරන්න දෙයක් නෑ. මාධ්‍ය කට්ටිය කියන්න පටන් ගත්තා. ඒත් රටේ මිනිස්සු තාම බොන්නේ සුද්දන්ගේ කිරිපිටි. මාධ්‍ය කට්ටිය කියන තරමටම රටේ කිරි උතුරලා නැහැ.

සුද්දෝ දවසින් දවස කිරිපිටි වල ගනන් උස්සනවා. රටට කිරිපිටි ගෙන්වන කොම්පැණි කාරයෝ ඔක්කොම කිරි මේ රටට ගේන්නේ සුද්දන්ගේ කොම්පැණි එක දෙකකින්. මෙහාට එනකොට තමයි රටේවත් නැති නම් ලැබෙන්නේ. හරියට අම්මලා තාත්තලා ලමයින්ට නම් තියන්නා වගේ එකෙක් පබිලිස් අනිත් එකා සියදෝරිස් , තවත් එකෙක් සිරිබිරිස් වගේ.

දවසින් දවස කිරිපිටි වැඩිවෙනවා .මිළ වැඩි වීම ජනතාවට උහුලන්න බැහැ. ආයෙත් කිරිපිටි ගෙන්වන මේ රටේ කොම්පැණිකාරයෝ මිළ වැඩිකරගන්න මාන බලනවා. රජ්ජුරුවන්ට මාර ප්‍රශ්ණයක්. රජ්ජුරුරුවෝ නස්රුදීන් ගෙන්නලා ඇහුවා කොම්පැණිකාරයාගේ ප්‍රශ්නේ විසදලා දෙන්නේ කොහොමද කියලා. කිරිපිටි වල ගාන වැඩිකරන්නත් ඕනී. ජනතාවට නොදැනෙනත් ඕණී.කියලා කොන්දේසියකුත් දැම්මා.

නස්රුදීන්ගේ උපදෙස ක්‍රියාත්මකවුනා. හැටන් එකේ මිනිස්සු කිරි බවුසර් ගෙනත් කිරිවලින් නෑවා. රටේ ජනතාව කිරි නෑම ගැන කතාකර හිටියා. හිතන්නත් බැරි ගානකින් කිරිපිටි ගනන් ගියා.

කොහොමද ? නස්රුදීන්ලාගේ  වැඩ.

Advertisements

One comment on “නස්රුදීන්ගේ කිරිපිටි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )